
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ Operation Epic Fury මෙහෙයුම හරහා ඉරාන උත්තරීතර නායක අයිතුල්ලා අල් කමෙයිනි ඝාතනය කීරීමත් සමග ඉරානය මැදපෙරදිග ඇති ඇමෙරිකානු මිලිටරිමය ඉලක්කවලට පහර දීම ආරම්භ කළේය. ඒ සමග මැදපෙරදිග කලාපයේ යුදමය වතාවරණයක් ඇති විය. වර්තමාන යුද තත්වය, ගෝලීය ආර්ථික හා බලශක්ති වෙළෙඳපොළේ දැඩි අස්ථාවරත්වයක් ඇති කර තිබේ.
මේ තත්වය, විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ලෝකයේ බලශක්ති ප්‍රවාහනයේ විශාල අර්බුදයක් ඇති කර ඇත. ගෝලීය ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් ප්‍රවාහනයේ සියයට 20 ක්ම හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා සිදු වන බැවින්, එය වසා දැමීමට ඉරානය කටයුතු කිරීම ශ්‍රී ලංකා ආර්ථිකයටද අභියෝගයාත්මක බලපෑමක් එල්ල කරමින් පවතින කාලයක් උදා කර ඇත.
මෙම ගෝලීය අර්බුදය නිසා ඇතිවිය හැකි ප්‍රධාන බලපෑම් අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඛනිජ තෙල් සහ ගෑස් ලබා ගැනීමේදී දැඩි අභියෝග මතු වී තිබේ. මෙම තත්වය නිසා, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් මිල ඉහළ යාම සිදු වී ඇති අතර, ලංකාවට තෙල් සහ ගෑස් ලැබීමේ සැපයුම් මාර්ග සීමා වීමත්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල යාමෙන් ලංකාවේ ගෘහස්ථ සහ වාණිජ පරිභෝජනයේ වියදම් ද ඉහළ යනු ඇත. එමගින්මෙරට ජනතාවගේ ජීවන රටාවට බලපෑමක් එල්ල වීමෙන් පවතින අකාරය නිරීක්ෂණය වේ. විශේෂයෙන්ම දීර්ඝ කාලීන බලපෑම් මතුවුවහොත්, ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල අභියෝගාත්මක බලපෑම් ඇති විය හැක.
ඊට අමතරව, ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සහ ගෑස් සඳහා අවශ්‍ය පහසුව අල්ප වීමත්, මෙරට විදුලිබල නිෂ්පාදනය වැඩි වශයෙන් ගල්අඟුරු මත රඳා පැවැතිමත් බලාපොරොත්තු වන පරිදි ගල්අඟුරු මෙරටට නොලැබුණහොත් විදුලිබල ජනනයට බාධා ඇති වීමේ අවදානමක් පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලිබල මූලාශ්‍රය ලෙස ගල් අඟුරු භාවිත කළද, හෝමෝස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ගෝලීය තෙල් සහ ගෑස් වෙළෙඳපොළේ මිල වැඩිවීමෙන්, විදුලිබලය සඳහා අමතර ආර්ථික පීඩන මතුවේ.
මෙය දීර්ඝ කාලීනව පැවතිහොත්, ජාතික විදුලිබල සැපයුම සහ වාණිජ ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් ඇති කළ හැක. රජය ූඍ ක්‍රමවේදය හරහා ඉන්ධන නිකුත් කිරීම සාර්ථක විසඳුමකි. එමෙන්ම රාජ්‍ය උත්සව නතර කිරීම සහ නිවසේ සිට මාර්ගත ක්‍රමවේද හරහා රාජකාරී කිරීම, පාසල් සහ විශ්වවිද්‍යාලීය ඉගැන්වීම් සීමාකිරීමෙන් ඉන්ධන පරිභෝජනය සීමා කළ හැකිය. එ තත්වය කළමනාකරණය කිරීමට සාධනීය විසඳුම් ලෙස හඳුනා ගත හැක.
විදේශගත ශ්‍රමිකයන් සහ එයින් ශ්‍රී ලංකා ආර්ථිකයට වන බලපෑම
මෙම යුද්ධ තත්වය මැද පෙරදිගයේ සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ ජීවිතවලට සෘජුවම බලපෑමක් ඇති කරයි. සෞදි අරාබිය, කටාර්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ලෙබනනය, සයිප්‍රස් වැනි රටවල්වල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මිලියනකට වැඩි පිරිසක් රැඳී සිටින අතර, යුද්ධ තත්වය තදබල වුවහොත් ඔවුන්ගේ රැකියා හා ආර්ථික ආදායම් කෙරෙහි දැඩි බලපෑමක් ඇති විය හැක. විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ආපසු ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව මතුවුවහොත්, එවිට ශ්‍රී ලංකා ආර්ථිකයට මහා බලපෑම් ඇති විය හැක. මෙම තත්වය නිසා, ශ්‍රී ලාංකික පවුල්වල ජීවන තත්වය හා ආර්ථික ආරක්ෂාව කෙරෙහි තර්ජයනයක් විය හැක.
සංචාරක ක්ෂේත්‍රය සහ ආර්ථික බලපෑම
මැද පෙරදිග යුද තත්වය, ජාත්‍යන්තර ගුවන් ගමන් තාවකාලිකව නතර වීමකට හේතු වී ඇත. විශේෂයෙන්ම යුරෝපීය හා ඇමරිකානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී බාධා මතුවීම, සංචාරක ක්ෂේත්‍රය මත දැඩි අභියෝගාකාරී සමයක් උදා කර ඇත. රජය ඒ සඳහා විසඳුම් ලෙස මේ කාලය තුළ චීන ඉන්දියන් සංචාරකයන් මෙරට ආකර්ෂණීය කර ගැනීමට කටයුතු කළ යුතු බව මාගේ පෞද්ගලික අදහසයි. සංචාරක මග පෙන්වන්නට, කුලි රථ රියදුරන්ට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීම යෝග්‍ය වේ.
ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වීම
මෙම යුද්ධ තත්වය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දේශපාලනයේ අවධානයට ලක් වී ඇත. මාර්තු මාසේ මුල් සතියේ, IRIS Dena වෙත ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කළ ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකා නාවික හමුදාව තිස්දෙනකුගේ ජීවිත රැකගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව නිවේදනය කළේ මෙය කිසිදු පාර්ශවයකට සහාය දැක්වීමක් නොව, මානුෂීය හා ජාත්‍යන්තර නීතියට අනුව කළ කටයුත්තක් බවයි. එය රජයේ විදේශ ප්‍රතිපත්තියේ මධ්‍යස්ථ භාවය පෙන්නුම් කරන අවස්‍ථාවක් ලෙස දැකිය හැක.
තවද ඉරාන IRIS Bushehr නෞකාවේ නාවිකයක්ට මානුෂිය සහ ජාත්‍යන්තර නීතිය පදනම් කරගෙන සහය දැක්වීම අපගේ සාම්ප්‍රදායික නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ නුතන භාවිතාව නිරූපණය වන කාරණාවකි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිය සහ මානුෂීය ක්‍රියාමාර්ග පදනම් කරගෙන මෙම තීරණය ගත් අතර, ජාත්‍යන්තර දේශපාලන හා උපායමාර්ගිකව වැදගත් තීරණයක් ලෙස සැලකිය හැක. මෙය ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථව පිහිටීමේ ස්ථාවරතාව සහ ආචාරධර්මිකත්වය පෙන්වන අවස්‍ථාවක් බව මාගේ පෞද්ගලික මතය වේ.
බලශක්ති ආරක්ෂාව සහ ආර්ථික සම්පාදන
ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම බලශක්ති ආරක්ෂාව දැඩි අවදානමකට මුහුණ දී ඇත. ගෝලීය තෙල් මිල වැඩි වීමෙන් විදුලිබල උපයෝගීතා වියදම් ඉහළ යාමට සිදුවේ. මෙයට ප්‍රතිචාර ලෙස රජය QR කේත පද්ධතියක් මගින් ඛනිජ තෙල් නිකුත් කිරීම ආරම්භ කර ඇත. මෙය බලශක්ති පරිභෝජනය කළමනාකරණය කිරීමට ගත් උත්සාහයකි.
තව දුරටත් ඉරානය-ඊශ්‍රායල යුද්ධය පැවතුනහොත් ශ්‍රී ලංකාවට සෘජුවම බලපෑම් ඇති කරන ගෝලීය බලශක්ති සහ ආර්ථික අස්ථිරත්වයකට හේතු විය හැක.
ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් මිල ඉහළ යාම, විදේශගත ශ්‍රමිකයන්ගේ ආපසු පැමිණීම, සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් අඩු වීම සහ ජාත්‍යන්තර දේශපාලන බලපෑම, ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයකාරී තත්වයක් වනු ඇත. එමෙන්ම මෙම අවස්‍ථාවේ දී පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව පොදු සම්මුතියක් හරහා විසඳුම් සෙවීම කාලීන අවශ්‍යතාවක් බව මාගේ පෞද්ගලික අදහසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd