( කාංචන කුමාර ආරියදාස)
අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වම්බටු වගාකරුවන් වගාව ආරම්භකර මාස ගණනාවක් ගත වී ඇතත් ඒවායේ බටු අස්වැන්න නොලැබීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
පෞද්ගලික බීජ වෙළඳසැල්වලින් විශාල මුදලක් වියදම් කර වම්බටු බීජ ලබාගෙන වගාකොට මාස 3කට අධික කාලයක් ගතවී ඇතත් මේ වනතුරුත් මල් පමණක් හටගෙන වම්බටු කරල් හට නොගැනීම මෙහි විශේෂත්වයක් බව වම්බටු ගොවීහු පෙන්වා දෙති.
පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලාවැව, ගල්කිරියාගම, කලාගම, පුබ්බෝගම, ආනකටාව, දඹුලු හල්මිල්ලෑව, හබරත්තාවල ආදී ගොවි ප්‍රදේශවල වම්බටු ගොවීහු මෙම තත්ත්වයට මුහුණ පා ඇතැයි ගොවීහු කියති.
වම්බටු ගස ඉතා සාරවත් ආකාරයෙන් වැඩී තිබෙන බවත් ඒවායේ මල් පමණක් හටගන්නා බවත් පෞද්ගලික වෙළඳසැල්වලින් බීජ අලෙවිකරණ ආයතන වල උපදෙස් පරිදි අති විශාල මුදලක් වියදම් කර විවිධ බෙහෙත් වර්ග යෙදුවද මෙතෙක් වම්බටු වල ඵලදාව නොමැතිබව කියති.
ගොවීන් රැසකට සිදුව ඇති මෙම විනාශය පිළිබඳව කෘෂිකර්ම බලධාරීන් මහවැලි බලධාරීන් ගොවිජන සේවා බලධාරීන් පමණක් නොව පෞද්ගලික අංශ බීජ අලෙවි කරන පෞද්ගලික ආයතන දැනුවත් කළද මෙතෙක් කිසිඳු අයෙකුගෙන් සහනයක් නොමැති බව ගල්කිරියාගම ප්‍රදේශයේ වම්බටු ගොවීහු පෙන්වා දෙති.
වන අලින්ගෙන් ගහන වූ ප්‍රදේශවල වගා කළ ගොවීන් කියා සිටින්නේ දිවා රාත්‍රියේ අති විශාල මුදලක් වියදම් කර මාස ගණනාවක් තිස්සේ වන අලින්ගෙන් වගාවන් ආරක්ෂා කොට ඵලදාව ලැබෙනතුරු බලා සිටියද වම්බටු වගාවන්වල කිසිදු කරලක් හට නොගන්නා බවය.
කඩිනමින් මේ පිළිබඳව සොයා බලා තමන්ට සාධාරණයක් ඉටු කර දෙන්නැයි ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිත මෙම වම්බටු බීජ පෞද්ගලික ආයතන මගින් අතිවිශාල මිල ගණන් යටතේ අලෙවි කරන බව ද ගොවීහු සඳහන් කරති.
මේ දිනවල වම්බටු කිලෝ 1ක තොග මිල රුපියල් 65ත් 80ත් අතර මිලක් පවතින බවත් වම්බටු අස්වැන්න ලැබුණේ නම් ගොවීන්ට අතමිට සරු වන බවත් ඔවුහු පෙන්වා දෙති. එහෙත් මෙවර ණය වී, අත කනකර බඩු උගසට තබා වගා කළ ද එම සියලු මුදල් බීජ නිෂ්පාදකයන්ට කෘමිනාශක ඇස හා තෙල් බෙහෙත් නිෂ්පාදකයන් හට ලබාදී ගොවියාට සියදිවි හානිකර ගැනීමට සිදුව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපේ දේශීය ගොවියාට හොඳ පාඩම්. අපේ දේශීය දේවල් අත ඇරලා පිටරටින් එන බීජ ගත්තම ඔහොම තමා.
පරාග සඳහා කෘමින් අවශ්‍ය තරම් නැතිවීම වෙන්න පුළුවන් රජය මැදිහත්වී මෙය විසඳිය යුතුය
ගොවියාට දොස් පැවරීම වැරදියි. කෘෂිකර්ම බලධාරීන්ගේ උදාසීන බව හා නොසැලකිල්ල නිසා ගොවීන් වෙළඳපොලේ ඇති මොන යම් හෝ බීජයක් වගා කිරීම නොවැලක්විය හැකිය. ගොවීන් දැනුවත් කිරීම වෙනුවට බලධාරීන් තම සුඛ විහරණය වෙනුවෙන් ක්‍රියා කරයි. ගොවියා අනාථ වීම පුදුමයක් නොවේ.
වසන්තගේ අදහස හරියට හරි. මම ඉන්නේ නෙදර්ලන්තයේ. කෘමින් නැති උනොත් ඵලදාවක් ඇත්තෙම නැහැ.නෙදර්ලන්තයේ ගොවි වගාවට, කෘමින් ආරක්ෂා කරන්නට විශාල වශයෙන් ක්‍රම යොදනවා. ලංකාවේ විශාල වශයෙන් කෘමි නාශක භාවිත කරනවා ආවා ගියාට විශාල අපරාදයක් මේක ඉතින් මේක තමා ප්‍රතිපලය.
ගොවි සේවා කාර්යාලයට නොව ගොවි බිමට ලැබෙන විදියට සකස් කල යුතුය
අනෙකුත් විෂයයන් හා සසඳන විට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශයේ වැඩිම ආචාර්ය උපාධිධාරීන් සංඛ්‍යාවක් සිටී. ඔවුන් සෑම දෙයක්ම කරන නමුත් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට කිසිවක් නොකරයි. රජයේ කෘෂිකාර්මික ආයතන ඕනෑ තරම් තිබේ, නමුත් ඔවුන් කෘෂිකර්මාන්තය සමඟ කිසිවක් නොකරයි. අනෙකුත් විෂය ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයේ වැඩිම උපාධිධාරීන් සංඛ්‍යාවක් බිහි කරයි. එහෙත්, මෙම උපාධිධාරීන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුමක් නොමැති අතර ඔවුන්ට පළිබෝධ හෝ ශාක ප්‍රභේද හඳුනාගත නොහැක. සෑම පළාතකම විශ්ව විද්‍යාල මට්ටමේ කෘෂිකාර්මිකයන් යන් සිටින අතර, මහාචාර්යවරුන් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය පර්යේෂණ කරන්නේ ඉතා ස්වල්පයකි. දුප්පත් ගොවීන්ට අනුකම්පාව.
දේශීය බිජ නිපදවන සමාගමක් ගැන අපිනම් අහලාවත් නැහැ, ඒ නිසා අපව දැනුවත් කරන්න.
වම්බටු ගැන හිතලා හිත හදාගෙන හිටියා... දැන් එ්කටත් කෙළවුණා.
අපේ තාත්තා ගුරුවරයෙක් නමුත් ගොඩක් වගා කළා. මට මතක විදියට කිසිම බේතක්වත්, පොහොරවත් භාවිතා කලේ නැහැ. බීජ හැදුවේ තවාන් දැම්මේ අපිමයි. මී මැසි පාලනයත් කළා. කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ. අපිට හෙන ගහලා තියෙන්නේ මේ තෙල්බත් කාරයෝයි පෝරකාරයෝයි දැන් බීජත් වෙන රටවල් වලින් ගේනවා. මේවා නවත්තන්ඩ පිට කොන්දක් රජයට නැහැ.
මී මැස්සෝ පෙට්ටි ගෙනත් ළඟින් තිබ්බොත්...!!
මී මැස්සෝ ඇතිකරන්න ආධාර කරන්න. කෘෂි නිලදාරීන් නිදිද ?
මේ දවස්වල අපි කින ඕන දෙයක් කරලා දෙන්න ලෑස්ති කෙනෙක් ඉන්නවා. එයාට කිවුවොත් මහරෑක උනත් ඔබේ දෙපතුල ලඟටම ඇවිල්ලා පරාගනය කරලා දෙයි. හැබැයි අවුලකට තියෙන්නේ එයා ඒ කොයි එක කරන්නේත් ජනාධිපති උනොත් විතරයි.
කෘෂීනිලධාරින් ගැන කථා කරල වැඩක් නෑ. මේ රටේ කෘමිනාශක හා රසායනික පොහොර භාවිතය වක්‍රව දිරිගන්වා තෙල් බෙහෙත් මුදලාලිගෙන් හා පොහොර කොම්පැනි වලින් කොමිස් ගන්නවා. මේ බීජත් කෘෂිකර්මයනේ නිර්දේශිත බීජ බව ලිපියේ දක්වා තිබනවා ඒ කියන්නේ කොහේ හෝ තිබන ජරාවක් කොමිස් කුට්ටියක් ගිල දමා හොඳ බීජ ලෙස නිර්දේශ කලාද දන්නේ නෑ. මේක අපි නොදැනුවත්ව මහා ජාවාරමක් බවට පත්වෙලා. අපි අපේ සියල්ල නැති කරගෙන අනුන්ගේ වහකාල මැරෙන ජාතියක් බවට අද පත් වෙලා. අපි සහ අපේ රට ම පව්.
මේ ගසුත් එක්සත් ජාතික පාක්ෂිකයෝ වගේ නේද ?
මට හිතෙන්නේ ඔබ මොන්සන්ටෝ වැනි විදේශීය බිජ සමාගමකට රැවටිලා. ඔබට බිජ විකුණුව වෙළඳසැලෙන් අහන්න මේ බීජ සමග ඒ අය වෙනත් රසායන ද්‍රව්‍යයක් දුන්නද කියා වෙනම විකුණන්න? ඔබ අහලා තියෙනවාද " කිලර් ජීන් " තාක්ෂණය...? මෙහිදී සිදුවන්නේ බීජ නිෂ්පාදනයට කලින් ඒ ඒ ශාකවලින් හටගන්නා බීජ නියමිත කාලයේදී බිජ ඵලවල " නිරෝගී " මල් හටගැනීමට අදාළ " ජානය " ජෛව රසායන තාක්ෂණයෙන් " අක්‍රිය කිරීමයි. එවිට මල් පිපුණත් ඒවා නිරෝගී මල් නොවෙන නිසා ඒවායින් බෝග වර්ග හට නොගනී. මේ සමාගම් ඔවුන් විසින් අක්‍රිය කළ ජානය " සක්‍රිය" කිරීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය ( මෙය එන්සයිමයකි ) වෙනම නිෂ්පාදනය කොට අලෙවි කරයි. ගොවියා කළ යුත්තේ නියමිත කාලයේදී වෙනම මිලක් ගෙවා වෙළෙන්දාගෙන් ඒ රසායනය ලබාගෙන ගස්වල මල් වලට ඉසිමයි. එවිට ටික දිනකින්ම ඇත්ත නිරෝගී මල් හටගෙන ඵලදාව හටගනියි. මෙයින් ඔබට තේරෙනවා නේද මෙවැනි අමානුෂික සමාගම් ඒ ඒ භෝගවල ඒකාධිකාරය අපෙන් බලෙන්ම පැහැරගෙන විශාල ලෙස ආදායම් ලබන බව. දේශීයව දියුණු කරන ලද බෝග වගාකරන්න. මේ ඉතාම හිතවත් උපදේශයක්.
මේකට හේතුව බිජ වලම කියන්නට බැහැ. සමහර වෙලාවට යෙදු පොහොරවල වරදක් වෙන්නටත් පුළුවනි. හරියට පස පරික්ෂ කරලා පසේ අඩුවෙලා ඇති පොහොර ද්‍රව්‍ය පමණක් යෙදුවනම් මෙය නොවන්නටත් පුළුවනි. තවසමහර විට කිසියම් අංශුමාත්‍ර මුලද්‍රවයක වූණතාවක් නිසා වන්නටත් පුළුවනි. ඒවා එම යෙදු පොහොර වල නොමැති වන්නට ඇති. නොඑසේනම් එම පොහොර යෙදු පසුව වැසි ලැබීමෙන් හෝ අනවශ්‍ය ලෙස වතුර දැමීම නිසා එම පොහොර පසේ මුල් විහිදී ඇති ගැඹුරටත් වඩා ගැඹුරට දියවී ගියා වන්නටත් පුළුවනි. නොඑසේනම් සෙමින් සෙමින් ශාකයට උරාගැනීමටහැකි පොහොර වෙනුවට ක්ෂණයකින් දියවන පොහොර යෙදුවා වෙන්නටත් පුළුවනි. එසේත්නැතිනම් ගසේ මල්හටගන්නාකාලයේ පසෙහි අවශ්‍ය තෙතමනය නොතිබුන වෙන්නටත් පුළුවනි, තවත් කියනවනම් මල් හටගන්නා කාලයේ හෝ ඉන්පෙර කොළ වලට , මතුපිටට, හෝ පසට, යෙදු කෘමිනාශකයක් නිසා පරාගනය සඳහා අවශ්‍ය කෘමින් නොපැමිණිය වන්නටත් පුළුවනි. මල් හටගන්නා කාලයේ තිබු අධික උෂ්ණත්වය නැතිනම් අඩු වයුගොලිය තෙතමනය නිසා මල් හැලි ගිය වන්නටත් පුළුවනි. වගාවට පොහොර යොදද්දී ඒ ඒ භෝගයේ අවශ්‍යතාව හඳුනාගෙන පසේ උනතාවයන් හඳුනාගෙන පොගොර යෙදීමත්, පසේ තෙතමනය මැනබල අවශ්‍යපමණට පමණක් ජලයයෙදීමත් වැදගත්.
වම්බොටුවලට මී මැස්සන්ගේ උපකාරය අවශ්‍ය නැතිවගයි මම අහලා තිබෙන්නෙ. වැඩි තෙතනය සහිත උෂ්ණත්වය වැඩි නිසාත් ගෙඩි හට ගැනීම ප්‍රමාද වෙනවා. බටු පරගනයට අවශ්‍ය පොඩි සුළගක් පමණයි. ඒ නිසා කුල්ලක් හෝ පුවක් පට්ටයක් රැගෙන පවන් සලසලා ඇවිදින්න හැකිනම් බටුගස්වල ගෙඩි හට ගැනීමට උපකාරයක් වෙනවා.
නැහැනේ චන්දිම, බටුපැළ සාරවත්ම වගාවෙලා තිබෙනවා මල් පල ගැන්වෙලා තිබෙනවා එහි අඩුවක් නැති බව පින්තූර වලින් පෙන්නුම් කරනවා. පරාගනය නොමැති නිසා මේ දේ සිදු වෙනවා.
යන්නකෝ ලංකාවේ තිබෙන ඕනෑම ගොවිජන සේවා කාර්යාලයකට, එතන ඉන්න නිලධාරීන්ගෙන් 80% ඉන්නේ මුකුත්ම නොකර නිකන් කාලය ගතකරමින් , සමහර නිලධාරියෝ ක්ෂේත්‍රෙය් යනවා කියල ගිහින් ඉන්නේ ගෙදර.
ගොවියා බටු හිටවන්නේ ලාභ ගන්න බලාගෙන... කවුරුහරි දැන් බටු මිල වගේ දෙතුන් ගුණයක් මිල ගෙවන්න කැමති නම් ආන්න එයාලාට බටු හදලා දෙන්න ගොවීන්ට හැකි වෙයි. බටු මේ පාර ඵල හටගත්තේ නැතිවුණාට ඔය මැලේසියා, තායි, ඉන්දුනීසියා වම්බ්ටුවල කලින් වතාවන්වල සරුවට ගෙඩි හැදෙනවා. ගෙඩි ගුණාත්මක අතින් හොඳයි. ඒ වගේම ඵලදාවත් ගොඩක් වැඩියි. ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව් දැන් තියෙන බීජ පසුගිය සියවසේ බීජ..තායි, මැලේ ඉන්දුනීසියා බීජ එක්ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජවලට හැරෙන්නවත් බැහැ. ඇත්තම කතාව දැන් ගොවිතැන කියනනේ වාණිජමය දෙයක්. ඔය තැන් තැන්වල තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ටිකයි. ගොවිජන නිලධාරි කියලා අයිස් ගාන නිලධාරීන් ටිකයි ගෙදරම යැව්වත් ලංකාවේ ගොවිතැන්වලට නම් සත පහක පාඩුවක් වෙන්නේ නැහැ.. ඔය ගැටලුවටත් හරියට ඒ අදාල පුද්ගලික සමාගම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් තිබ්බා නම් සමහර විට ඒ අදාල රටවලිනුත් ඇවිල්ලා ඒ උදවිය සොයා බලාවි. නිකම්ම නිකං හෝඩුවාවකට මොකුත් වෙන් නැහැ.. අවාසනාවකට අපේ 1960 ගණන්වල තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවලට ඕවා කරන්න තේරෙන්නෙත් නැහැ..
චන්දිම සමහර විට ඔබ හරි වෙන්න පුළුවන්... මට තේරෙන්නෙත් නැහැ අප්පා මොනවා කියන්නද? කියලා...
ලංකාවේ අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය කෘෂිකර්ම උපාධිධාරියෝ ඩිප්ලෝමාලාභියෝ ඉන්නවා, ඒගොල්ලගෙන් වැඩි ප්‍රමාණයක් සේවා කරන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානවල, නමුත් ලංකාවේ මොනම ගොවිජන සේවා මධ්‍යස්‌ථානෙකවත් ගිහින් සහන මිලට හොඳ තත්වයේ පොල් පැල 3-4 හදිස්සියකට මිලට ගන්න නැහැ, නමුත් ඒවා වැඩි මිලට විකුණන පුද්ගලික පැල තවාන් වල දුරකථන අංකය නම් ඔවුන්ගෙන් ලබාගත හැක. මේවගේ කරන්නෙම බොරුව, නමුත් රුපියල් මිලියන 24 මාසෙකට කුලී ගෙවලා ගොඩනැගිල්ලක ප්‍රධාන කාර්යාලෙකුත් පවත්වාගෙන යනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරියට ක්‍රියාත්මක වෙනවනම් ගොවියන්ට පුද්ගලික වෙළෙදුන්ගෙන් බීජ සහ පැල ගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ ?
එහේ විතරක් නෙමේ... මෙහෙත් එහෙමයි. මහා විශාලෙට ගහ හැදෙනවා. මල් හැදෙනවා. හැලෙනවා. මගේ ගෙදර හිටවපු ඔක්කෝටමත් ඕකමයි වුනේ...!