IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


රටක් හදන්න මැජික්වලට පුළුවන්ද?

ජනපතිවරණයට සූදානම් ද?, පක්ෂයේ අයට මන්ත්‍රීකම් එපාවීම, සජබ කොටසක් ජනපති ළඟට යනවද?, විරෝධතා උද්ඝෝෂණ නොකරන්නේ ඇයි? යනාදී දේශපාලන කාරණා සම්බන්ධව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එජාපයට ප්‍රකාශයක් කර තිබෙනවා. මැතිවරණ ඉල්ලමින් හඬ නගන සජබට මේ ගැන ඇති දේශපාලන කියවා ගැනීම කුමක්ද?

පිළිතුර:- සමගි ජනබලවේගය මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට මැතිවරණ ඉල්ලා සිටි බව ඇත්ත. ගෝඨාභය ජනාධිපතිධුරයෙන් නෙරපීමත් සමඟ පාර්ලිමේන්තුවේ ජනමතයේ විකෘතියක් ඇතිවූ බව කවුරුත් පිළිගන්නවා. ගෝඨාභයට ලැබුණු හැට නව ලක්ෂයේ ආශිර්වාදයෙන් පොදුජන පෙරමුණට තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තු බලයක් ලැබුණා. ගෝඨාභයට ඇති වූ විරෝධයම ඒ පාර්ලිමේන්තු බලයටත් එල්ල වුණා. ගෝඨාභය යන්නත් කලින් පොහොට්ටු මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩි වුණේ ඒ නිසයි. ජනමතයට පිටුපාන්න බැරි නිසා ඔවුන් එසේ කළා. අපි ජනාධිපතිවරයාට කිව්වේ මේ පාර්ලිමේන්තුවට ජනමතයක් නැති නිසා එය විසුරුවා තමන් කැමැති කණ්ඩායමක් එක්කර ගන්න ජනතාවට අවස්ථාව දෙන්න කියලයි. ඒත් ඒක කළේ නැහැ. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය අගෝස්තු මාසයේ ගැසට් කර සැප්තැම්බර් මාසයේ මැතිවරණය පැවැත්විය යුතුයි.

 

ප්‍රශ්නය:- මහ මැතිවරණයකට මිස ජනාධිපතිවරණයකට සජබ සූදානමක් නැහැ කියලද ඔබ කියන්නේ?

පිළිතුර:- නැහැ. එන ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. ඒ වගේම ඒ මැතිවරණ ජයගන්න පුළුවන් කියන දැඩි විශ්වාසයත් අපට තිබෙනවා. ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය ඒවි කියන විශ්වාසය සමහරුන්ට තිබෙනවා. ඒ කුමන මැතිවරණයක් පැවැත් වුවත් අපේ පක්ෂය ඒවාට මුහුණ දෙන්න ලෑස්තියි.

 

ප්‍රශ්නය:- වත්මන් ජනාධිපතිවරයා ජාතික අපේක්ෂකයා නැතිනම් පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත්වන බවට ඉඟි පළවෙනවා. එවැනි තැනකදී සජබ ස්ථාවරය කුමක් විය හැකිද?

පිළිතුර:- සජබය ප්‍රධාන විපක්ෂය හැටියට ජනාධිපතිවරණයට අපේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිටත් නම්කර තිබෙනවා. සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් සජබ සමග එකතුවන අනෙක් පක්ෂවලත් කැමැත්ත එතුමට ලැබී තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා නිර්පාක්ෂික අපේක්ෂකයා හැටියට ඉදිරිපත්වන බව ප්‍රකාශ කර තිබුණා. ඒ මොනවා වුවත් මේ වනවිට අපි පක්ෂයක් හැටියට ගත් තීන්දුවක් තිබෙනවා. ඒ තීන්දුව අනුව අපි ඉදිරි කටයුතු කරමින් සිටිනවා.

 

ප්‍රශ්නය:- මේ වනවිට ජනපතිධුර අපේක්ෂකයන් ගණනාවක් කරළියට පැමිණ සිටිනවා. කලින් කරළියට එන අපේක්ෂකයන් පරාදවෙන බවට මතයකුත් තිබෙනවා. ඔබලාගේ සූදානම කල් වැඩි නැද්ද?

පිළිතුර:-  මේ වනවිට රටේ සියයට පනහක් පමණ හරි  මතයක නැහැ. පාවෙන තත්ත්වයක් දැකගන්න පුළුවන්.. ජනාධිපතිවරණයකදී මේ රට ඉදිරියට ගෙනයන්න හැකියාව ඇති කෙනෙක් දිහා ජනතාව බලනවා. බලාපොරොත්තු රාශියක් තබාගෙන හැටනව ලක්ෂයක් ගෝඨාභයට ඡන්දය දුන්නා. තරුණ පරපුර එහි ප්‍රධාන කොටසක්. ඔවුන් තාප්පවල චිත්‍ර ඇන්දා. බලාපොරොත්තු ගොන්නක් තිබූ ජනතාවක් මේ රටේ සිටියා. වසරක් දෙකක් යනවිට ඒ සියල්ල කඩා වැටුණා. ඒ නිසා මේ වෙලාවේ ජනතාව ඉතාම බුද්ධිමත්ව තීරණ ගනීවි. දේශපාලන ක්ෂේත්‍රයේ සිටියේ නැති අය ආයෙත් ගෙනත් අමාරුවේ වැටෙනවාද කියා ජනතාව දහස් වාරයක් සිතිය යුතු අවස්ථාවක් උදාවී තිබෙනවා. අපේ අපේක්ෂකයා කොහොමත් ජනතාව අතර සිටින නායකයෙක්. ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින කෙනෙක්. එනිසා අපේ සූදානම කල්වැඩියි කියා කියන්න බැහැ.

 

ප්‍රශ්නය:- සජබ කොටසක් ජනපතිගේ සහායට යන බවට කතාව තවමත් දේශපාලනයේ තිබෙනවා. එවැනි තත්ත්වයකදී ඉදිරි මැතිවරණ ජයගත හැකිවේද?

පිළිතුර:- මැතිවරණයකදී එහාට මෙහාට පිල් මාරුවීම් තිබෙන්න පුළුවන්. මේ ජනාධිපති පත්වූ දිනයේ පටන් සජබ කොටසක් යන බව කියනවා. දෙන්නෙක් නම් ඒ වෙලාවේ ගියා. තව පෝය දෙකකින් සජබ අය ආණ්ඩුවට යන බව හැරිසන් මහත්මයා එදා කිව්වා. එහෙත් එහෙම දෙයක් මේ දක්වා වුණේ නැහැ. ඒත් වෙනත් පක්ෂවල සිටින අයට සුදුසුයි කියන අය මේ වනවිට සජබත් සමග එකතු වෙමින් සිටිනවා. ඒක බොහොම පැහැදිලිව කියන්න පුළුවන්.

 

ප්‍රශ්නය:- අලුතෙන් එන අයට තැන දෙන්න ගිහින් පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද හටගෙන නේද? පක්ෂයේ අය කලකිරිලා නේද?

පිළිතුර:- එනවා කියන හැම කෙනාම ගන්න අපි ලෑස්ති නැහැ. යම් යම් චෝදනාවලට ලක්වූ පිරිසක් මෙරට දේශපාලනයේ ඉන්නවා. ඒ අයට සමාජයේ ලොකු විරෝධයක් තිබෙනවා. ජනතා විරෝධයට ලක්වෙන අය අපේ ගොඩට එකතු නොවන ආකාරයට පිරිස් එක්කර ගැනීමට අපේ පක්ෂය තීරණය කර අවසන්.

 

ප්‍රශ්නය:- ප්‍රධාන විපක්ෂය සජබ වුණාට දැන් රැල්ල ගහන්නේ ජවිපෙ ප්‍රමුඛ ජාජබට නේද? මේක අභියෝගයක් නෙමෙයිද?

පිළිතුර:- ගෝඨාභයට එරෙහි අරගලය වෙලාවේ එයට නායකත්වය දුන්නේ අපි. ‘ගෝඨා ගෝ හෝම්’ කියන ස්ලෝගන් එක ගෙනත් ඒ විරෝධය ආරම්භ කළේ අපි. ඒ වගේම හිරුණිකා ඇතුළු අපේ කාන්තා අංශය තමයි ගෝඨාභයගේ නිවස අසලට ගොස් විරෝධය දැක්වූවේ. ජනතාව එළියට ගන්න ලොකු කාර්ය භාරයක් කළේ අපි. එහෙත් දැන් වෙනත් කණ්ඩායම් ඒවට අයිතිවාසිකම් කියන්න පටන් අරන්. අද තිබෙන්නේ වෙනද තිබුණ වගේ සාමාන්‍ය දේශපාලන වාතාවරණයක් නෙමෙයි. අපි දන්න ඉතිහාසයේ ඡන්දෙන් පත්වූ පාලකයකු නෙරපා දමා පාර්ලිමේන්තුවෙන් පත්වූ ජනාධිපතිවරයෙක් රට පාලනය කරන තත්ත්වයක් තිබෙනවා. ඉන්ධන, ගෑස් පෝලිම් අපි දැක්කා. විදුලිය නැතුව පැය 13ක් අඳුරේ ඉන්න ජනතාවට සිදුවුණා. ඒ නිසාම ජනතාව පාරට බැස පාලකයන් නෙරපා දැම්මා. අද අපි දේශපාලනය කරන්නේ එවැනි පසුබිමක. ඒ නිසා රටේ ජනතාවට අමාරුකම් රැසක් තිබෙනවා. ජනතාවට ජීවත්විය හැකි තත්ත්වයක් රටේ නැහැ. යහපාලන ආණ්ඩුව කාලෙ මිලදී ගත් භාණ්ඩ ටික ගන්න අද වනවිට ඒ වගේ තුන් ගුණයක මුදලක් අවශ්‍යයි. එහෙත් ජනතාවගේ ආදායම් වැඩිවී නැහැ. ඇතැම් අයට ආදායම් අහිමිවෙලා. ලක්ෂ ගණනකට රැකියා අහිමිවෙලා. ජනතාව ජීවත්වන්නේ විශාල පීඩනයකින්.

 

ප්‍රශ්නය:- තිබෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්නයි ජාජබ බලය ඉල්ලන්නේ. වංචාවට දූෂණයට තිත තබා සුපිරිසුදු පක්ෂයක් හැටියට සුපිරිසුදු පාලනයක් ඇති කරන්නට යාම ඇත්තටම අභියෝගයක් නෙමෙයිද?

පිළිතුර:- ජනතාව ඉතාම පීඩාකාරී තැනක සිටින විට නොයෙක් දේවල් කියා ඔවුන් රවටන්න පුළුවන්. මැජික් පෙන්නනවා වගේ මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැහැ. ක්ෂණික නූඩ්ල්ස් වගේ රටේ ප්‍රශ්නවලට උත්තර දෙන්න හදනව නම් ඒක තරම් විහිළුවක් තවත් නැහැ. 2019 තිබූ තත්ත්වයට මේ රට පත් කරන්න අඩුම ගණනේ අවුරුදු හතරක් පහක් යනවා. ඒ නිසා නැවත ජනතාව රවටා, මැජික් පෙන්නන්න ගියොත් තිබුණටත් වඩා විනාශකාරී තැනකට මේ රට පත්වෙනවා. ජවිපෙ දර්ශනය ක්‍රියාත්මක කරන කියුබාවේ අද තත්ත්වය මොකක්ද? උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළගොස් තිබෙනවා. ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට ගිය සතියේ එරට රජය තීරණයකර තිබුණා. එරට ජනයා මුහුදට පැන ඇමෙරිකාවට පීනා යන තත්ත්වයක් ඇතිවෙලා. අනුගමනය කළ ප්‍රතිපත්ති නිසා ඉතාම අසාර්ථක රටක් බවට කියුබාව පත්වෙලා.

 

ප්‍රශ්නය:- ජනතාව ඉතා අමාරු තත්ත්වයකින් පසුවන බව ඔබ සඳහන් කළා. මේ තත්ත්වයෙන් රට මුදා ගනිමින් ජනාධිපතිවරයා කටයුතු කරනවා කියා ඔබලාට අවබෝධයක් නැතිද?

පිළිතුර:- නැහැ. රටේ ඇතිවී තිබෙන තත්ත්වයට වත්මන් ජනාධිපතිවරයා ඍජුව වගකිව යුතුයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. වසර 75ක් අනුගමනය කළ ක්‍රමයේ වරදින් මේවා වූ බව මාලිමාවේ අය කියනවා. එහෙම නම් ඒ අය කියන මතය ගෙනයන කියුබාව අද තිබෙන්නේ කොතැනද කියා අපට අහන්න පුළුවන්..

රට බංකොලොත් කළේ කවුද කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබෙනවා. යහපාලන ආණ්ඩුව කාලෙ එෆ්සීඅයිඩීය හදා හොරු අල්ලන වැඩේ අනුර කුමාර ප්‍රමුඛ කණ්ඩායමට බාරදී තිබුණා. ඒ අය ඇල්ලූ හොරු කවුද? යම් යම් පියවර ගත්ත බව ඇත්ත. රාජපක්ෂ පරම්පරාවම දේශපාලනයට ගේන්න කටයුතු කළේ ජවිපෙයි. එදා මහින්දගේ ප්‍රචාරණ වැඩපිළිවෙළ ගම් මට්ටමින් බිම් මට්ටමින් ගෙන ගියේ ඔය අය. රට බංකොලොත් කළේ මහින්ද ප්‍රමුඛ අයනම් එයට වක්‍රව නෙමෙයි ඍජුවම ජවිපෙත් වගකිව යුතුයි. 71 පටන් ඒ කටයුත්ත මේ අය කර තිබෙනවා. වත්මන් ජනපති යම් යම් සාධනීය පියවර ගත්තත් ඒවා ප්‍රමාණවත් කියා සිතන්න බැහැ.

 

ප්‍රශ්නය:- බදු ගැසීමට, විදුලි බිලට, පීඩනයට එරෙහිව ජාජබ විරෝධය දක්වද්දී සජබ ඉදිරියට නොඑන්නේ ආණ්ඩුවත් සමග ඩීල් එකක් නිසාද?

පිළිතුර:- අපට එහෙම ඩීල් නැහැ. ඔය කියන අය මීට පෙර විවිධ උද්ඝෝෂණ කළා. එහෙත් රනිල් ජනපති වූ පසු බොහොම නිහඬව ඔවුන් දේශපාලන ගමනක් යනවා. වෙනද පාරේ සිටි ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම ලොකු උද්ඝෝෂණයක් කොතැනකවත් කළේ නැහැ. රනිල් ජනපති වූ පසු ඔය අය ගෝල්ෆේස් එකට එක පාරක්වත් ආවේ නැහැ. පැවැත්මට පොඩි පොඩි දේවල් නම් කරනවා. පවතින පීඩනයට එරෙහිව රට තුළ ලොකු විරෝධයක් ගොඩනගන්න මේ අය දායක වෙන්නේ නැහැ. එහෙත් සජබ අපි මේ රට තිබූ තැනින් ඉදිරියට ගන්න ජනපතිට අවස්ථාවක් දුන්නා. ජනතාව ජීවත් කරවීමට ආණ්ඩුව ගන්න හොඳ වැඩවල දී අපි වගකිවයුතු විපක්ෂයක් හැටියට සහාය දෙනවා. වැරැද්දෙදි විරුද්ධව නැගී සිටිනවා.

ප්‍රශ්නය:- ඉදිරි මැතිවරණයකින් බලය ලැබුණොත් රටේ ප්‍රශ්න විසඳා ජනතාව නගා සිටවන්න වැඩ පිළිවෙළක් සජබට තිබේද? රට හදන්නේ කොහොමද?

පිළිතුර:- අපි මැජික්කාරයෝ නෙමෙයි. එහෙත් මේ වනවිට මේ රට ගොඩගත හැකි හොඳම කණ්ඩායම ඉන්නේ සජබ සමගයි. සෑම අංශයකින්ම මේ රටේ ජනතාව පිළිගන්න හැකියාව පළපුරුද්ද ඇති කණ්ඩායමක් අපට සිටිනවා. මැජික්කාරයන්ට මේ රට ගොඩගන්න බැහැ. එහෙම අය ගැන සිතලා තමයි මේ රට මෙතැනට වැටුණේ. සියලු දෙනා එක්වී කළයුතු වැඩ කොටසක් තිබෙනවා. රට හදන ඉතා පැහැදිලි වැඩ පිළිවෙළක් අප සතුයි.

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (0)

රටක් හදන්න මැජික්වලට පුළුවන්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 480 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 383 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 294 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1421 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 74 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 676 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 579 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 151 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site