IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ආර්ථිකය ශ්‍රීලනිපය අනාගතය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙ මොකද වෙන්නෙ?

පිළිතුර:- කිසිම හේතුවක් නැතුව අනීතිකව අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරන්න ගියා. ඒකට විරුද්ධව අපි අධිකරණයටත් ගියා. හිතුවක්කාර තීරණ ගන්න ගිහින් පක්ෂය අද මේ තත්වෙට වැටිලා තියෙනවා. දැවැන්ත පක්ෂයක් පහළම තැනට ගෙනල්ලා අන්තිම ඇණෙත් ගහන්න සූදානම් වුණු වේලාවෙ තමයි අපි අධිකරණයට ගියේ. ඒ අනුව අධිකරණය අප තනතුරුවලින් ඉවත් කරන එක වළක්වමින් තහනම් නියෝගයක් දීලා තියෙනවා. ඊට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළකාලන වාරණ නියෝගයකුත් අරගෙන තියෙනවා. ඒ හැමදේමත් එක්ක මේ පක්ෂය ඉදිරියට යනවා. මන්ත්‍රීවරු 140 ක් එක්ක එතුමා පක්ෂය බාර ගත්තෙ. ඒත් අද මන්ත්‍රීවරු දෙන්නකුට පක්ෂය සීමා වෙලා තියෙනවා.

 

ප්‍රශ්නය:- ඔබ කීපදෙනා තනතුරුවලින් අයින් කරනවා කියලා කලින් දැනුම්දීමක් කළාද?

පිළිතුර:- කිසිම ආකාරයක දැනුම් දීමක් කළේ නෑ. එදා උදෙත් අපි එක්ක හොඳට කතා කළා. ඊට කලින් සතියෙත් එතුමා මට කතා කරලා අපේ ගෙදර රැස්වීමක් සංවිධානය කරන්න කියලත් කිව්වා.

 

ප්‍රශ්නය:- පක්ෂයේ තීරණයට එපිටින් ගිහින් ඔබ කණ්ඩායම ආණ්ඩුවට එකතු වෙලා ඇමැතිධුර දරපු නිසා තනතුරුවලින් අයින් කළා වෙන්න බැරිද?

පිළිතුර:- නෑ. එහෙම හේතුවක් තියෙන්න බෑනේ. අපිට එහෙම හේතුවක් කිව්වෙත් නෑ. ඒක එහෙම නම් අපට අලුතින් වගකීම් බාර දෙන්නෙත් නෑනෙ. මට මහනුවර හා මාතර දිස්ත්‍රික්ක බාර දීලා ඒ දිස්ත්‍රික්කවල සංවිධාන කටයුතු පටන් ගන්න කියලා කිව්වා. අපි ඒ සංවිධාන කටයුතු පටන් ගත්තා. පක්ෂය ඒ කටයුතු දිගටම ගෙනිච්චෙ නැති නිසා ඊට පස්සෙ අපට ඒවට යන්න වුණේ නෑ. අපි ආණ්ඩුවෙ ඇමැති ධුර දරන එක හොඳ නැත්නම් ආණ්ඩුවෙ නායකයො හමු වෙලා තමන්ගෙ පෞද්ගලික දේවල් කරගන්න එකත් හොඳ නෑනේ. අපි ආණ්ඩුවෙ ඉන්න එක වැරදියි නම් ඇයි විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා දේශනයකට ගෙනාවෙ. එතුමා ශ්‍රීලනිපයෙ අතීතය ගැන කතාවකුත් කළා. එහෙනම් ඒකත් වැරදියිනේ. ඒ නිසා මේ දෙබිඩි පිළිවෙත ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා.

 

ප්‍රශ්නය:- හිටපු ජනාධිපතිවරයා ඔබ කණ්ඩායම තනතුරුවලින් අයින් කරන්න තීරණය කළේ කාගෙ හරි කීමක් අහලා කියල ද ඔබලා හිතන්නෙ?

පිළිතුර:- ඒක කියන්න මම දන්නෙ නෑ. අපට පේන විදියට නම් එතන කුමන්ත්‍රණකාරයෝ පිරිසක් ඉන්නවා. කවදාවත් දැකලා නැති ශ්‍රී ලංකාකාරයෝ පිරිසක් අද එතුමා වටේ ඉන්නවා. රස්තියාදුකාරයෝ, ඩීල්කාරයෝ අද මේ පක්ෂෙට ඇවිල්ලා. ඒ අය පක්ෂය මෙහෙයවන බව තමයි මට පේන්නෙ.

 

ප්‍රශ්නය:- මේ වෙද්දී හිටපු ජනපති මෛත්‍රීට පක්ෂයේ සභාපතිකම දැරීම තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ. මෛත්‍රීව යවලා කාවද ගේන්නෙ?

පිළිතුර:- ඒ නියෝගය අරගෙන තියෙන්නෙ චන්ද්‍රිකා මැතිනිය. එතුමිය පක්ෂය ගොඩනගන්න සෘජුව දායක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ශ්‍රීලනිපය කියන්නෙ එතුමියගේ පියා ජීවිත පරිත්‍යාගයෙන් හදපු පක්ෂය. එතුමියගේ අම්මා රැකගත්ත පක්ෂය. අවුරුදු 17 කට පස්සෙ පක්ෂයට ජයග්‍රහණයක් අරන් දුන්නේ චන්ද්‍රිකා මැතිනිය. 1994 ඉඳන් දිගටම ජනාධිපතිවරු වෙලා හිටියේ අපේ පක්ෂයේ නායකයෝ. 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න මූලික වෙලා කටයුතු කළෙත් එතුමිය.

 

ප්‍රශ්නය:- දැන් ඔබල මෙහෙයවන්නෙ චන්ද්‍රිකා මැතිනියද?

පිළිතුර:- එහෙම මෙහෙයවීමක් නෑ. මාස ගාණකට පස්සෙ මම එතුමිය හම්බ වුණේ මේ ඊයේ පෙරේදා. එතුමිය අපි සමග සාකච්ඡා කළෙත් නෑ. එතුමිය කුමන්ත්‍රණ කරන්නේ නෑනේ.

 

ප්‍රශ්නය:- එතුමිය නැවත පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට ගේන්න වැඩපිළිවෙළක් යනවද?

පිළිතුර:- එහෙම සාකච්ඡාවක් කලින් ගියා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයම ගිහින් ඒ ගැන සාකච්ඡාවක් කළා. මම හිතන්නේ එතුමිය මේ පක්ෂය විනාශ වෙන්න ඉඩ දෙන එකක් නෑ.

 

ප්‍රශ්නය:- එතුමිය නෙවෙයි කවුරු ආවත් ශ්‍රීලනිපය වැටිලා තියෙන මේ අගාධයෙන් ගොඩගන්න පුළුවන් වෙයි කියලා හිතනවද?

පිළිතුර:- අනිවාර්යයෙන්ම පුළුවන්. අපිට ඒ හැකියාව තියෙනවා. මේ පක්ෂයට පැහැදිලි වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යන්න පුළුවන්. මොකද අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ළඟට විවිධ පක්ෂවල හිටපු මන්ත්‍රීවරු 40 ක් විතර එකතු කළා. එහෙත් ඒ අය එතුමාව දාලා යන තැනට පත්වුණා.

 

ප්‍රශ්නය:- පක්ෂය ඇතුළේ උද්ගත වුණු මේ අර්බුදයත් එක්ක දේශපාලන මණ්ඩලය රැස් කරන්න කියලා නිමල් සිරිපාල ඇමැතිවරයා ඉල්ලීමක් කරලා තියෙනවා. මේ ප්‍රශ්නය දේශපාලන මණ්ඩලය රැස් කරලා විසඳන්න පුළුවන් එකක්ද?

පිළිතුර:- මේ පක්ෂය ගැන කතා කරලා තීන්දු තීරණ ගත හැකි කීප දෙනෙක් ඉන්නෙ දේශපාලන මණ්ඩලයෙනේ. ඒ නිසා තමයි එතුමා ඒ ඉල්ලීම කරලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් දේශපාලන මණ්ඩලය සතියක් දෙකක් ඇතුළත කැඳවන්න ඕන. පක්ෂයේ දේශපාලන මණ්ඩලය සෑහෙන කාලෙකින් කැඳවලා නෑ.

 

ප්‍රශ්නය:- කොහොම වුණත් වැඩ බලන මහලේකම්වරයා කියන්නෙ මේ වේලාවෙ දේශපාලන මණ්ඩලය කැඳවන්න බෑ කියලා. ඊළඟට මොනවද කරන්නෙ?

පිළිතුර:- පක්ෂය රැකගැනීම වෙනුවෙන් ගත හැකි තීන්දු තීරණ ගන්න අපි කටයුතු කරනවා.

 

ප්‍රශ්නය:- එදා පක්ෂ කාර්යාලයේ තිබුණ මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රීලනිපය අලුත් ගමනක් යනවා කියලා ඔබ කිව්වා. මොකක්ද කරන්න යන්නෙ?

පිළිතුර:- අලුත් ගමනක් කියන්නෙ ශ්‍රීලනිපය තවත් පක්ෂයකට හේත්තු කරන එකට නෙවෙයි. සමහරු අදහස් කරනවා අපි මේ පක්ෂය ආණ්ඩුවට නැත්නම් යූ.ඇන්.පී. එකට හේත්තු කරන්න හදනවා කියලා. එහෙම එකක් නෙවෙයි. පක්ෂයේ දැන් ඉන්න කණ්ඩායම සජිත් ප්‍රේමදාසට හේත්තු වෙන්න හදන බව අපි දන්නවා. එහෙත් ඒ අයට සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් පිළිගැනීමක් නැති බවත් අපි දන්නවා. ඒත් අපි කාටවත් එකතු වෙන්නෙ නෑ.

 

ප්‍රශ්නය:- කවුද ඔබ ඔය කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සමගි ජන බලවේගයට යන්න ඉන්න කණ්ඩායම?

පිළිතුර:- ඒක ඉස්සරහට හෙළි වෙයි.

 

ප්‍රශ්නය:- ඒත් ඔවුන් චෝදනා කරන්නෙ, ඔබලා උත්සාහ ගන්නේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) හේත්තු කරන්න කියලා?

පිළිතුර:- නෑ. අපි ඉතාම පැහැදිලිව කිව්වනේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කළ අය. අපි එදත් ශ්‍රී ලංකා අදත් ශ්‍රී ලංකා හෙටත් ශ්‍රී ලංකා. අපි වෙන කිසිම පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හේත්තු කරන්න දෙන්නෙ නෑ. ඒ වගේම අපි වෙන කිසිම පක්ෂයකට යන්නෙත් නෑ. එහෙම යනවා නම් අපිට වෙන පක්ෂවලට යන්න ඕනෑ තරම් අවස්ථා තිබුණා. එහෙත් අමාරු තැන ඉඳලා හරි අපි බලන්නෙ ශ්‍රීලංකාකාරයො විදියට මේ පක්ෂය ගොඩගන්න.

 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විදියට අර්බුදයට යද්දි එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොකද වෙන්නේ?

පිළිතුර:- ඒ සම්බන්ධවත් ඒ අර්බුදයම තියෙනවනෙ. ඒ ප්‍රශ්නය විසඳන්නවත් පක්ෂයේ නායකතුමාට ඕනකමක් තිබුණෙ නෑ. සන්ධානෙ අර්බුදය විසඳන්න තිබුණා. මම එතුමට කිව්වා සන්ධානයේ මම දරන තනතුරින් අයින් වෙන්නම් කියලා. එහෙත් එතුමට බැරි වුණා තිලංග සුමතිපාල එයා දරන තනතුරින් අයින් කරගන්න.

 

ප්‍රශ්නය:- පක්ෂයේ මේ අර්බුදය තවත් දිග්ගස්සන්නේ නැතුව විසඳන්න නම් වහාම කළ යුත්තෙ මොකක්ද?

පිළිතුර:- ජනතාව පිළිගන්න නායකත්වයක් මේ පක්ෂයට එන්න ඕන.

 

ප්‍රශ්නය:- ජනතාවත් බලන්නෙ කවුද ඒ නායකයා කියලා. ශ්‍රීලනිපයට දැන් එහෙම නායකයො ඉන්නවද?

පිළිතුර:- ඉන්නවා. පොඩ්ඩක් බලන් ඉන්න. නායකයො ඉස්සරහට එයි.

 

ප්‍රශ්නය:- ජනාධිපතිවරණයක් මේ අවුරුද්දෙ එනවා. මොකක්ද පක්ෂයේ ස්ථාවරය? කාටහරි උදව් කරනවා ද? අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනව ද?

පිළිතුර:- මම එක දෙයක් කියන්නම්. අපි මේ ගෙනියන වැඩපිළිවෙළ කරන්න ඉඩ දුන්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ශක්තිමත්ම පක්ෂය බවට පත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් මන්ත්‍රීවරුන්ගෙ මහ ගෙදර මෙතැන. අද වෙන පක්ෂවලට ගිහින් ඉන්න අයත් ඒ අයගෙ මහ ගෙදරට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ අය පක්ෂයට ගෙන්න ගන්න පුළුවන්. වෙන පක්ෂයකට මුක්කු ගහන පක්ෂයක් බවට අපි මේ පක්ෂය පත් කරන්නෙ නෑ.

 

ප්‍රශ්නය:- අද ශ්‍රීලනිපයේ ඡන්ද පදනම තමයි පොහොට්ටුවෙ තියෙන්නෙ. ඔබ කියන්නෙ ඒ ඡන්ද පදනම නැවත ගේන්න පුළුවන් කියලද?

පිළිතුර:- ස්ථිර වශයෙන්ම පුළුවන්. ඒ අය එන්න කැමැතිම තැන මෙතන. පහුගිය දවස්වල අපි පොහොට්ටුවේ හිටපු කණ්ඩායමක්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට මුණගැස්සුවෙ. එහෙත් ඒ අය දැන් එළියෙ ඉන්නෙ. එයාලා ශ්‍රීලනිපයට එකතු වෙන්න කැමැත්තෙන් ඉන්නේ. සජිත් ප්‍රේමදාසට එකතු වුණු කණ්ඩායමේ කොටසක් මෙතනට එන්න කැමැත්තෙන් හිටියෙ. මෙතන තියෙන ප්‍රශ්න නිසා තමයි ඒ අය ගියේ. අපේ පක්ෂය පිරිසුදු වෙලා වැඩපිළිවෙළක් එක්ක ඉස්සරහට යනවා නම් ඒ අය මෙතනට එයි.

 

ප්‍රශ්නය:- ශ්‍රීලනිපය මුල් කරගත් අලුත් සන්ධානයක් හැදෙන බවට පහුගිය දවස්වල කතා ගියා. ඒ කතාවල ඇත්තක් තියෙනවද?

පිළිතුර:- ඔව්. ඒ සන්ධානයෙ කටයුතු කරන්න මන්ත්‍රීවරු 42 ක් සූදානම් වෙලා හිටියා. ඒ මන්ත්‍රීවරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය පිළිගන්න කැමති වුණේ නෑ. එයාලා කිව්වෙ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන විශ්වාසයක් නෑ කියලා. තීන්දු ගන්නවා, ඒවා නිතරම වෙනස් කරනවා. ඒ නිසා තමයි ඒ සන්ධානය හැදෙන වැඩේ නතර වුණේ. නැත්නම් ඒ සන්ධානය හදන වැඩේට අපි අවංකවම උත්සාහ දැරුවා. ඊළඟ ආණ්ඩු බලයත් ගන්න පුළුවන් වෙන විදියෙ ලංකාවෙ දැවැන්තම සන්ධානය ගොඩනගන්න තිබුණු අවස්ථාව මග හැරුණා.

 

(*** සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ)



අදහස් (0)

ආර්ථිකය ශ්‍රීලනිපය අනාගතය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 480 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 383 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 294 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1421 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 74 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 676 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 579 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 151 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site