IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජාත්‍යන්තර වෙසක් දින යුනේස්කෝ ප්‍රකාශය පැරීසියේ දී

එක්සත් ජාතීන් ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රකාශයට පත් කිරීමේ 25 වැනි සංවත්සරයේදී වෙසක් දිනය නිල වශයෙන් සැමරීමට යුනෙස්කෝවෙන් සුවිශේෂී තීරණය කර තිබේ.

යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන මූලධර්මයන්ට අනුකූලව ගෝලීය සාමය, අන්තර් සංස්කෘතික සංවාදය සහ සංස්කෘතික සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර වෙසක් දිනය යුනෙස්කෝවේ දී සැමරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය විසින් සිය 219 වැනි සැසිවාරයේ දී ඓතිහාසික යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

මෙම සුවිශේෂිත තීරණයට පදනම වූයේ ශ්‍රී ලංකාවේ හිටපු කීර්තිමත් විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ මූලිකත්වයෙන් 1999 වසරේ, සම්මත කෙරුණු 54/115 දරන ඓතිහාසික එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව මගින් වෙසක් උත්සවය ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබීමයි.

එසේ පිළිගනු ලැබ වසර 25ක් ගත වන 2024 මාර්තු 26 අඟහරුවාදා දින පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේ දී ජාත්‍යන්තර වෙසක් දින උත්සවය සැමරීමේ ඓතිහාසික යෝජනාව යුනෙස්කෝව විසින් සම්මත කරගන්නා ලදී.

විධායක මණ්ඩලයේ සාමාජිකයින් 16ක් ද ඇතුළත් සාමාජික රටවල් 38කින් සමන්විත අන්තර් කලාපීය කණ්ඩායමක සම අනුග්‍රහය (co- sponsorship) ඇතිව යුනෙස්කෝවෙහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මණ්ඩලය විසින් මෙම තීරණයට අදාළ යෝජනාව ඉදිරිපත් කෙරිණ.

මෙම තීරණය යටතේ සම්මත කොට තිබෙන්නේ 2024 වසරේ සිට යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් වාර්ෂික පණිවිඩයක් නිකුත් කරන ලෙසත්, අදාළ ස්ථිර නියෝජිත මණ්ඩලය සමඟ සාකච්ඡා කර වාර්ෂිකව වෙසක් උත්සවය සැමරීමට සුදුසු වැඩපිළිවෙළක් සකසන ලෙසත් ය.

මෙම තීරණය තුළින් 2025 නොවැම්බර් මස පැවැත්වෙන යුනෙස්කෝ මහා සම්මේලනයේ 43 වැනි සැසියේදී සම්මත කර ගැනීම සඳහා සම්ප්‍රේෂණය කරන ලෙස ද අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් ඉල්ලා සිටිනු ලැබීය.

මෙම තීරණය හඳුන්වා දෙමින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මනීෂා ගුණසේකර මෙනවිය ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම “මනුෂ්‍යත්වය කෙරෙහි ගැඹුරු විශ්වීය වැදගත්කමක් ලබා දෙන මුලපිරීමක්” හා "විවිධ සංස්කෘතික සම්ප්‍රදායන්ට අයත් විවිධ රටවල් සහ මහාද්වීප පුරා විසිරී සිටින මිනිසුන් සහ ප්‍රජාවන්ගේ සැමරීමට ලක් වීම වෙසක් උත්සවයේ සැබෑ සාරය මූර්තිමත් කරන්නක්." බවත් ය.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ උන්වහන්සේගේ දර්ශනය යුනෙස්කෝවේ ප්‍රධාන වැඩසටහන් සහ උපායමාර්ගික අරමුණු සමඟ හොඳින් ගැළපෙන වන බව ඇය පෙන්වා දුන්නාය.

විශේෂයෙන් අන්තර්ග්‍රාහී අධ්‍යාපනය පෝෂණය කිරීම, වෙන්කොට සැලකීම පිටුදැකීම සහ බුද්ධිමය හා සදාචාරාත්මක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම ආදිය බුද දහමේ මූලික හර පද්ධතිය තුළින් මූර්තිමත් වන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනෙස්කෝ හි ඉන්දීය නිත්‍ය නියෝජිත සහ තානාපති විශාල් ෂර්මා ප්‍රකාශ කළේ "ශාක්‍යමුණි බුදුරදුන්ගේ කාලයේ සිටම චතුරාර්ය සත්‍යය අසංඛය පරම්පරා ගණනකට මග පෙන්වා ඇති" බවයි.

වෙසක් දිනය පිළිබඳ මෙම වැදගත් තීරණය සම්මත කරගැනීමට මුල් වූ සහ සහාය දුන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ රටවලට ඔහු සුබ පැතුම් එක් කළේය.

මෙම තීරණය ගැනීමේ සාකච්ඡා අතරතුර දී යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසෝලේ (Audrey Azoulay) ගේ නායකත්වය යටතේ යුනෙස්කෝ හි ප්‍රධාන වැඩසටහන් III සහ IV සඳහා වන සමාජ හා මානව විද්‍යා පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ගේබ්‍රියෙලා රමෝස් (Gabriela Ramos), සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ ජනරාල් අර්නස්ටෝ ඔටෝනෙගේ (Ernesto Ottone) අනුමැතිය සහ සහයෝගය මෙන් ම, අප්‍රිකා ප්‍රමුඛතා සහ විදේශ සබඳතා පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ඇන්තනි ක්වාකු ඔහෙමෙන්ග්-බෝමාහ් (Anthony Kwaku Ohemeng-Boamah) අනුමැතිය සහ සහයෝගය ද ලැබිණ.

මෙම තීරණයට සම අනුග්‍රහය (co-sponsorship) දැක්වූ සාමාජික රටවල් 38 වන්නේ ඇල්ජීරියාව, බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, චිලී, චීනය, කොලොම්බියාව, ජිබුටි, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසකස්තානය, ලාඕ පීඩීආර්, ලෙබනනය, ලයිබීරියාව, මැලේසියාව, මොරිටේනියාව, මොංගෝලියාව, මොසැම්බික්, මියන්මාරය, නේපාලය, නිකරගුවාව, නයිජීරියාව, පකිස්ථානය, පලාවු, පිලිපීනය, කොරියානු ජනරජය, රුමේනියාව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, පලස්තීන රාජ්‍යය, සුරිනාම්, සිරියාව, තායිලන්තය, ටියුනීසියාව සහ වියට්නාමය යි.

සුනිල් ආනන්ද පැරීසියේ සිට

 



අදහස් (1)

ජාත්‍යන්තර වෙසක් දින යුනේස්කෝ ප්‍රකාශය පැරීසියේ දී

බද්රානි Tuesday, 09 April 2024 06:26 PM

බලාගෙන ගියාම බුද්ධාගම වෙනුවෙන් සේවයක් කර තිබෙන්නේ, ලක්ෂ්මන් කදිරගාමන් වැනි දේශපාලඥයින් හා මොහිදීන් බෙග් වැනි අන්‍ය ආගමික කළා කරුවන්නේ....බුද්ධාගම් ලේබල් එක අලවා ගෙන ඒක බඩ ගොස්තරය වෙනුවෙන් යොදාගෙන, මේ ශාසනයත් විනාශ කරන එකනේ ලංකාවේ චීවරධාරියෝ කරන්නේ.... ඒ මදිවට, පිටරටවලටත් පැනගෙන ඒ රටවල විදේශගත ලාංකිකයින්වත් කොටවමින්, ලංකාවේ තක්කඩි දේශපාලකයින්ට ආවඩමින් සුර සැප විඳිනවා..නමෝ බුද්ධාය!!

:       5       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site