පිරිසිදු බව, කෘතවේදිත්වය, සෞභාග්‍යය සතුට සහ සමගිය උදා කරවන තෛපොංගල් උත්සවය අනාදීමක් කාලයක සිට දෙමළ, හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එබැවින් අදට (15) යෙදෙන තෛපොංගල් උත්සවය ගැන විග්‍රහයක් කිරීම මෙම ලිපියේ අරමුණයි.
ප්‍රස්ථාව පිරුළු
තෛපොංගල් උත්සවය නිසා දෙමළ හින්දු සමාජයේ අනාදිමත් කාලයක සිට පැවත එන සුප්‍රසිද්ධ ප්‍රස්ථාව පිරුළක් වේ. එනම් ‘‘ තෛ පරින්දාල් වලි පිරක්කුම්’’ තෛ පොංගල් නිසාම මෙම ප්‍රස්ථාව පිරුළ නිර්මාණය වී ඇති බව පෙනේ. ‘තෛ’ යනුවෙන් හැඳින්වෙන්නේ දුරුතු මාසයයි. පිරන්දාල් යන්න උදාවීමය. මෙහිදී ‘‘වලි’’ යනුවෙන් හැඳින්වෙන්නේ ‘‘මාවත’’ ‘පාර’ යන අර්ථයයි. මෙය සම්පූර්ණයෙන් සිංහලයට නැගුවිට අර්ථය වන්නේ ‘‘දුරුත්ත ලැබූවිට මාවත විවර වේ’’ යන්නය.
තෛපොංගල් සංක්‍රාන්තිය
සිංහල හින්දු අලුත් අවුරුද්දට අවුරුදු සංක්‍රාන්තිය සිදුවන බව අපි දනිමු. තෛපොංගල්වලට සිදුවන සංක්‍රාන්තිය මකර සංක්‍රාන්තිය ලෙස හැඳින්වේ.
තෛමාසයේ එනම් සිංහල ක්‍රමයට දුරුතු මාසයේ පළමුවන දින සූර්යයා ‘ධනු’ රාශියේ සිට මකර රාශියට සංක්‍රාන්තිය සිදුවෙයි. මෙම දුරුතු මාසයේ සිට පොසොන් මාසය තෙක් එනම් දෙමළ ක්‍රමයට තෛමාසයේ සිට ‘ආනි’ මාසය තෙක් හිරු උතුර බලා ගමන් කරන හෙයින් උත්තරාසන කාලය ඇතිවේ. මේ කාලයේදී හිරුගෙන් බොහෝ ශක්තිය ලැබෙන බව දෙමළ හින්දූහු විශ්වාස කරති. මේ නිසා පොළවේ පවතින බව භෝගවල අස්වැන්න ලැබෙන්න පටන් ගනී. මේ නිසාම සූර්යයාට කෘතවේදීවීමට ‘ඉන්දු’ උත්සවය නොහොත් ‘ඉන්දු විලා’ පැවැත්වීම ඈත අතීතයේ සිටම හින්දුන්ගේ සිරිතයි.
දින හතරක් තෛපොංගල්වලට
‘උඳුවප්’ මාසය නොහොත් ‘මාර්කලි’ මාසයේ අවසාන දිනයෙන් ආරම්භ වන උත්සවය දින හතරක් තිස්සේ කෙරෙන උත්සවයක් බව සංගම් සාහිත්‍ය කෘති හා ඓතිහාසික කරුණු අනුව පෙනී යයි. මෙම උත්සවයේ දින හතර දෙමළ හින්දුන් සමරනුයේ මෙසේය.
පළමු දින. පොහි පණ්ඩිගෛ, දෙවැනි දින පොංගල් පණ්ඩිගෛ,
තෙවැනි දිනය මට්ටුප් පොංගල්, හතරවන දිනය කාණුම් පණ්ඩිගෛ,
පෝහි පණ්ගෛ
පෝහි පණ්ඩිගෛ යනු නිවසේ තිබෙන පැරණි වූ සියලුම දෑ ගිනි ගොඩක් ගසා පුළුස්සා දැමීමය. මෙය දකුණු ඉන්දියාවේ ඉතා උත්කර්ෂවත් අන්දමට සමරති. ගෙමිදුලේ ගිනි ගොඩක් ගසා නිවසේ පැරණි වූ පැදුරු, වට්ටි, පෙට්ටි, තහඩු ආදි සියලුම දෑ පැරණි රෙදිද එම ගිනි ගොඩට දමා පුළුස්සා දමති. මෙම උත්සවයට නැදෑ මිතුරන්ද එක්කර ගැනේ. ලංකාවට වඩා දකුණු ඉන්දියාවේ මෙය උත්සවාකාරයෙන් සිදුකරනු ලබන ක්‍රියාවකි.
පොංගල් පණ්ඩිපෙගෛ, (තෛපොගල් උත්සවය)
දින හතරක් තිස්සේ සිදු කරනු ලබන උත්සවයේ දෙවැනි දිනය වෙන්වී ඇත්තේ පොංගල් උත්සවයටය. මෙය සූර්ය දිව්‍ය රාජයා පිදීමේ උත්සවයයි.
මේ සඳහා ජනතාව තමාගේ නිවෙස්වල මිදුලේ නැගෙනහිර පැත්තට වන්නට හිරු එළිය වැටෙන භූමි භාගයක් තෝරාගෙන එම කොටසේ ගොම මැටි පිරියම් කර අලංකාර කෝලම් රටා (මල් රටා) දමා ගනිති. මෙම මල් රටා දමා ගැනීමේ පරමාර්ථයක් ඇත. එනම් මේ මල් රටා දමනු ලබන්නේ හාල් පිටිවලිනි. මෙසේ හාල් පිටිවලින් එය සිදුකරනු ලබන්නේ පොළවේ ජීවත්වන කෘමි සතුන්ට ආහාරයක් වීම සඳහාය.
ඉන් අනතුරුව එම පෙදෙසෙහි අලුත් ළිපක් බැඳ ගනිති. ඊට ප්‍රථම ගොම පිරියම් කළ භූමි භාගය අලංකාර කිරීමට සතර කොනේ කෙසෙල් ගස් සිටුවා ගොක් කොළ, අඹ කොළ, කහ කොළ, ඉඟුරු කොළ, පොල්පලා, උක්දඩු, කහ ආදියද යොදා සැරසිලි කර ගනිති. ලිපි ගිනි මොළවා කිරි උතුරුවා ගනිති. ඉන් පසු කිරි උතුරාගෙන එන අවස්ථාවේ නිවසේ සියලු දෙනාම එක්වී හිරු දෙවියන් බලා පොංගලෝ පොංගෙල් යනුවෙන් හඩ නගා කියති.
ඉන්පසු එම මුට්ටියම භාවිත කොට කිරි බතක් පිස ගැනීම සඳහා නිවසේ ගෘහ මූලිකයා සමඟ සෙසු අය එක් වෙති. ප්‍රථමයෙන් උතුරා ගිය කිරට ගෙදර ගෘහ මූලිකයා විසින් අලුත් සහලක් එනම් අස්වැන්නෙන් ගත් නැවුම් සහලක් හොඳට සෝදා මුට්ටියට දමයි. පසුව සෙස්සෝද ඉතිරි සහල් මුට්ටියට දමති. ඉන්පසු කිරිබතට අවශ්‍ය හකුරු ගිතෙල් කජු මුද්දරප්පලම් ආදිය යොදා කිරිබත සකස් කර ගනිති. ඉන් පසු එම භූමි භාගයේම කොටසක කෙසෙල් කොළයක් මත සූර්ය දිව් රාජයාට පුදනු ලබති. මේ පිදිල්ලට පොංගල් උත්සවය නිමිත්තෙන්ම සාදාගත් උඳුවඩේ, මුරුක්කු, මෝදගම්, කෙසෙල් ගෙඩි, වෙනත් රස කැවිලි ආදියද ද පුදනු ලබති.
අනතුරුව නිවසේ දේව මන්දිරයේ ඇති පුල්ලයාර් දෙවියන් (ගණ දෙවියන්) ඇතුළු සියලුම දේව මණ්ඩලයට ද මේ ආකාරයටත් කිරිබත පුදනු ලබති. සියලුම දෙනා එක්වී දෙවියන්ට වන්දනා මාන කරති. පසුව නිවසේ සියලුදෙනාම එකතු වී කිරිබත රස විඳිති. මේ දිනයේ වැදගත් කාර්යයක් වන්නේ කෝවිල් යාමයි. කෝවිල්වලට ගොස් මවුපියන්ට නමස්කාර කොට ඉන්පසු කෙලි සෙල්ලම්වලට සහභාගි වෙති.
මාට්ටුප් පොංගල් (තෙවැනි දිනය) (ගවයන් උදෙසා ඉටුකරන සත්කාර) මෙම උත්සවය වෙන්වී ඇත්තේ ගොවිතැනට උදව් උපකාර කළ මහීෂාදීන් පිදීම උදෙසාය. මෙය මාට්ටුප් පොංගල් නමින් හඳුන්වන අතර පට්ටි පොංගල්ද වේ. කිරි ඉතිරවීමකින් කිරිබතක් සදා ගැනීමෙන් එය දෙවියන්ට පිදීමෙන් හා ගව මහීෂාදීන්ට කැපවීමෙන් මෙම උත්සව නිමාව දකී.
මෙම උත්සවයේ විශේෂත්වය වනුයේ හරකුන්ගේ උස්පාත්කම් ක්‍රෝධය හෝ වෙනත් වෙනස් කම් අමතක කර නව අස්වැන්නක් ලබා ගැනීමටත් නව සමය පිළිගැනීමටත් හරකුන් සූදානම් කරති.
මේ සඳහා ගවයන්, එළුවන් නහවා පිරිසුදු කර අංවලට වර්ණ ආලේප කොට ගෙලට මල්මාලා පළඳවති. නළලට කුංකුම තිලකයක්ද තබති. එමෙන්ම ගව පට්ටි සුද්ද පවිත්‍ර කර ගනිති. ඒවාගේම එළු, ගව පට්ටි ගොක් කොළ, අඹ කොළවලින් සරසා ගනිති. ඉන් අනතුරුව ආගමික වතාවත් සිදුකොට කිරි උතුරුවා කිරිබත පිස දෙවියන්ට පූජා පවත්වා අනතුරුව ගවයන්ට කිරිබත් කවා පොදු සත්කාර කරනු ලබති. එදින කිසිදු ගවයෙක් වැඩට නොයොදති.
කාණුම් පණ්ඩිගෛ
මේ පොංගල් උළෙලේ හතරවන දිනයයි. මෙම උත්සවය කාන්තාවන් උදෙසා සිදුකරන උත්සවයක් බව සඳහන්ය.
පොංගල් මුට්ටුයේ බඳින ලද කහ කැබැල්ල ගෙන වැඩිහිටියන් පස් දෙනෙකුට දී තමන්ගේ නළලෙහි ගාවා ගනිති. වැඩිහිටි අය නැතිවුවහොත් තම සැමියාට දී ගා ගෙන ආශිර්වාද කර ගනිති. මෙදින කාණුම් පිංඩවල් තැබූ පසු කාන්තාවන් ස්නානය කර අලුත් ඇඳුම් ඇඳීම සිරිතකි.
සෑම ළඳක්ම කාණුම් පොඩි(කාණුම් පිණ්ඩ) තැබීමට කෙසෙල් කොළය මත එළිමහනක හෝ ගංගා තීරයක නැගෙනහිර පැත්තට වන්නට තබා ගනිති. කාණුම් පිණ්ඩ සාදා ගනු ලබන්නේ පිසින ලද කිරිබත්වලිනි. මෙම පිණ්ඩ තබා මෙසේ ප්‍රාර්ථනා කරති.
‘කාක්කා පිඩි වෛත්තේන් - කානුම් පිඩි වෛත්තෙන්
උන් කූඩම් කලෛන්දාලුම්’’ - එන් කූඩම් කලෛයිදු
‘‘කපුටන් හට බත් පිඩක් - හොඳට අනපු බත් පිඩක්
නුඹේ කූඩුව විසිර ගියත් - මගේ කූඩුව විසිර නොයත්
(***)
දෙමළ පණ්ඩිත්,
පන්මොළිවිත්තහර් පන්මොළි පුලවර් සාහිත්‍යවේදි දෙමළ ජනශ්‍රැති පර්යේෂක
මඩුළුගිරියේ විජේරත්න.
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සොබාදහමට කළගුණ දක්වන “තෛපොංගල්“