(මොහොමඩ් ආසික්)
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සාම්ප්‍රදායික කුළුබඩු බෝගවලට අමතරව වාණිජ වටිනාකමින් යුතු නව ඖෂධීය භෝග 33ක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි එම ආයතනයේ අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම මහතා පවසයි.
මෙම භෝග අතර වල්ලපට්ටා , කොතල හිඹුටු , බිං කොහොඹ වැනි ඖෂධීය වාණිජ බෝග ද කෝමාරිකා, ඉඟුරු පියළි, ඉරමුසු, අමුක්කරා, පාවට්ටා, කටුපිල , කටුවැල්බටු ආදී වෙනත් වටිනා ඖෂධීය භෝග වර්ග 30ක්ද ඇතුලත් වේ.
මෙම ඖෂධීය භෝග ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වන අතර ඒවා අපනයනය කිරීමේ හැකියාවක්ද පවතී. මෙම ඖෂධීය භෝග වගාව ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ උපදෙස් මත අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මඟින් මේ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසීය.
වල්ලාපට්ටා , කෝමාරිකා , කොතලහිඹුටු, බිංකොහොඹ වැනි ශාක වගා කිරීමෙන් ඉහළ ආදායමක් ලබාගත හැකි බවත් ස්වභාවික වන රක්ෂිතවලින් අනවසරයෙන් මෙම ඖෂධ ලබා ගැනීම අවම කිරීමට මෙමඟින් හැකිවන බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. ලාංකේය පාරම්පරික වෙදකමේ තිබු බොහොමයක් අත්බෙහෙත් වර්තමානයේ නවීන තාක්ෂණයට මුසු වී ආකර්ෂනීය ලෙස ඇසුරුම්වල බහා වෙළඳපළේ ඉහළ මිල ගණන්වලට අලෙවි වන බවද හෙතෙම සඳහන් කළේය.
එබැවින් මෙම භෝග හා ඒ ආශ්‍රිත නිෂ්පාදන විධිමත්ව සිදුකිරීමෙන් අනාගතයේ දේශීය වශයෙන් පමණක් නොව විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද ලබා ගත හැකිවේ. මෙම භෝග පිළිබඳ ආදර්ශ වගා ඇති කිරීමට බලාපොරොත්තු වන්නන් සඳහා නොමිලේ පැළ සුළු ප්‍රමාණ වශයෙන් ලබාදිය හැකි බවත් සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳ වැඩි විස්තර මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ 066 -2222822 දුරකථන අංකය අමතාද ලබා ගත හැකිය.

(කෝමාරිකා)

(කොතළ හිඹුටු)

(වල්ලාපට්ටා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපනයනය කරන එකේ කෙසේ වෙතත් මුලින්ම ආනයනය කරන ප්‍රමාණයට සරිලන සැපයුමක් රට ඇතුලෙන් ලබාගන්න ක්‍රමයක් සහ ඒ සඳහා ගොවීන්ව උනන්දු කිරීමක් වත් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්.මේ සඳහා ගොවීන්ට පොඩි මුදල් සහනයක් දීලා ගැනුම් කරුවන් සොයා දීමේ වැඩ පිළිවෙලක් සමග මිලක් ලබාදුන්නා නම් සහ ආනයනය දුර්වල කළා නම් බොහොම කෙටි කාලයකින් මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්. නමුත් ඉතින් මේවට සම්බන්ධ රජයේ ආයතන වල නිළධාරීන් අතේ තමයි මේ ඔක්කොම තියෙන්නේ.ඔවුන් නිකන් ඉඳන් පඩි ගන්නකම් කිසි දෙයක් කරන්න බැහැ.
අගය කළයුතු වැඩක්... මම මෙයට පෙර අවස්ථා ගණනාවකදී මෙවැනි අදහස් ඉදිරිපත් කිරීම්වලදී වල්ලපට්ට වැවීමට ආධාර ක්‍රමයක් ඇතිකරන ලෙසත් හැටේ දශකයේ තේ වගාව සඳහා තිබුණු ලෙසට වල්ලපට්ට ගස් වැවීමට බලපත්‍ර ක්‍රමයක් සකසන ලෙසත් අදහස් දැක්වූවා. මේ වගාව රටතුල සාර්ථක වනතුරු වතුවල තිබෙන ගස් හැර නොවැවෙන ප්‍රදේශවල අනවසරයෙන් ළඟතබා ගැනීම තහනම් කිරීමටත් කටයුතු කිරීම කළ යුතුය. ඉදිරි අයවැය යෝජනාවකින් මේ වගා සඳහා ආධාර ක්‍රමයක් ඇතිකරන්න වල්ලපට්ට සබරගමුවේ කොටසකත් දකුණු පළාතේ කොටසකත් කැලෑබදව හොඳින් වැවෙනවා. ඒ පැතිවල වල්ලාපට්ට කියන්නේ එම ගසේ පොතුවලටයි..
වගා කළොත් විකුණන එක ප්‍රශ්නයක් වෙනවා. රෝග පාලනය ප්‍රශ්නයක්. බීජ ප්‍රශ්න... මේවත් විසඳලා කන්තෝරුවලින් එළියට බැහැලා මේවා පටන් ගෙන කළොත් නම් වැඩේ ගොඩ...
වල්ලපට්ට නම් අපේ ඉඩම්වලත් නිකම් වැවෙනවා. අපිට නියම විදියට විකුණන විදිය, විකුණන තැන,නිෂ්පාදන ක්‍රම කියා දෙන්න.අපි වවන්නම්. හැබැයි හොර අතරමැදියෝ බැහැ.
සුුදුසු දේශගුණික තත්වය යටතේ ධෛර්ය සම්පන්න වගාවට හිතැති වගාකරුවන් පිරිසක් තෝරා පුහුණුවක් හා දැනුමක් ලබාදී වගාව ආරම්භකර දේශීය වෙළදපලක් ලබාදීම සුදුසු යැයි මම යෝඡනා කරමි. මෙවැනි අදහස් විමසීමද හොද ප්‍රවර්ධනයකි. දැනට මම සුළු ප්‍රමාණයක් වගා කරමි.
බිම් කොහොඹ වගාව සඳහා බලපත්‍රයක් අවශ්‍යද? ලබා ගන්නේ කොහොමද?
බිම් කොහොබ වගාව කරන්න පුලුවන්ද බලපත්‍ර ලබාගන්නෙ කොහොමද,? පැල ලබාගන්නෙ කොහොමද.?
වාණිජ වටිනාකමකින් යුතු ඖෂධ වගාව සඳහා බලපත්‍ර ලබා ගැනීම අවශ්‍යද? බීජ හෝ පැල ලබා ගන්නේ කෙසේද?