IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


සංචාරක ව්‍යාපාරය නංවන්න තව තවත් රුකුල් දෙමු

ශ්‍රී ලංකාව මෙම වසරේ තනි සංචාර සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර සිවුවැනි ස්ථානයට පත්ව ඇතැයි ලොව සුප්‍රකට ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව ප්‍රකාශයට පත්කර තිබේ. ෆ්ලෑෂ් පැක් සංචාරක වෙබ් අඩවිය කළ ඇගයීමක් උපුටා දක්වමින් මේ තොරතුරු අනාවරණය කර ඇතැයි ද අප පුවත්පත සඳහන් කර තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ඉහළින් සිටින සෙසු රටවල් වන්නේ ජපානය, ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව පමණි.

සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට මෙවැනි ආකාරයේ ජාත්‍යන්තර මට්ටමින් සිදුකෙරෙන ඇගයීම් ලබා දෙන්නේ විශාල උත්තේජනයකි. විවිධ රටවල සංචාර සඳහා පැමිණීමට සැලසුම් කරන බොහෝ විදේශිකයන් ඒ පිළිබඳ තොරතුරු සොයාගන්නේ තමන් විසින්ම නිසා මේ ඇගයීම්වලට වඩාත් වටිනාකමක් ලැබෙයි.

විදෙස් සංචාර සම්බන්ධයෙන් වර්තමානයේ අලු‍ත්ම ප්‍රවණතා ඇතිවෙමින් තිබේ. විශාල කණ්ඩායම් වශයෙන් රට රටවල සිදුකරන සංචාරවලට අමතරව සුළු කණ්ඩායම් වශයෙන් ද දෙදෙනකු හෝ තනි තනිව හෝ ආකාරයට තම සංචාර සැලසුම් කරන්නෝ ද වෙති. මේ ඇතැමුන් සියලු‍ සැප පහසුකම් සහිත විශාල හෝටල්වල ලැඟු‍ම් ගන්නේ නැත. කැලෑ ඇතුළේ නවාතැන්පොළ හෝ නිවෙස්වල කාමර හෝ මේ සමහරුන්ගේ වාසස්ථාන වෙයි.

මේ අලු‍ත් ප්‍රවණතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද සිය අවධානය යොමුකිරීම අවශ්‍ය වන්නේ ලොව ජනප්‍රියම සංචාරක ගමනාන්ත අතර ඉහළින්ම රැඳී සිටීම සඳහා එය නිසැකවම ඉඩ විවර කරනු ලැබීම නිසාය. එසේම සංචාරකයන්ගේ සැබෑ අවශ්‍යතා හොඳින් වටහාගෙන ඔවුන්ට තමන්ගේ සංචාරය සදානුස්මරණීය මතකයක් වශයෙන් තබාගැනීමට ඇවැසි සියලු‍ සත්කාර සිදුකිරීම ද අවශ්‍ය වෙයි. එසේම ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකළ යුතුය. ඔවුන් සතු වටිනා භාණ්ඩ සහ මුදල් සොරාගැනීමට ඉඩ තැබිය යුතු නැති අතරම සංචාරක කාන්තාවන්ට හිරිහැර වන සේ කටයුතු කිරීමෙන් සියලු‍ දෙනා වළක්වා ගැනීම ද අවශ්‍යය. මෑත කාලයේදී සංචාරක කතුන්ට එරෙහිව සිදුවූ ලිංගික බලහත්කාරකම් සම්බන්ධ පැමිණිලිවල වර්ධනයක් තිබීම සැලකිල්ලට ගැනීමේදී ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුවිය යුතු බව පෙන්වා දිය යුතුය.

අපගේ ආර්ථිකය අඳුරු වළාවක් සේ සැලකුවහොත් සංචාරක කර්මාන්තයේ වර්තමානයේ පවතින වර්ධනය රිදී රේඛාවකි. 2023 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් විසින් රටට උපයා දී ඇති වත්කම ඩොලර් බිලියන 02ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලු‍ත්ම වාර්තාවලින් පෙන්වා දී තිබීම එයට හේතුවය. එම ආදායම ඊට පෙර වසර සමඟ සසඳන කල සියයට 82ක වැඩිවීමකි. 2019 වසරට පසුව සංචාරක ව්‍යාපාරය අප රටට උපයා දුන් ඉහළම ආදායම වශයෙන් ද එය සැලකෙයි. අප රටේ සංචාරක ව්‍යාපාරය බින්දුවට වැටී තිබූ වකවානුව සලකා බලන විට මෙය වසර තුනකට පසුව ලබාගත් විශාල ජයග්‍රහණයකි. ලංකාව සංචාරයට සුදුසුම ගමනාන්තය වශයෙන් සැලකුම් ලබන සිවුවැනි රට වීම සංඛ්‍යාලේඛන මගින් ද නිල වශයෙන් තහවුරු කර ඇත.

සංචාරක ව්‍යාපාරය මේ වසර ආරම්භයේදීම රටට ලබා දී තිබුණේ සුබ පණිවුඩයකි. ඒ අනුව ජනවාරි පළමු දින හතරේ පමණක් සංචාරකයන්ගේ පැමිණීම 25,000 ඉක්මවා තිබූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ දත්ත මගින් පෙන්වා දී තිබිණි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මුල් සතිවල සංචාරකයන්ගේ පැමිණීම දෙගුණයක් වී ඇතැයි ද එම සංඛ්‍යා ලේඛන හෙළි කර තිබේ. මේ සියලු‍ කාරණා රටේ ආර්ථිකයට ලබා දෙන්නේ ලොකු ගැම්මකි.

මේ සියලු‍ වාර්තා, දත්ත සහ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ අප රට තුළ සංචාරක කර්මාන්තය විශාල පිබිදීමකට ලක්වෙමින් තිබෙන බවය. එම පිබිදීම එලෙසම පවත්වා ගැනීමේ භාරදූර වගකීම සංචාරක අමාත්‍යංශයටත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියටත් හෝටල් සම්මේලනයටත් පැවරෙයි. ඒ සියලු‍ ආයතනවලටත් වඩා මේ වගකීමේ භාරකරුවන් වන්නේ සංචාරක කර්මාන්තය හා සහසම්බන්ධව සිටින ජනතාවයි. ඔවුන් තමන්ගේ වගකීම් පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කළහොත් එහි පල විපාක පොදු වශයෙන් මුළු රටටම බලපාන බව සිහි තබා ගැනීම අවශ්‍ය ය.

 

(***)



අදහස් (0)

සංචාරක ව්‍යාපාරය නංවන්න තව තවත් රුකුල් දෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 166 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 264 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 209 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 870 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 50 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 609 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 475 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 125 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site