IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


එදා - මෙදා රාජ්‍ය සේවක වැටුප්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ යහපාලන රජය විසින් 2015 වසරේ මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනාව අනුව සෑම රජයේ සේවකයකුගේම වැටුප රුපියල් 10,000කින් වැඩි කරන ලදී. එය නිදහසින් පසු රජයේ සේවකයන්ට ලබාදුන් ඉහළම වැටුප් වැඩි වීම විය. එපමණක් නොව අග්‍රාමාත්‍යවරයා විසින් රජයේ සේවකයන්ට ලබාදුන් සහන වැටුප් වැඩි කිරීමට එයට පමණක් සීමා නොවීය.

2015 දෙසැම්බර් 14 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්, එසේ වැඩි කරන ලද රුපියල් 10,000ක මුදල 2016 වසරේ සිට අදියර කිහිපයකින් මූලික වැටුපට එකතු කරන බවටත් ප්‍රතිඥාවක් දුන්නේය. ඒ අතරම, ජාතික වැටුප් කොමිසම නැවත පිහිටුවන බවත්, රජයේ සේවක වැටුප් තත්ත්වය සහ විෂමතා පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම එහි රාජකාරිය බවත් සඳහන් කළේය. අයවැය ලේඛන මගින් වරින් වර රජයේ සේවකයන් සඳහා වැටුප් වැඩිවීම් ලබා දී තිබූ නමුත්, ඒවා මූලික වැටුපට එකතු කිරීමක් සිදු වූයේ නැත. ඒ අතරම, රාජ්‍ය සේවක වැටුප් ව්‍යුහය පිළිබඳ ප්‍රමාණවත් තරමේ සමාලෝචනයක් හෝ ඇගයීමක් සිදුකර තිබුණේ ද නැත. එම හේතුවෙන් අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක අවස්ථාවක් උදා කළේය.

රුපියල් 10,000ක දීමනාව මූලික වැටුපට එකතු කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව පිළිබඳ 2016 වසරේ සිට ඒ ලෙසම ක්‍රියාත්මක කරන ලද අතර, වසර 5ක් තුළ මූලික වැටුප පියවරෙන් පියවර ඉහළ දැමීම සඳහා චක්‍රලේඛයක් ද නිකුත් කළේය. 2015 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට ශ්‍රී ලංකා රජයේ නව පත්වීමක් ලබාගන්නා කාර්යාල කාර්ය සහායක සේවකයකු ලැබූ මූලික වැටුප රුපියල් 11,730ක් විය. එම චක්‍රලේඛය අනුව 2020 ජනවාරි 1 වැනිදා වන විට එම වැටුප් පරිවර්තනය සම්පූර්ණ වූ අතර, කාර්යාල කාර්ය සහායකවරයාගේ මූලික වැටුප රුපියල් 24,250ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව, එම ශ්‍රේණියේ සේවකයකුගේ මූලික වැටුප රුපියල් 12,520කින් ඉහළ ගොස් ඇති බව පැහැදිලි වේ. එය මූලික වැටුප දෙගුණයකටත් වඩා වැඩි වීමකි.

ඉහත කී දිනයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අලු‍තින් පත්වීම් ලබන නිලධාරියකුගේ මූලික වැටුප රුපියල් 22,935ක් විය. ඉහත කී වැටුප් වැඩි වීම අනුව 2020.01.01 දින එම නිලධාරියාගේ මූලික වැටුප රුපියල් 47,615 දක්වා ඉහළ ගියේය. වැටුප් වැඩි වීම රුපියල් 24,680කි. රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය හරහා ලබාදෙන ලද වැටුප් වැඩි වීම නිසා සුළු සේවකයාගේ සිට පරිපාලන සේවයේ නිලධාරියා දක්වා සියලු‍ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වූ ආකාරය ඉන් පැහැදිලි වේ.

ඒ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රජයේ සේවකයන්ට හිමි වූයේ ඉතා අඩු වැටුපක් බව ඉහතින් දැක්වූ රජයේ කාර්යාල කාර්ය සහායක සේවකයන්ගේ සහ පරිපාලන නිලධාරීන්ගේ 2016 වසරේ මූලික වැටුප පරීක්ෂා කරන විට පැහැදිලි වේ. සැලකිය යුතු කාලයක් තුළ සැලකිය යුතු මට්ටමකින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වී තිබුණේ නැත. 2016 වසරේ මූලික වැටුපට රුපියල් 10,000 දීමනාව එකතු කිරීම පිළිබඳව අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවකයන්ට තමන්ගේ සේවාවන් ඉටුකිරීම වෙනුවෙන් සැලකිය යුතු මට්ටමක වැටුප් වැඩි වීමක් ලබාදිය යුතු බවයි. දීමනා මූලික වැටුප කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන අයුරින් වැටුපට එල්ලා තැබීම අර්ථ රහිත බවත්, එබැවින්, රාජ්‍ය සේවකයන්ට සතුටු සිතින් තම සේවය ඉටුකිරීමට හැකි වන ආකාරයේ වැටුප් වර්ධනයක් ලබා දිය යුතු බවත් ඔහු කියා සිටී.

එසේ වුව ද, එම අවස්ථාවේදී වැටුප් වැඩි කිරීම හුදෙක් පූර්ව මැතිවරණ පොරොන්දුවක් පමණක් බව ද, ඒ අනුව, මූලික වැටුපට එය එකතු කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ද විපක්ෂ දේශපාලකයෝ සහ සමහර වෘත්තීය සමිති ද එම අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියෝය. වැටුපට එල්ලා තිබෙන යම් යම් දීමනා මූලික වැටුපට එකතු කළ විට මූලික වැටුප වැඩි වන අතර, ඒ හේතුවෙන් අතිකාල ඇතුළු අනෙක් දීමනාවල වැඩි වීමක් සිදුවේ. එසේම, සේවකයා විශ්‍රාම ලැබූ විට විශ්‍රාම පාරිතෝෂිත සහ විශ්‍රාම වැටුප ද මූලික වැටුපට අනුව වැඩි වනු ඇත. අර්ථසාධක සහ සේවක භාර අරමුදල් හිමි සේවකයන් වෙනුවෙන් ලබාදෙන දායක මුදල් ප්‍රමාණය ද ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වෙනස්කම් පිළිබඳව ඉතිහාසය පරීක්ෂා කරන විට ප්‍රකාශ කළ හැක්කේ, 2015 සහ 2016 වසරවල සිදු වූ එම වැටුප් වැඩි වීම එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් ලැබූ ඉහළම වැටුප් වැඩි වීම බවය. ඒ දක්වා කිසිම අවස්ථාවක ඒ ආකාරයේ වැටුප් වැඩි කිරීමක් සිදු නොවීය. ඒ වන විට රාජ්‍ය සේවක වැටුප් ප්‍රතිශෝධනය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වැටුප් පිළිබඳ රාජ්‍ය කමිටු කිහිපයක්ම පත් කළේය. තිබුණි. එහෙත්, වැටුප් කොමිෂන් සභාව වැනි ආයතන අක්‍රිය කර තිබුණි. රාජ්‍ය වැටුප් ප්‍රතිශෝධනය පිළිබඳ කිසිදු යෝජනාවක් රාජ්‍ය මට්ටමින් හෝ වෘත්තීය සමිති මට්ටමින් ඉදිරිපත් නොවීය. එනිසාම රාජ්‍ය අංශ සහ පෞද්ගලික අංශ අතර වැටුප් මට්ටම්වලදී විශාල පරතරයක් දකින්නට ලැබුණි.

2015 දී හඳුන්වා දුන් ඉහත වැටුප් සංශෝධනය අනුව රාජ්‍ය සේවකයන්ට අබිමානයකින් යුතුව තම සේවාවන් පවත්වාගෙන යෑමට ඉඩ ලැබුණි. එම වැටුප් ඉහළ දැමීම හඳුන්වා 2015 වසරේ සිට අද දක්වා වසර 9ක් ගත වී තිබේ. එම කාලය තුළදී කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් වෙනස් වීමක් සිදු වූයේ නැත. ඉන් පසු දෙවරක්ම වැටුප් වැඩි වීම් සිදු වූ නමුත්, ඒවා විශ්‍රාම වැටුප් කෙරෙහි හෝ අනෙකුත් දීමනා කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන ලද අතර, එල්ලන ලද දීමනා පමණක් ඊට ඇතුළත් වීය. කෝවිඩ් වසංගතය හමුවේ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වීමත්, විවිධාකාර අපහසුතාවන්ට ජනතාව ලක්වීමත් නිසා රජයේ සේවක වැටුපට රුපියල් 5,000ක දීමනාවක් එකතු කිරීමට කටයුතු කරන ලදී. ඊට පෙර ලබාදෙන ලද රුපියල් 2,500ක දීමනාව සමග මුළු වැඩි වීම රුපියල් 7,500ක් වන අතර, එම වර්ෂ 9ට අදාළ මුළු වැටුප් වැඩි වීම එම මුදලට සීමා විය.

යළිත් වරක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක වැටුපේ තීරණාත්මක වෙනසක් ඇති වූයේ 2023 වසරේදී ඉදිරිපත් කරන ලද 2024ට අදාළ අයවැය ලේඛනය මගිනි. එම අයවැය ලේඛනය මගින් රාජ්‍ය සේවක වැටුපට රුපියල් 10,000ක වැඩි වීමක් ලබාදෙන ලද අතර, එය 2024 වසරේ අප්‍රේල් මාසයේදී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වේ. යළිත් වරක් රාජ්‍ය සේවක වැටුප ඉහළම මට්ටමකින් වැඩි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබේ. 2024 අප්‍රේල් මාසයේදී සංවර්ධන නිලධාරියකුගේ ඒකාබද්ධ වැටුප රුපියල් 56,680කි. එය 2015 දී තිබුණේ 28,256ක් වශයෙනි. ඒ අනුව, එම වැඩි වීමෙන් වැඩි කොටසකට දායකත්වය ලබා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා 2015, 2016 සහ 2023 වර්ෂවල සිදුකරන ලද වැටුප් වැඩි කිරීම බව පෙනී යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ දේශපාලන බලවේග විසින් හඳුන්වනු ලබන්නේ, මේ රටේ ධනවාදය නියෝජනය කරන දේශපාලන බලවේගයට නායකත්වය දෙන නව ලිබරල්වාදියකු වශයෙනි. කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වාමවාදියකු ලෙස ඔහුට පිළිගැනීමක් ලැබෙන්නේ නැත. එසේ වුව ද, මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීම සඳහාත් අද පවත්නා මට්ටමට ගෙන ඒම සඳහාත් ඉහළම දායකත්වයක් ලබා දෙන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව පැහැදිලි වේ.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර

 



අදහස් (7)

එදා - මෙදා රාජ්‍ය සේවක වැටුප්

HD Wednesday, 20 March 2024 12:08 PM

එදාට වඩා, අද වියදම 300% කින් ඉහළ ගොස් ඇති බවත් මෙම ලිපියේ අන්තර්ගතයට ඇතුළත් වුණා නම් වටිනවා, මහාචාර්යතුමනි..

:       6       29

ධනා Thursday, 21 March 2024 08:25 AM

වැටුප් වැඩිවීම සැසඳිය යුත්තේ ජීවන වියදම ඉහල යාමත් සමඟ බව ආචාරියාට වැටහේවා !!!

:       2       16

සත්‍යපාල Thursday, 21 March 2024 01:34 PM

යහපාලන ආණ්ඩුව ගෙදර යද්දී විශ්‍රාමිකයින්ට දීමනාවක් දීමට කටයුතු කලා ඒත් මම හොදින්ම දන්න දෙදෙනෙකුට විශ්‍රාම වැටුප් හදද්දී අඩු වැටුප් ලැබූ කෙනෙකුට රුපියල් හයදාහක් වැඩි වැටුප් ලැබූ කෙනාට ලැබෙන සේ විශ්‍රාම වැටුප් සැකසීම කර තිබුණා අභියාචනා කීපයක් යැව්වම වැඩි වැටුප් ලැබූ කෙනාගෙන් තවත් මුදලක් කපාගන්න කටයුතු කලා හොදම වැඩේ කියන්නෙ එහෙම වැඩියෙන් වැටුප් ලබන්න සේවයේ සිටිද්දී අඩුවෙන් ලැබූ කෙනා දේශපාලන කටයුතු කරන පොහොට්ටුවෙ දේශපාලුවෙකුගේ හිතවත් අයෙක් වීම තමයි

:       1       3

බද්රානි Thursday, 21 March 2024 05:10 PM

ඔබතුමා ප්‍රමුඛ එවකට පැවති රජය ඒ අවස්ථාවේ රුපියල් දහ දාහකින් වැටුප් වැඩිකිරීම අපි අගය කලත්, ඒ රාජ්‍ය සේවක ගුණමකුවන්ට එහි වටිනාකමක් නොමැතිවීම කොතරම් ඛේදජනකද..? එයින්ම පේනවා මේ රාජ්‍ය සේවකයින්ගේ නින්දිත ස්වභාවය... අර රාජපක්ෂ රජය කළාසේ, මොවුන්ව ආණ්ඩුවේ කටු ලෙවකන කුක්කන් ලෙසට සැලකීම සුදුසුයි කියලයි මට නම්, හිතෙන්නේ... නිසි උගත්කමක් බුද්ධියක් නොමැතිව දේශපාලන පත්වීම් තුළින් රැකියා ලබාගෙන ඇති මොවුන්ට හැකිතරම් බදු ද වැඩිකර මොවුන්ව කිරි හොද්දටම බැස්විය යුතුයි. මේ රටට හා ජනතාවට ඉමහත් කාර්යක්ෂම සේවයක් කරන පෞද්ගලික අංශයට අප කෘතඥ විය යුතුයි... ඔබතුමා රාජ්‍ය සේවකයින්ගේ වැටුප නැවත වතාවක් වැඩි කලොත් එය මේ රටට එරෙහිව කරන ක්‍රියාවක් වනු ඇත. අඩුතරමේ එයට මේ රටේ නින්දිත රාජ්‍ය සේවකයින් කෙලෙහි ගුණයක් වත් වටිනාකමක් වත් මතක සිටීමක්වත් සිදු නොකරනු ඇත. රාජ්‍ය අධීක්ෂණය යටතේ බොහෝ ආයතන පෞද්ගලික කරණය කළොත් මේ රට මේ නරා වලෙන් ගොඩගත හැකිය..

:       4       5

sam Thursday, 21 March 2024 06:22 PM

එදා - මෙදා - රාජ්‍ය සේවක වැටුප් ඉහළට යාමට නම් රාජ්‍ය සේවයේ ප්‍රමාණය අඩුකළ යුතුවේ. සේවකයාගේ හැකියාව දක්ෂතාවයන් සහ කාර්යක්ෂමතාවය මත වැටුප් වැඩිවීමේ ක්‍රමයක් තිබිය යුතුවේ සහ ඔවුන් ලබාගන්න වැටුපට රාජ්‍ය සේවකයින් ඔවුන් සේවය කරන්නා වූ ආයතනයට ලබාදිය යුතුවේ. සේවකයාගේ සේවා කාලය (work hours) ජාත්‍යන්තර ප්‍රමිතීන්/ සම්මුතීන්/ නිර්නායකයන් අනුව සකස් විය යුතුවේ. රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙකු සේවයට පැමිණි පසු සේවයට අදාල නොවන පුද්ගලික කරනා සාකච්ඡා කිරීමට කාලය වැයකරයි. ලංකාවේ රජය සේවය % Contract Basis මත පවත්වාගෙන යාමට හැකියාව සොයා බැලිය යුතුවේ...

:       0       0

G. K. Ekanayake Thursday, 21 March 2024 11:51 PM

මහාචාර්ය තුමනි. මෙයා වැඩි කරන්නේ ඡන්ද බලාගෙන, එකක් ඍජුව රජයේ සේවකයාගේ ඡන්ද . අනික මැතිවරණ රාජකාරිවල ඉන්නේ රජයේ සේවකයෝ. එතකොට හොර ඡන්ද දාගන්න සහය ගන්න පුළුවන්.

:       3       3

ajith Friday, 22 March 2024 11:10 AM

ලොක්කා ගොඩ දාන්න මාර ගේමක් ගහන්නේ. මහාචාර්යතුමා වැටුප් වැඩි වීම හොදයි. නමුත් වර්තමාන ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දෙන මෙන් සටහන් කරානම් හොදයිනේද? මහ බැංකුවේ සේවකයින් තමයි ජීවන වියදමට සරිලන වැටුප් වැඩිකර ගත්තේ. 20000 ක් ඉල්ලුවත් දුන්නේ 10000 යි නේද? ඒකත් මහා ගොන් විදියට.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 102 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 263 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 825 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 543 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 420 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1731 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 714 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 184 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site