නිර්මාණ රචනය උසස් රසිකත්වයේ ප්‍රතිඵලයක්
ආරාධනා, සඳ හොරෙන් හොරෙන් හෙරෙන් බලා, පුංචි සිතේ පුංචි සිනා, සඳ තරු නිහඬයි, ප්‍රේමයේ මන්දහාසිනී, රාත්‍රිය උදාවුණා, සිනා පොදක්වී, මාවවුලන් රෑ පුරාම, සෙනේ සිතින් සැනසිල්ලෙන් ඇතුළු සුභාවිත ගී රැසක් මෙරට ගී ක්ෂේත්රයට දායාද කළ ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශයන්ගේ ගීත පද රචනා ඇතුළත් නවතම කෘතිය ‘සීතල දිය දෝතක්’ නමින් පසුගියදා එළි දැක්වුණි. ඒ සමුද්‍ර වෙත්තසිංහ ප්රකාශනයක් ලෙසිනි. මෙවර සංවාදය ආරියවංශ මහතා සමග පැවැත්වෙන්නේ එම නවතම කෘතිය පදනම් කොටගෙනය.