
(විනීතා එම් ගමගේ)
සම්ප්‍රදායිකව රබර් වගා කරන ප්‍රදේශවලින් පිටස්තර ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
අත්හදා බැලීමක් වශයෙන් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ආදර්ශ රබර් වගාවක් මේ වනවිට සිදුකර ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා ලංකාදීපයට පැවැසීය.
සාමාන්‍යයෙන් රබර් ත්‍රිකෝණය ලෙස හැදින්වෙන කෑගල්ල,කළුතර,රත්නපුර,දිස්ත්‍රික්ක තුනෙහි වාණිජ වගාවක් ලෙස රබර් බහුලව වගා කරනු ලබන නමුත් ජනගහන වර්ධනය මත මෙම සම්ප්‍රදායික දිස්ත්‍රික්ක වල රබර් වගාවන් ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කීය.
මේ අනුව මේ වන විටත් මොණරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 9000ක වාණිජ වගාවක් ලෙස රබර් වගා කර ඇති බවත් මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ ද හෙක්ටයාර 3000ක වාණිජ වගාක් ලෙස රබර් වග කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක දෙකද වාණිජ වගාවක් ලෙස රබර් වගාකිරීමේ හැකියාව පිළිබඳව සිදුකෙරෙන අධ්‍යනයන්ට පසු සාර්ථක වුවහොත් වාණිජ මට්ටමින් වගාකිරීමට කටයුතු කරන බව ද හේරත් මහතා කීය.
වියළි කලාපයන්හි වර්ෂාපතනය අඩු බැවින් වසරේ වැඩි කාලයක් කිරි කැපිය හැකි වීමත්, දිලීර රෝගවලට ලක්වීමේ අඩු කමත් වියලි කලාපයේ රබර් වැවීමෙන් අත්වන වාසි යැයි ද ඔහු පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙත් කලාපයේ වැවෙන රබර් වල මිල පහල වැටිලා විකුනන්න බැරිව ඉන්නවා එතකොට වියලි කලාපයේත් වවන්න යනවා.
ලංකාවෙ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව සහ එහි නිලධාරින් සම්පූර්ණයෙන්ම අසමත්... අද රටෙ කහ ටිකක් හොයාගන්න නැහැ. සහල් මිල අහස උසට නැගලා. රටෙ ආරක්ෂක හමුදාවට වී මිලදී ගැනීම සහ වගාකටයුතු වල වල යෙදවෙන්න සිදුවෙලා ... මෙ නිලධාරින් හා දේශපාලකයින් කල්පනා කරනවා වියළි කලාපයෙත් රබර් වවන්න. තෙත් කලාපයේ නිෂ්පාදනය කරන රබර් වගාව දැන් පහත වැටිලා, වගාකරුවන් ඉතා අසරණ වෙලා. කරුණාකර වියළි කලාපෙට ගැලපෙන ආහාරයට ගන්න පුළුවන් දෙයක් වවන්න.
කෑගල්ල කළුතර ගාල්ල රත්නපුර වැනි දිස්ත්‍රික්කවල රබර් වගාව අසාර්ථකව ඇත්තේ ජනතාව වැඩි නිසා නොව වැස්ස වැඩිවීමත් කිරි කැපීමට සේවකයින් නොමැතිවීමත් නිසා කියලයි අද්දැකීම් අනුව අපට හිතෙන්නේ. කොහොම වුනත් අධිරාජ්‍යවාදීන් අපට හුරුකල වගාවන් කරනවා කියන්නේ තවතවත් මේරට ලෝකයට ණයකරුවෙක් වීම පමණයි. පළමුව රටට ගෙන්නන ආහාර වර්ගත් බෙහෙත් වර්ගත් වවනවානම් හොදයිනේද. විදේශිකයින් මෙරට අල්ලා ගැනීමට පැමිණියේ කුරුඳ. ගම්මිරිස් එනසාල් වැනි කුළුබඩු නිසාය ඒගැන අවධානය යොමුකලොත් නරකද මහත්තයෝ.
මේක දැන් අවුරුදු කීයක් පරණ කතාවක්ද? වව්නියාවේ, මුලතිව්, කිලිනොච්චිය වගේ පැතිවලත් ආදර්ශ වගා කරලා දැන් කොච්චර කල්ද?
වගාවන් කිරීම මොන කලාපයේත් දැන් අපහසුයි. බෝග සඳහා මිලක් නොමැති වීමත් කම්කරු ශ්‍රමය ලබා ගැනීමේ අපහසුවත් මෙයට මූලික හේතුන් වේ. මහනුවර දිස්ත්‍රික්කයේ මගේ පියාට හා මවට අයත් ගම්මිරිස්, කරාබුනැටි, කෝපි වැනි සුළු අපනයන බෝග වගාකළ ඉඩම් කිහිපයක්ම විකුණා දැමීමට සිදුවුනේ මේ නිසායි...
හාස්‍යජනකයි. ලෝකයේ ස්වාභාවික රබර් වෙනුවට කෘතිම නිෂ්පාදන තිබේ. වාරිමාර්ග නැවත ලබා ගැනීම සහ අතහැර දමා ඇති කුඹුරු නැවත වගා කිරීම ගැන කුමක් කිව හැකිද?