IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


විදුලිය අර්බුදයේ අගමුල

මෙරට කතාබහට ලක්ව ඇති විදුලිබල ප්‍රශ්නය සාකච්ඡාවට ගැනීමේදී පාරිභෝගිකයාට වැදගත්වන ඉතාමත් සරල තැනකින් ඊට ප්‍රවේශයක් ගත හැකිය. එනම් මෙරට විදුලි නිෂ්පාදනයේ ස්වභාවය තේරුම් ගැනීමයි. ලංකාවේ ජනගහනයෙන් විදුලි පරිභෝජනය කරන පිරිස දළ වශයෙන් මිලියන 6.6 ක් පමණය. විදුලි ඒකක මට්ටම් සකස් වන්නේ 30, 60, 120, 180 ආදි වශයෙන් තිහේ ගුණාකාර ලෙසිනි. විදුලි අය ක්‍රමය සකස් කෙරෙන විට බලපාන්නේ මේ තිහේ ගුණාකාර රටාවයි.

විදුලිය ඒකක තිහට වඩා අඩුවෙන් පාවිච්චි කරන මිලියන තුනක පිරිසක්ද ඒකක හැටට වඩා පාවිච්චි කරන මිලියන හතරක පිරිසක්ද මේ පාරිභෝගිකයන් අතර වෙති. සාමාන්‍ය පරිභෝජනයෙන් සියයට 28ක් 30ක ප්‍රමාණයක් භාවිත කරන්නේ ගෘහස්ථ පරිභෝජනයයි. ඒ හා සමානව ප්‍රමාණයක් කර්මාන්ත සඳහා ද පාවිච්චි වේ.

රටෙහි දිනකට වැයවන විදුලිය ගණනය වන්නේ ඒකක මිලියන ගණන්වලිනි. ඉරිදා වැනි දිනක සාමාන්‍යයෙන් ඒකක මිලියන 37ක් පමණ වැය වේ. සතියේ දිනක නම් එය ඒකක මිලියන 45ක් පමණය. එම මට්ටම වාර්ෂිකව ගණනය කළොත් විදුලි ඒකක මිලියන 15000ක් පමණ පරිභෝජනය සඳහා වැයවන බව පැහැදිලිය. මෙසේ වාර්ෂිකව අපේක්ෂිත විදුලි ඒකක මිලියන 15000 කෙසේ හෝ සකසා ගැනීම අවශ්‍ය වෙයි. ඊටත් අමතරව ජෙනරේටර් මගින් ක්‍රියාත්මක වනවිට විදුලි පරිභෝජනය ඒතැනින්ම නිෂ්පාදනය කළ යුතුවේ. නොරොච්චෝල බලාගාරය උදාහරණයකි. එබඳු අවස්ථාවලදී තවත් සියයට 2ක් පමණ විදුලිය නිෂ්පාදනයත් අවශ්‍ය වේ. එවිට ඉහතින් දැක්වූ ඒකක මිලියන 15000ට අමතරව තවත් ඒකක මිලියන 750ක් පමණ විදුලි නිෂ්පාදනයක් ද අවශ්‍ය වේ.

පොදුවේ ගණනය කළහොත් මෙරට ජලාශ සියයට 84ක් ජලයෙන් පිරී තිබේ. ගිය වසරේ නම් එය සියයට සියයකි. එහෙත් අපට අවශ්‍ය ඒකක මිලියන 15000 නිෂ්පාදනය කිරීමේදී දැන් තිබෙන ජලාශ සියල්ල භාවිත කරමින් ජලයෙන් පමණක් විදුලිය නිෂ්පාදනය කළොත් එය සෑහෙන්නේ මසක කාලයකට පමණි.

එහෙත් ජලාශවල ජලය රැඳෙන්නේ වර්ෂාවේ ප්‍රමාණය පදනම් කොටගෙනය. එසේ ජලය රැඳී ඇති අවස්ථාවල වුවත් සමස්ත විදුලි අවශ්‍යතාවෙන් ජල විදුලිය නිපදවාගත හැක්කේ ඒකක 4500 – 5000 ත් අතර ප්‍රමාණයක් පමණි. එය වාර්ෂික සමස්ත විදුලි අවශ්‍යතාවෙන් තුනෙන් එකක් පමණි.

ජලය යනු අපට අවශ්‍ය පරිදි අපේක්ෂා කළ හැකි සම්පතක් නොවේ. එය තීරණය වන්නේ කළමනාකරණය මතය. අපට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කළ හැකි සම්පත් ලෙස ඇත්තේ ගල් අඟුරු, දැවි තෙල් හා ඩීසල් ආදියයි. සුළං බලාගාර ක්‍රියාත්මක වන්නේද මෝසම් සුළං සහිත කාලය ආශ්‍රිතවය.

වෙනත් බොහෝ රටවල වැඩි වශයෙන් විදුලිය භාවිත වන්නේ දිවා කාලයෙහි වුවත් ශ්‍රී ලංකාවේ වැඩිම විදුලි පරිභෝජනයක් ඇත්තේ රාත්‍රී කාලයෙහිය. විදුලි අවශ්‍යතාව සැකසෙන්නේත් නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය තීරණය වන්නේත් ඒ අනුවය. උදාහරණයකින් පැහැදිලි කළොත් මන්නාරම සුළං විදුලි බලාගාරයේ මෙගාවොට් 105 ක් නිෂ්පාදනය වේ. රාත්‍රී කාලයේ විදුලි අවශ්‍යතාව සපුරාලීමට එවැනි විසිගුණයක් උවමනා වේ. එය අඩුම වශයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි මෙගාවොට් 2000ක ප්‍රමාණයකි. විදුලිය නිෂ්පාදනය කෙරෙන බලාගාරවල විදුලිය විසන්ධි නොවී තබාගැනීමට එනම් ඉල්ලුම හා සැපයුම පවත්වා ගැනීම අවශ්‍ය වේ. විදුලිය ඉල්ලුමට සැපයුම පවත්වාගත නොහැකි වුවහොත් සමස්ත පද්ධතියේ සමතුලිතභාවය රැකගත නොහැකි වනු ඇත.

මේ අනුව දැනට සිදුවන්නේ කුමක්ද? මේ කාලයේ වර්ෂාව නොමැති නිසා සියයට 50ක ප්‍රමාණයක් එක දිගට ගල් අඟුරු බලාගාර භාවිත කළ යුතුව ඇත. ජලය පවතින අවස්ථාවල සියයට 25 – 30 ක ප්‍රමාණයකින් ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබේ. සුළං සහ සූර්ය බලයෙන් නිපදවාගත හැක්කේ සියයට 5-10 ත් අතර ප්‍රමාණයකි. මේ අනුව පාරිභෝගිකයන් වෙත නිකුත් කෙරෙන විදුලි බිල සැකසෙන්නේ මේ සියල්ලේ එකතුවෙනි.

උදාහරණයකට 2022 ජූලි වාර්තාගත වියදම් සැලකිල්ලට ගතහොත් ජලයෙන් විදුලි ඒකකයක් නිපදවීමට රු. 4 ශත 85ක්ද ගල් අඟුරු ඒකකයක් නිපදවීමට රු. 33 ශත 32ක්ද දැවිතෙල් ඒකකයක් නිපදවීමට රුපියල් 100ක් 105 ත් අතර ගණනක්ද ගෑස් ටර්බයිනර් මගින් ඒකකයකට රුපියල් 66ක්ද ඩීසල් මගින් ඒකකයකට රුපියල් 100 – 114 ක් අතර ගණනක්ද වැය වේ.

මීට අමතරව ගෑස්, ඩීසල්, ගල් අඟුරු ආශ්‍රිත විදුලි නිෂ්පාදනයේදී අමතර නිෂ්පාදන පිරිවැය ද නඩත්තු මුදල්ද මීට එකතු වේ. එසේම විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී තවත් මුදලක් වැයවේ. මේ සියල්ල එක් කළ විට එක් විදුලි ඒකකයකට රුපියල් 54 ශත 57ක් පමණ වැය වන බව පෙනේ. එය ඩොලර් ශත 20ක පමණ අගයකි. නිෂ්පාදන වියදම් වෙනස්වීමේදී මේ මිලද වෙනසකට ලක්වේ.

ලංකාවේ විදුලි අර්බුදය පිළිබඳ සංවාදය වරින් වර මතුවන්නේ ඇයි? පසුගිය කාලයේ පැය 13ක විදුලි විසන්ධි කිරීමකට මුහුණදීමට සිදු විය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් යන්ත්‍ර ක්‍රියාවිරහිතවීමත් ඒවා නැවත ක්‍රියාත්මක කිරීමට මාස 2-3 ක කාලයක් ගතවීමත් මේ සඳහා බලපෑමක් ඇති කළේය. දැන් පවා නොරොච්චෝල බලාගාර තුනම වසා දැමීමට සිදුවුවහොත් විදුලි සැපයුම ප්‍රමාණවත් වන්නේ එක් මාසයකට පමණි. මේ අර්බුද ඇතිවීමට හේතු වූයේද මෙම තත්වයයි. ඩීසල් බලාගාර ක්‍රියාත්මක වීම නිසා නිෂ්පාදන මිල ඉහළ යාමක් එහිදී සිදු වෙයි.

ලංකාවේ තත්වය ගතහොත් ජලයෙන් විදුලිය සැපයීමේ උපරිම සීමාවට මේ වනවිට පැමිණ තිබේ. නොරොච්චෝල බලාගාරයටත් පෙර මුලින්ම යෝජනා වුණේ මෙගාවොට් 1500ක් නිපදවීම සඳහා හම්බන්තොට ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමයි. මේ වෙනුවට නොරොච්චෝල ඉදිවූයේ මෙගාවොට් 900 ක් සහිත ගල් අඟුරු බලාගාරයකි. සාම්පූර්හි ඉදි කිරීමට යෝජිත බලාගාරය විවිධ මතභේද හේතුවෙන් අත්හැර දැමිණ.

එපමණක් නොව ගල් අඟුරු බලාගාර මෙරට ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග ඇතිකරගත් එකඟතාවන්ට සිදු වූයේ කුමක්ද? මෙම ඉදිකිරීම් රටට අහිමි වූයේ සාකච්ඡා කතාවට පමණක් සීමාවීම නිසාය. ක්‍රියාත්මක කිරීමට කල් මැරීම නිසාය. ‘අඩු වියදම් දීර්ඝ කාලීන උත්පාදන සැලසුම’ සකස් වන්නේ අවුරුදු 20කට යටත්වය. එය සෑම වසර දෙකෙන් දෙකටම ක්‍රියාත්මක වන්නකි. එහිදී සිදුවන්නේ ලංකා විදුලිබල මණ්ඩලය සහ ඊට අදාළ ක්ෂේත්‍ර සාකච්ඡා කිරීමෙන් පවත්නා අවශ්‍යතාව හඳුනාගැනීමය. ලංකාවට අවශ්‍ය බලාගාර මොනවාද? ඒවා ආරම්භ කළ යුත්තේ කවර කාලයේද, කරන්නේ කෙසේද යන්න සැලසුම් කිරීම මෙහිදී සිදුවේ. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට යාමේදී මූලික වරදක් සිදුවේ. මෙම සැලසුම විදුලි බල මණ්ඩලයෙන් සකස් කරන්නේ ලංකාවට මුදල් ඇති බව සිතාගෙනය. ශ්‍රී ලංකාව යහපත්ව පැවැති කාලයේ විවිධ රටවලින් ආධාර ලැබිණ. ණය මුදල් ලැබිණ. එහෙත් දැන් පවතින තත්වය වන්නේ සැලසුම් සකස් කළාට මුදල් නොමැතිවීමයි.

අනෙක් පැත්තෙන් විදුලි ව්‍යාපෘති සඳහා ආයෝජකයන් පැමිණෙන අවස්ථාවල අපේ රටේ සිදුවන්නේ කුමක්ද? එම ආයෝජකයන් උනන්දු කිරීමට රටේ වැඩිපිළිවෙළක් තිබේද? ආයෝජකයන් කැඳවා ක්ෂේත්‍රයට ලාබයක් ලබාදීමට සූදානම් වන විට විවිධ පාර්ශ්ව ඊට විරෝධතා දැක්වීම ලංකාවේ පවත්නා අවාසනාවන්ත තත්වයකි.

එවැනි අවස්ථාවල මේවා රට විකිණීමේ සැලසුම් හොර ගිවිසුම් යැයි පවසමින් විවිධ පාර්ශ්ව ආයෝජන අවස්ථා යටපත් කරන තත්වයක් තිබේ. එවැනි ගිවිසුම්වලට එකඟ වූවා නම් අනවශ්‍ය වියදම් රාශියක් අවම කොට ගැනීමේ හැකියාව තිබුණි.

විවිධ වෘත්තීය සමිති සහ ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම ආයෝජන අවස්ථාවලට පවා පටු දේශපාලන හැඩයක් ලබාදෙමින් සිටින බවද පෙනේ. ඔවුහු ඒ වෙනුවෙන් මහජන මතයක් ගොඩනැගීමට උත්සාහ ගනිති. ඇමරිකාවට දුන්නොත් සිදුවන්නේ මෙයයි, චීනයට, ඉන්දියාවට දුන්නොත් සිදුවන්නේ මෙයයි කියමින් කිසියම් දේශපාලන මුහුණුවරක් මේ සඳහා ලබාදෙති. මෙබදු පරිසරයක විදුලි නිෂ්පාදනයට ආයෝජකයන් පැමිණේවිද? පැමිණියද ඔවුනට දක්නට ඇත්තේ ආයෝජනයට හිතකර පරිසරයක් නොව අහිතකර එකකි. මේ තත්වය තුළ ආයෝජනයට හිතකර පරිසරයක් රජය විසින් හෝ ආයතන විසින් හෝ නීති වශයෙන් හෝ නිර්මාණයවන්නේ නැත.

විදුලි ක්ෂේත්‍රයේ අර්බුදයක් නිර්මාණය වී ඇත්නම් ඒ සඳහා මූලික කාරණය ලෙස මා දකින්නේ තීරණ ගැනීමේ ප්‍රමාදයයි.

පැවති සුළං විදුලි බලාගාරවල තවත් මෙගාවොට් 20-30 ක් අතර ප්‍රමාණයක් වැඩි කරගැනීමට අවස්ථාව තිබුණි. එහෙත් එහිදී ගත් ඇතැම් තීරණත් ඇතැම් තීරණ ප්‍රමාදයත් නිසා එම වාසිය ලබාගත නොහැකි විය. කිසියම් ආයෝජකයෙකු මෙරටට පැමිණෙන විට බරපතළ සැකයෙන් ඔහු දෙස බැලීමේ පුරුද්දක් සමාජයේ දක්නට ලැබේ. ඇත්තේ අවිශ්වාසයකි.

මෙහි තවත් පැත්තකි. අය ක්‍රමය වෙනසකට ලක් නොකොට එලෙසම අවුරුදු 13ක් පමණ පවත්වාගෙන ආ සැටි පසුගිය කාලයේ අපි දුටුවෙමු. එවැන්නක් කිරීමේ අනාගත අර්බුදය නොසිතා ඔවුන් සිතන්නේ කුමක්ද? අය ක්‍රමය වෙනස් කළොත් ඔවුන්ට ඡන්දය නොලැබේවි යන මතයයි. කර්මාන්තයකට එසේ ඉදිරියට යා හැකිද? පසුගිය කාලය පුරාම විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව කියැවෙන්නටත් විදුලි බිල ඉතා ඉක්මනින් වැඩිවීමටත් මේ තත්වය ප්‍රධාන කාරණයක් විය. එවැන්නක් දීර්ඝ කාලීන ප්‍රශ්නයක් සේ සමාජයට දැනෙන්නට පුළුවන. අද සිදුවී ඇත්තේ එයයි.

රජයේ ආයතනයක් ආදායමට වඩා වියදම වැඩිවන කල්හී සිදුවන්නේ කුමක්ද? ආයතනය පමණක් නොව රටත් බංකොලොත් වීමය. එසේ බංකොලොත් වූ විට මෙය අත්‍යවශය සේවාවකැයි සලකා නැවතත් ණය ගෙන පෙර පරිදිම ක්‍රියා කිරීමය.

මැලේසියාව පටන් ගත්තේ කෙසේද? ලෝකයට විවෘත වීමෙනි. ආයෝජකයන් ගෙන්වා ගැනීමෙනි. එහෙත් ලංකාවේ තත්වය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්ය. ‘අප සිටින්නේ කිසිවකුට හෝ බිං අඟලක් නොදෙනවා’ වැනි මානසිකත්වයක ය. විවිධ තේමා රැගත් මෝඩ කතා කියමින් හැමදාම දුප්පත්ව සිටින්නට ගන්නා උත්සාහයකි එය.

අද සිදුවී ඇත්තේ ඇතැම් වෘත්තීය සමිති අනවශ්‍ය ලෙස බලය යොදමින් ආයතන පාලනය කිරීමට උත්සාහ ගැනීමය. වෘත්තීය සමිතියක් අවශ්‍යවන්නේ තම සාමාජිකයන්ගේ සාධාරණත්වය රැකගැනීමට වුවත් එය අමතක කොට ඔවුහු පරිපාලනය අතට ගන්නට බලති. එය ඉඩ නොදිය යුතු තත්වයකි. ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇත්නම් එය නිර්මාණය වීමට කෙටිකාලීන සහ දීර්ඝකාලීනව මේ සියලු කාරණා බලපෑ බව නොරහසකි.

මේ අර්බුදයට විසඳුමක් ලෙස පවත්නා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම ඉතාම වැදගත් වේ. එයින් අමතර වියදම් ද අවම කරගත හැකිවනු ඇත. ආයෝජකයන් ගෙන්වා සූර්ය හා සුළං බලාගාර ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කිරීමත් වැදගත්ය. ඒ සඳහා වන ස්වාභාවික සම්පත් රටේ වෙයි. මන්නාරම, සිලාවතුර, යාපනය මුහුදුබඩ ප්‍රදේශය මුහුදු සුළං බලාගාර සඳහා හිතකර ප්‍රදේශ වේ. මේ වන විට ඩොලර් ප්‍රශ්නයක් රටේ ඇත්නම් රජයේ මැදිහත්වීමකින් තොරව එම ආයෝජකයන්ට තම ව්‍යාපෘති සඳහා පූර්ණ අවස්ථාව දිය හැකිය.

 

(***)

සටහන – ගාමිණී කන්දේපොළ



අදහස් (0)

විදුලිය අර්බුදයේ අගමුල

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 356 1

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 78 0

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 605 3

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 152 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 877 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 367 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 363 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1765 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1594 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site