IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


දරුවා පාසලට යැව්වාටම මදි නිරන්තර විමසිල්ලක් ඕනෑ

‘‘ලොව හොඳම දේ දරුවන්ට’’ යැයි කීව ද, සම්මුති විරහිතව හිස් මුදුනින්ම එය පිළිගත්ත ද, අප රටේ දරුවන් ලොව නරකම දෙයෙහි පහසුම ගොදුරු බවට පත්ව ඇති බව ඒකාන්තය. වාර්ෂික ලිත් සැමරුමක් බවට පත්ව ඇති ජාත්‍යන්තර ළමා දිනය දා ළමයින් සම්බන්ධව පුරාජේරු කතා කියා, පසු දින සිටම ඒ දරු පරපුර අමතක කර දමන රටක, දරුවන්ගේ ඉරණම කඳුළෙන් සුසුමෙන් ලියැවීම අහේතුක ද නොවේ.

පෙරවදන, අප පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙනි. ඒ ප්‍රවෘත්තියෙන් කියැවුණේ, දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පාසලක පස් වැනි ශ්‍රේණියේ සිසුන් සිවු දෙනකු මත් පෙති වර්ගයක් පානය කර, රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එක සිසුවකුගේ පියකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසන බවය. එම ශිෂ්‍යයන් සිවු දෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි යුක්තියේ මෙහෙයුම ජයටම ක්‍රියාත්මක වෙමින් තිබේ. පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහරින ස්ථාන සහ ජාවාරම්කාරයන් සම්බන්ධයෙන් යුක්තිය මෙහෙයුමේදී විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද පැවැසේ. එය ඉතා යහපත් පියවරකි. නැතහොත්, අනාගතයේදී අපට හමුවනු ඇත්තේ, මතින් විකල් වූ මනසින් යුත්, රෝගී වූ දරුවන් බවට පත්වූ ළමා පරපුරක්ය. ඇතැම් මවුපියන්ට තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් වගේ වගක් නොමැති බව ද පැහැදිලිය. දොඩම්ගස්ලන්ද සිදුවීමෙන් ද එය මනාව ඔප්පු වේ.

අප ප්‍රවෘත්තියට අනුව, එම පාසලේ දරුවන් සිවු දෙනකු විවේක කාලයෙන් පසුව වමනය කරනු දුටු පන්ති බාර ගුරුතුමිය ඒ පිළිබඳව විමසීමෙන් පසුව, ඔවුන් කිසියම් පෙති වර්ගයක් පානය කර ඇති බව අනාවරණය කරගෙන ඇත. මෙම සිසුන් සිවු දෙනාගෙන් එක් සිසුවකුගේ පියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයකු වන බවත්, ඔහු පානයට ගෙනා මත් පෙති වර්ගයක් සොරකම් කර ඇති පුතා ඒවා පාසලට ගෙනැවිත්, ඒවා මිතුරන්ට ද පානය කිරීමට දී ඇති බවටත් තොරතුරු අනාවරණය වූ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන මදුරාගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් එම සිසුවාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී, එහි සිටි සැකකාර පියා පාවිච්චියට ගෙන ඇති බව කියන හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා සොයා ගැනීමට හැකි වූ බවත්, සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතය සම්බන්ධයෙන් චෝදනා ඇති බව පොලිසිය පවසන බවත් ප්‍රවෘත්තියෙහි සඳහන්ය. සැකකාර පියා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පළමුව කළ යුතු වන්නේ, අදාළ පුත්‍රයාට විශේෂ ආරක්ෂාවක් සැලසීමය. මන්ද, තමන් පොලිසියට කොටු වූයේ තම පුත්‍රයා නිසා වන හෙයින්, පුත්‍රයාගෙන් පළි ගැනීමට ඉඩ ඇති හෙයිනි. කුඩ්ඩන්ගේ හැටි එහෙමය.

මෙයට පෙරත් මෙබඳුම පන්තියේ ප්‍රවෘත්ති වාර්තා විය. සීයා කසිප්පු ලබා දී ඒවා පානය කර, සිහි මඳ ගතියෙන් පාසලට එමින් සිටි ලාබාල සිසුවියක සම්බන්ධ ප්‍රවෘත්තියට දෙතුන් මසකි. හාර පස් මාසයකට එපිටදී වාර්තා වූ ප්‍රවෘත්තියකින් කියැවුණේ, පාසලක ආපණ ශාලාව තුළ කාලාන්තරයක් මුළුල්ලේ කසිප්පු පෙරා ඇති බවය.

මත් පෙති ජාවාරමක් සම්බන්ධයෙන් ගම්පොළදී ඉකුත් දා අත්අඩංගුවට පත්වූයේ වෛද්‍යවරයෙකි. වෛද්‍ය වෘත්තියෙන් උපයන මුදලින් ජීවිතය නඩත්තු කරගත නොහැකි වූ හෙයින්, එම වෛද්‍යවරයා අතිරේක ආදායම් මාර්ගයක් ලෙස සලකා මත් පෙති ජාවාරමට යොමු වූවා විය හැකිය. මෙම සිදුවීම් සරළව ගෙන, පහසුවෙන් බැහැර කළ නොහැක. මෙම සිදුවීම්වලින් රට ගමන් කරමින් සිටින දිශාව ඉතාම පැහැදිලිය.

ළමා පරපුරේ ආරක්ෂාව හා පෝෂණය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළ යුතුය. ඒ වෙනුවෙන් විධිමත් මෙන්ම දියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ ගැන කතාබහ කිරීමට ජාත්‍යන්තර ළමා දිනය එනතුරු බලා සිටිය යුතු නැත.

(***)



අදහස් (1)

දරුවා පාසලට යැව්වාටම මදි නිරන්තර විමසිල්ලක් ඕනෑ

sam Wednesday, 21 February 2024 07:47 PM

රුවා පාසලට යැව්වාටම මදි නිරන්තර ( දිනපතා ) වැඩිහියන්ගේ / දෙමාපියන්ගේ අවධානය / විමසිල්ලක් අත්‍යවශ්‍ය වේ. දරුවා පාසලට යවා ඔවුන්ගේ අදයපනය පාසලින් ලබාදුන්නද, නිවසට පමිනිපසු ඔවුන්ගේ දිනපතා අධ්‍යාපනය කටයුතු සිදුවන් ආකාරය පිලිබදව ඔවුන් පාසලේදී ලබාගත් අධ්‍යාපනය පිලිබදව දෙමාපියන්ද දැනුවත්විය යුතුවේ. කුඩාකාලයේ සිටම වැඩිහිටියන් දරුවන්ගේ අධ්‍යාපනය පිලිබදව උනන්දුවන්නේනම් පාසලින් පමිනිපසු ඔවුන්ගේ පොත්පත් නිරීක්ෂණය කිරීම ලකළ යුතුම දෙයකි. මේවනවිට මත්ද්‍රවය වසංගතයක් මෙන් පැතිර තිබෙන නිසා පාසල් දරුවන් නිවසට පැමිණි පසු ඔවුන් පිළිබද දැඩි අවධානයක් ලබාදීම වැදගත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1428 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site