IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කලින් කලට මාරුවන ප්‍රතිපත්ති

රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් පසුව පක්ෂය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී ඔවුන් දැනුවත් කිරීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන ‘පන්ති පහ’ යනුවෙන් හඳුන්වනු ලැබීය. අලු‍තින් බඳවාගනු ලබන සාමාජිකයන්ට රට මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන ගැටලු පිළිබඳවත් ඒවා විසඳා ගැනීමේ දී ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන් දැනුවත් කිරීම මෙම පන්ති පහේ අරමුණ වී ඇති බව ඒවායේ අන්තර්ගතය පරීක්ෂා කරන විට පැහැදිලි වේ. එහි අවසන් පන්තියේ මාතෘකාව වූයේ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ යන්නයි.

ශ්‍රී ලංකාව වැනි රටවල් තම ග්‍රහණයේ තබා ගැනීම සඳහා ඉන්දියාව බූවල්ලකු ලෙස ක්‍රියාත්මත වන බව ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අවසන් පන්තියෙන් පැහැදිලි කර දෙනු ලැබීය. එම පන්ති වලින් ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවලට කරන බලපෑම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව ජීවිත පූජාවෙන් අරගල කිරීමට සූදානම් වූ බවක් පෙනේ.

එම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ඉන්දියානු රජයේ ආරාධිතයකු ලෙස එරට සංචාරයක යෙදී සිටී. එම පක්ෂයේ නායකයකු වන විජිත හේරත් අතුළු තවත් දෙදෙනෙක් ද එයට සහභාගී වී සිටිති. ප්‍රශ්නය පැන නගින්නේ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අද එරට රජයේ ආරාධනයක් අනුව එරට සංචාරය කරන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව ද පක්ෂව ද යන්න තේරුම් ගැනීමට නොහැකි වීමයි. 

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතාට පෙර සිටි නායකයෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව විසින් ක්‍රියාත්මක කළ බලපෑමට තරයේ විරුද්ධ වූ අතර එම බලපෑමෙන් අත්මිදීම ඔවුන්ගේ මූලික අරමුණක් සහ ප්‍රතිපත්තියක් බව අවධාරණය කර තිබුණි. පන්ති පහෙන් එකක් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව ගොඩනගා තිබුණේ ඒ හේතුවෙනි. ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාව විසින් ඇති කරනු ලැබූ බලපෑම්වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ සැලකිය යුතු පිරිසක් ජීවිත පරිත්‍යාග කළහ. එම විරෝධතාව ඉහළම මට්ටමකින් ක්‍රියාත්මක  වූයේ ජේ.ආර්. - රජීව් ගිවිසුම මුල් කරගෙන පැතිර ගිය ඉන්දියානු විරෝධය සමගිනි. ගිවිසුම අත්සන් කිරීමට පැමිණි රජීව් ගාන්ධිට හමුදා ආචාර පවත්වද්දී නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි තුවක්කු බදෙන් පහර දීමට කළ උත්සාහයෙන් විරෝධතා ආරම්භ විය. ඉන්දීය විරෝධය මුල් කරගෙන රටම ගිනි ජාලාවක් බවට පත්වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු විරෝධයට නායකත්වය දුන්නේය.

එහි එක් පියවරක් වූයේ ඉන්දියානු භාණ්ඩ වර්ජනයයි. කවරාකාරයේ හෝ ඉන්දියානු භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමත්, ගබඩා කර තැබීමත්, අලෙවි කිරීමත් ජනතා විමුක්ති පෙරමුණ විසින් තහනම් කරන ලදී. එම නියෝග උල්ලංඝනය කළ පුද්ගලයන් ඝාතනය කිරීමට හෝ වෙනත් දඬුවම්වලට භාජන කරවීමට එම පෙරමුණ කටයුතු කළේය.

විරෝධතාවේ ප්‍රධානතම අංගය වූයේ දෙරට අතර ගිවිසුම මගින් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වූ පළාත් සභා සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමත්, ඉන්දියානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවේ රැඳී සිටීම පිළිබඳව විරෝධය පළ කිරීමත්ය. තම ඉන්දියානු විරෝධය පළ කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය  කිරීමට එම පක්ෂය කටයුතු කළේය. රට පුරා මහජනතාව එක් එක් ස්ථානවල රැස් කරවා පුවරු ප්‍රදර්ශනය කරවීමට සහ සටන් පාඨ කියවීමට නියෝග කරන ලදී.  රජය විසින් ඇඳිරිනීතිය පනවා ඒවා මර්දනය කිරීමට කටයුතු කරන ලද අතර විරෝධතා සංවිධානය කළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විශාල පිරිසක් ඝාතනය වූ බවට වාර්තා විය. එසේම රැස්වීම් විසිරුවා හැර මහජනතාව පිටත් කර යැවීමට කටයුතු කරද්දී එම පෙරමුණ විසින් මහජනතාවට රැඳී සිටීමට නියෝග කිරීම හේතුවෙන් ආරක්ෂක හමුදා ගත් ක්‍රියාමාර්ගවලින් ඇතැමෙක් පහර දීම්වලට ගොදුරු වූහ. සැලකිය යුතු  පිරිසක් පහරදීම්වලට ලක් වූ අතර අත්අඩංගුවට ගැනීමට සිදු විය. සමහර අවස්ථාවල පුද්ගල ඝාතන ද සිදු විය. මේ ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු විරෝධය පවත්වාගෙන ගියේ තම සාමාජිකයන්ට මෙන්ම මහජනතාවට ද ජීවිත අහිමි කරවමිනි. 

මේ මස 05 වැනි දින ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත පළ කර ඇති ප්‍රවෘත්තියට අනුව මෙම සංචාරය ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව සිදු වන්නකි. නව දිල්ලි, අහමදාබාද් හා ත්‍රිවාන්පුරම් යන ප්‍රදේශවල සංචාරයේ යෙදෙන අතර ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. ඒ අතර පැතිර යන එක් ආරංචියකින් කියැවෙන්නේ මෙම සංචාරය සංවිධානය කර ඇත්තේත් ඒ සඳහා මැදිහත්ව කටයුතු කර ඇත්තේත් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් බවයි. ජනතා විමුක්ති පෙරමුණ චීන ග්‍රහණයෙන් ගලවා ඉන්දියානු ගැති පක්ෂයක් බවට පත් කිරීම ඇගේ අරමුණ වී ඇතැයි ද පැවසෙන ප්‍රවෘත්ති හුවමාරු වේ.

රෝහණ විජේවීර මහතා චීන කොමියුනිස්ට් පක්ෂයට ඉතා ලැදි පිළිවෙතක් අනුගමනය කළේය. ඔහු මුලින්ම දේශපාලනය ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චීන කණ්ඩායම සමග සම්බන්ධ වීමෙනි. සම්මුගදාසන් මහතාගේ නායකත්වය යටතේ පැවැති ශ්‍රී ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයකු වීම නිසා එවකට රුසියාවේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි ඔහුට තම අධ්‍යයන කටයුතු නිම කිරීමට නොහැකි විය. එයට හේතු වූයේ රුසියාව විජේවීර ගේ වීසා අලු‍ත් නොකර ඔහුට රුසියාවට පිවිසීම තහනම් කිරීමයි. විජේවීර තම අධ්‍යාපන කටයුතු අතරමග නතර කර චීනය සමග තිබූ සම්බන්ධතාව ආරක්ෂා කර ගත්තේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ දැන් රාජ්‍ය නායකත්වයට පත්වීම සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාව මත චීනයේ කොමියුනිස්ට් පක්ෂය අතහැර දැමීමට සූදානම් වන බව පෙනේ.

පසුගිය දිනවල අනුර කුමාර චෝදනා කරමින් සිටියේ රටේ සම්පත් ඉන්දියාවේ ප්‍රධාන ව්‍යාපාරිකයන් වන අදානිලාට, අම්බානිලාට අලෙවි කරන ආකාරය පිළිබඳවය. ඉන්දීය සංචාරයෙන් පසු එවැනි චෝදනා කිරීමට ශක්තියක් අනුරලාට නොලැබෙනු ඇත. ඉන්දියාවේ පරණ ප්‍රතිපත්තිය වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර බලය හුවමාරු වන විට එම තත්වයට අනුකූලව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වෙනස් කිරීමය. ඉන්දියාව පිළිබඳ යම් යම් දේශපාලන පක්ෂ දක්වන අනුකූලතාව අනුව ඒවා සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන ප්‍රතිපත්තියක ඉන්දියාව සිටින බව පෙනේ. එහෙත් ඊට වඩා රට තුළ දුර්වල පාලනයක් බිහි කිරීම උපායමාර්ගික වශයෙන් වැදගත් බව දැන් ඔවුන් සලකන බවක් පෙනී යයි. රටේ ශක්තිමත් නායකයකු සිටින විට තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමේ හැකියාවක් නොලැබේ. එබැවින් විදේශ බලවේගවලට වඩාත් පහසු තත්වයක් වන්නේ ශ්‍රී ලංකාව තුළ තමන්ට ඕනෑ විදිහට හැසිරවිය හැකි හෝ මඬේ සිට වූ ඉන්නක් වැනි දෙපැත්තට වැනෙන නායකයන් රට භාර ගනු දැකීමයි.

එබැවින් දැන් එකම බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ප්‍රබල නායකත්වයක් බිහි නොවී දුර්වල නායකත්වයක් ඇති කර ගැනීමයි. ඒ සඳහා රට අස්ථාවර කිරීමට, ආරවුල් ඇති කිරීමට, විවිධ අර්බුද ඇති වීම සඳහා කටයුතු කිරීමයි. ප්‍රබල නායකයන් ඝාතනය කිරීමට, අල්ලස් දීමට, මැතිවරණවලට වියදම් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ඒවා විසින් ගනු ඇත.

ඉන්දියානු ව්‍යාප්තවාදය මගින් රටට ඇතිව තිබෙන බලපෑම පිළිබඳ තම විග්‍රහ මගින් විජේවීර තමන්ගේ අනුගාමිකයන්ට ඉන්දීය බලපෑමේ ස්වරූපය සහ අනාගතය පිළිබඳව බොහෝ දේවල් පෙන්නුම් කර දුන්නේය. ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද දෙමළ ‘ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යන කෘතියේ ඒ සම්බන්ධයෙන් තවත් ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. ජවිපෙ අනුගාමිකයෝ සමහරෙක් ඒවා අදහමින් ඉන්දියාවේ සිදුවන බලපෑම් මැඩපැවැත්වීම සඳහා තම ජීවිතය පුද කළහ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ද තම මතයට එරෙහිව යන පිරිස් ඉන්දියාවේ ව්‍යාප්තවාදයට සහාය දෙන බව ප්‍රකාශ කරමින් ඝාතනය කරන ලදී. එහෙත් අද ජවිපෙ නායකයන් රජකම අපේක්ෂාවෙන් ඉන්දියානු ව්‍යාප්තවාදය ද ඒ වෙනුවෙන් දිවි පිදූවන් ද අමතක කර දමා ඇති බව පෙනේ.

අනුර කුමාර පසුගියදා මෙසේ ප්‍රකාශ කළේය. ‘අපගේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව ප්‍රධාන දේශපාලන හා ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බව අපි දනිමු. අප ආර්ථික හා දේශපාලන තීරණ ගන්නා විට, එය ඉන්දියාවට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සෑම විටම සැලකිලිමත් වෙමු.’ එදා ඉන්දියානු ව්‍යාප්තවාදය වෙනුවට දැන් ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු සහයෝගීතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පෙනේ.

ජේ.ආර්. - රජීව් ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී එම ගිවිසුමට එරෙහිව මහා ජන බලවේගයක් ගොඩ නැගුණේ ඉන්දියාවේ සිතැගි අනුව එම ගිවිසුම  ශ්‍රී ලංකාව මත  බලහත්කාරයෙන් පටවා ඇතැයි යන හැඟීම ද ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවට ගෙන ඒම පිළිබඳව මහජනතාව තුළ පැන නැගුණු දැඩි විරෝධතාව හේතුවෙනි. ශ්‍රී ලාංකික ජනතාව කවරාකාර හෝ විදේශ බලවේගයකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉඩ දීමට කැමති වන්නේ නැත. එදා ගිවිසුමට විරුද්ධව දැඩි විරෝධතාවක් ඇති වූයේ එම හේතුවෙනි.

කවර රටක් වුවද තමන් කෙරෙහි විදේශීය බලවේග විසින් විවිධාකාරයෙන් බලපෑම් ඇති කිරීමට උත්සාහ කරන විට ඒවාට එරෙහිව දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව මෑත කාලීන උදාහරණවලින් පෙන්නුම් කෙරේ. මාලදිවයිනේ පසුගියදා පැවැති මැතිවරණයෙන් ඉන්දියාවට හිතැති පාලනය පෙරළා දැමුනේත්, තායිවානයේ මැතිවරණයෙන් චීනයට හිතැති අපේක්ෂකයා  ඡන්ද විශාල ප්‍රමාණයකින් පරාජය වූයේත් එම හේතුවෙනි. විදේශ රටක රූකඩ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ බිහි කිරීම සඳහා කවරෙකු හෝ උත්සාහ දරන්නේ නම් එය ඔවුන් විසින් ඔවුන්ගේම සිය දිවි හානි කර ගැනීමක් බව පෙන්වා දිය යුතුව ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (10)

කලින් කලට මාරුවන ප්‍රතිපත්ති

විජේ Wednesday, 07 February 2024 02:13 PM

ලොක්කා කහින තරමට ලොක්කාගේ හාමුට ගොඩක් රිදිලා වගේ...!

:       31       36

Vithana Wednesday, 07 February 2024 02:51 PM

මාලිමාවේ ප්‍රතිපත්තිය තමයි කිසිඳු එක ප්‍රතිපත්තියක නොසිටීම. මිනිස්සුන්ට මාලිමාව ගැනත් ඒකට සල්ලි එන එක ගැනත් ප්‍රශ්න තියෙනවා...

:       60       59

RwnWednesday, 07 February 2024 03:35 PM

මාලිමාවේ.. විතරක් නෙවෙයි, ජවිපෙට පවා සල්ලි එන විදිහ... පක්ෂය අරමුදල ගැන... රූපවාහිනී වාදවිවාද වලදී... විතරක් නෙවෙයි... you tube චැනල්වල පවා ඕනෑතරම්... ජවිපෙ නායකයින්ව ප්‍රශ්න කරලා තියෙනවා.. ඔයා දැකලාම නැද්ද...? හීනෙන් බයවෙලා නැගිටලා වගේ දොඩවන්නේ...!

:       60       44

rangaWednesday, 07 February 2024 08:22 PM

මාලිමාවට සල්ලි එන ඒවා හොයන්න පුළුවන් ඔබට රටේ මිනිස්සුන්ගේ සල්ලිවලට මොකද වුනේ කියලා හොයන්න බෑ... රටට ආපු සල්ලි, ගත්තු ණය නාකි හැත්ත කාබාසිනියා කරලා...!

:       5       24

indika Wednesday, 07 February 2024 03:19 PM

විමල් වීරවංශ සහ සෝමවංශ අමරසිංහ ඇතුළු එදවස ප්‍රධාන නායකයින් ජවිපෙන් එලෙව්වේ ඉන්දියාවේ හා ඇමරිකාවේ ඒජන්තකම ඔය දැන් ඉන්න සෙට් එකට කවදාහරි ලබාගන්න... ඒ කාලේ රනිල් චන්ද්‍රිකා සජිත් කොහොමත් ඉන්දියන් ඇමරිකන් වාදීන් වුණාට මහින්ද එහෙම ලොකුවට එයාලාට පක්ෂ වුණේ නෑ... ඒකට හේතුව ඒ කාලේ ජවිපෙ, මහින්ද එක්ක හිටපු නිසා.. නමුත් ඉන්දීය විරෝධී ජවිපෙ නායකයෝ සෙට් එකට ඇතුළෙන්ම ගේම දීලා එලෙව්වා... එතකොට ලංකාවේ ඉන්න ප්‍රධාන ධාරාවේ පක්ෂ ඔක්කෝම ඉන්දියාවට කීකරු වෙන විදිහට පාර හැදුවා... මොන සක්කරයා ඉස්සරහට ආණ්ඩු හැදුවත් ඉස්සරහට ඒ ආණ්ඩු පාලනේ කරන්නේ ඇමරිකන් ඉන්දියන් නඩය... අපේ නායකයින් එදා වේල ටුවර් වුණාට ඉන්දියාව තව අවුරුදු 20ක් ඉස්සරහ බලල ගේම ගහන්නේ...!

:       26       62

ජයන්ත Friday, 09 February 2024 12:42 PM

ලෝක ආර්ථිකය 88 නෙමේ දැන්. ලෝක බලවතුන් 88 වගේ නෙමේ දැන්... අද සෝවියට් බල කඳවුරක් නෑ. ලංකාව ආසන්නයේ තියෙන ඉන්දියාව ලෝක බලවතෙක් වෙමින් පවතිනවා. දැන් අපට ඉන්දියාව අතහැර යන්න බෑ. නමුත්, ඉන්දියාවේ වහලෙක් නොවී නොබැඳි පිළිවෙතකින් ඉන්දියාව සමග ගණුදෙනු කිරීම තමා කළයුත්තේ... විජේවීරගේ එදා ප්‍රකාශ අද අදේශ කරන්න බෑ. ඒවා වලංගු එදා ලංකාවට. අද බංකොලොත් වුණු රටක්. විජේවීරගේ ප්‍රතිපත්ති වගේම ජේ.ආර්ගේ ප්‍රතිපත්තිත් අද ආදේශ කරගන්න බෑ. දිගටම ජේආර් ප්‍රතිපත්‍ය කරගෙන ගිය නිසා තමයි අද හොඳටම කෙළවුනේ... මේ ලිපිය ලියලා තියෙන්නේ ආණ්ඩුව පැත්තෙන්...

:       8       14

Gamini Friday, 09 February 2024 01:20 PM

ජේවීපී එක හැමදාම ප්‍රතිපත්ති වෙනස් කළා. දැන් ප්‍රතිපත්තියක් නෑ. මුහුණු පොතේ ජනප්‍රිය වෙලා සිහින ලෝකෙක ඉන්නේ...

:       18       14

සමන් විමල් Friday, 09 February 2024 09:14 PM

මුහුණු පොතේ පෝස්ට්, කමෙන්ට් දානවාට ගෙවන්නෙත් ඉන්දු ඇමරිකා තමයි, ජේවීපියට...!

:       14       10

බද්රානි Friday, 09 February 2024 09:33 PM

සියල්ල වෙනස් වෙන ලෝකයක දේශපාලන ප්‍රතිපත්ති නොවෙනස්ව තිබේ යයි සිතන පුහු උගත්තු සිනා එකම රට මේ සිරි ලංකාව විය හැකියි. අතීත කතා තළුමරමින් අනාගතයට පිවිසීමට වෙර දරන්නන් අතීතය තුළම සිරකර තැබීමට යමෙක් කටයුතු කරන්නේ නම්, ඔහු සැබෑ අඥානයෙකි... ලංකාවේ නොසන්ඩාල උගතුන් විවිධ වරප්‍රසාද අරමුණු කරගෙන පාලකයින්ගේ කකුල් ලෙවකන එක අපට නම් අප්‍රසන්නයි. මතකනේ, පහුගිය ජනාධිපතිවරණ සමයේ "වියත් මග" නමැති නාඩගම් කාරයින් නටපු විගඩම අපිට මතකනේ... ඔවුන් රටට වින කළා මිස, සෙතක් කළාද..? මට නම් පහේ පන්තියේ ළමයෙකුගේ රචනාවක් තරම්වත් ගතයුතු යමක් ලංකාවේ මහචාරීන්ගේ ලිපිවල නැහැ.

:       2       16

චන්දිම ෆොන්සේකා Saturday, 10 February 2024 03:02 PM

මේ ලිපිය කියෙව්වාම හොඳට තේරෙනවා දේශපාලන විග්‍රහයකට වඩා ද්වේශ සහගතව කරලා තියෙන වචන ගොඩක් කියන එක. මොකද තමන්ගේ පරමාදර්ශ නායකයා මහා ලොකු සම්මේලනවලට යනවා කියලා රටේ ඉන්න වැඩකට නැති මිනිස්සුත් එක්ක විශාල ඩොලර් වලින් වියදමක් දරලා ගිහින් පොඩි පොඩි පොකට් මීටින් අමතලා ඕනිනම් එපොඉන්මන්ට් එකක් අරගෙන ඒ රටේ නායකයා විනාඩි දෙක තුනකට හම්බවෙලා අතට අත දීලා මොන නාඩගම නටලා ආවත් බලන්න එපායැ මේ සමහරු උඩ දාගෙන වර්ණනා කරනවා.. දැන් නම් ඉතින් ජාත්‍යන්තර සම්බන්ධතා නියමෙට හැදෙනවා. කෙරෙන්නත් ඕනෑ ඔය වගේ වැඩ තමයි කියලා. අනුර කුමාර රට ගියොත් ඉතින් මෙයාලා කියන විදියට හැමදේම ඉතින් කපොතිම තමයි...!

:       3       19

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 139 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 335 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 855 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 552 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 436 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1767 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 723 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site