දරුවා පාසලට යැව්වාටම මදි නිරන්තර විමසිල්ලක් ඕනෑ
‘‘ලොව හොඳම දේ දරුවන්ට’’ යැයි කීව ද, සම්මුති විරහිතව හිස් මුදුනින්ම එය පිළිගත්ත ද, අප රටේ දරුවන් ලොව නරකම දෙයෙහි පහසුම ගොදුරු බවට පත්ව ඇති බව ඒකාන්තය. වාර්ෂික ලිත් සැමරුමක් බවට පත්ව ඇති ජාත්‍යන්තර ළමා දිනය දා ළමයින් සම්බන්ධව පුරාජේරු කතා කියා, පසු දින සිටම ඒ දරු පරපුර අමතක කර දමන රටක, දරුවන්ගේ ඉරණම කඳුළෙන් සුසුමෙන් ලියැවීම අහේතුක ද නොවේ.