නව වසරේ අභියෝග ත්‍රිත්වයක්
වසර 2024 දී මුහුණ දීමට සිදු වෙන ආර්ථික, සමාජ සහ දේශපාලනික අභියෝග අවබෝධ කර ගත හැක්කේ 2023 දී අප කළ කී දේ අනුවය. 2023 දී ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති අතරින් යහපත් ඒවා කිහිපයක් හඳුනා ගත හැකිය. එකක් නම්, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවති පෝලිම් අවසන් වීමය. දෙවැන්න, උද්ධමනය අඩු වීමය. විදුලිය, ඉන්ධන වැනි උපයෝගීතා සේවාවල කිසියම් පාලනයක් ඇති කර ගෙන තිබීමත් සැලකිය හැක්කේ ධනාත්මක වර්ධනයක් හැටියටය. එසේම වැදගත් අණ පනත් කිහිපයක් ද සම්මත කර ගැනිණි.