බදුවලට අනුගතවීමේ වගකීම
පසුගිය වසරින් ආරම්භ වී මේ දක්වාම නිරතුරුව සංවාදයට ලක්වන මාතෘකාවක් බවට ‘බදු’ පත්ව තිබෙන්නේ, වරින් වර බදු සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගනු ලැබූ ප්රතිපත්තිමය තීරණ සහ ඒවා ක්රියාත්මක කිරීම නිසාවෙනි. මේ සඳහා හේතු වූ සාධකත්, ඒවායේ බලපෑම පිළිබඳවත්, අවබෝධයක් ලබා ගැනීම සියලු දෙනාටම වැදගත් වේ. ඒ සමගින්ම මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (TIN) පිළිබඳවත් මේ සටහනින් විමසා බලා ඇත.