රටේ බලශක්ති සුරක්ෂිත භාවය ශක්තිමත් කර පාරිභෝගිකයන්ට අඩු වියදම් විදුලි බලය ලබාදෙමින් සහ ආනයනික ෆොසිල ඉන්ධන සඳහා රටින් පිටතට ගලා යන විදේශ විනිමය සෑහෙන තරමින් අවම කරමින් ශ්‍රී ලංකාවේ (සෝලාර්) සූර්ය බලශක්ති කර්මාන්තය දැක්වූ සුවිශේෂ දායකත්වය අවධාරණය කර දැක්වීමට අපි කැමැත්තෙමු.

පසුගිය අවුරුදු කිහිපයේ සූර්ය බල ශක්ති කර්මාන්තය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බල ශක්ති පරිවර්තනයට වඩාත් බලපෑම් සහගත දායකත්වයක් දැක්වූ කර්මාන්ත අතරින් එකක් ලෙස ඉස්මතු වූයේය. මෙම අංශයෙන් මේ වන විට ඍජුව හෝ අනියම්ව රැකියා 40000කට වඩා ශ්‍රී ලාංකිකයන්ට සපයා තිබෙන අතර පුනර්ජනනීය බලශක්ති ඇගයුම් දාමය තුළ ක්‍රියාකාරී සමාගම් 400ක් පමණ ඊට සහයෝගය දෙයි. මෙම ප්‍රගතිය, බලශක්ති සුරක්ෂිතතාව, ආර්ථික ශක්තිමත් භාවය, තිරසාර පාරිසරික සමතුලිතතාව යන රජයේ දීර්ඝකාලීන ප්‍රතිපත්ති සමග මුළුමනින්ම එකේලි වන්නේය. 

කෙසේ වුවද කෙටුම් පත් කර ඇති ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ඒ අයුරින්ම ක්‍රියාත්මක වුවහොත්, එහි ඇති ප්‍රතිපාදන කිහිපයක් පුනර්ජනනීය බල ශක්ති අංශයේ අනාගත වර්ධනය සම්බන්ධයෙන් බැරෑරුම් අවදානමක් මතුකරයි. අපගේ සැලකිල්ලට ලක්ව ඇති මූලික ගැටලු‍ පහත විස්තර වේ.

1. පුනර්ජනනීය බල ශක්තියේ හානි පූර්ණය නොකරන ලද සීමා කිරීම: (කෙටුම්පත් කරන ලද ජාතික විදුලි බල ප්‍රතිපත්තියේ 1.3.3 සඳහන් කරුණු හා බැඳේ)

1.1 හානි පූරණයෙන් තොරව සීමාකරණය:

පද්ධතියේ ස්ථාවර භාවය හෝ ජාලයේ සීමා හේතු කර ගෙන උත්පාදකයන්ට මුදල් හානි පූරණය කිරීමෙන් තොරව විදුලි බල උත්පාදනය සීමා කිරීමට කෙටුම්පත් කරන ලද ප්‍රතිපත්තියෙන් අවසර දී ඇත. සූර්ය බල සුළං හෝ කුඩා පරිමාණ ජල විදුලි උත්පාදනයෙහි ඒවාටම උරුම වූ විචල්‍ය ස්වභාවය නිසා මෙම තාක්ෂණය, වැඩිපුර සැපයුම් ඇති කාල පරිච්ඡේදවල සමානුපාතික නොවන ආකාරයෙන් සීමාකරණයන්ට භාජන වේ.

මෙම ප්‍රවේශය නිසා අසාධාරණ වූත් තිරසාර ලෙස දරා ගත නොහැකි වූත් බරක් පුනර්ජනනීය ශක්ති සංවර්ධකයන් වෙත පැටවේ. විශේෂයෙන් මේ වනවිට සීමිත ග්‍රිඞ් අවශෝෂණ ධාරිතාව නිසා සීමාවට ලක් වී ඇති සූර්ය බල ශක්ති නිෂ්පාදකයන්ට මේ තත්වය බලපා තිබේ.

1.2 ව්‍යාපෘති උදෙසා, බැංකු හැකියාව සහ ආයෝජක විශ්වාසය කෙරෙහි බලපෑම

බල ශක්ති මිලදී ගැනුම්. යාන්ත්‍රණයන්හි සමාන ආදායම් සහතික කිරීම හෝ මිලදී නොගන්නේ නම් ගෙවීමක් නොමැති බව, හානි පූරණයෙන් (වන්දි ගෙවීමෙන්) තොර සීමාකරණ හා මිශ්‍ර වූ විට පුනර්ජනනීය ශක්ති ව්‍යාපෘතිවල බැංකු හැකියාව මොට කර දමයි. එම තත්වය තුළ දීර්ඝ කාලීන මුදල් යෙදවීම් කිරීමට මූල්‍ය ආයතන කැමැති වන්නේ නැත. මේ නිසා, මේ වන විටත් මෙම අංශයේ පහත වැටී ඇති ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් දුර්වල වනු ඇත.
නිර්දේශ : සෝලා ඉන්ඩස්ට්‍රිස් සංගමය (Solar Industries Association)  පහත සඳහන් හඳුන්වාදීම් කරන ලෙස යෝජනා කර සිටී.

වාර්ෂිකව සීමා කරන සීමා පැහැදිලිව නිර්වචනය කිරීම (උදා. - අපේක්‍ෂිත වාර්ෂික උත්පාදනය සියයට 1) ප්‍රමාණවත් ග්‍රිඩ් බල ගැන්වීම් සහ බල ශක්ති ගබඩා කිරීමේ පිළියම් ක්‍රියාත්මක කරන තුරු මෙම සීමාවෙන් ඔබ්බට වන්දි යාන්ත්‍රණයක් හඳුන්වාදීම.

2) විදුලි ජාලයට විදුලිය සපයන විට නියමිත මිලක් ගෙවීමේ ක්‍රමය (Feed in Tariff) අහෝසි කිරීමේ බලපෑම.
(යෝජිත ප්‍රතිපත්තියේ මෙගාවොට් 10 ට පහළ ව්‍යාපෘතිවලට මාරුවීම )

2.1 තරගකාරී ලංසු තැබීමත් සමඟ විදුලි ජාලයට විදුලිය සපයන විට නියමිත මිලක් ගෙවීමේ ක්‍රමය ඉවත් කිරීම

දැනට පවතින නියමිත මිලක් ගෙවීමේ යාන්ත්‍රණය යෝජිත ජාතික විදුලි බල ප්‍රතිපත්ති කෙටුම්පතෙන් ඉවත් කොට ඒ වෙනුවට මෙගාවොට් දහයට පහළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට තරගකාරී ලන්සු තැබීමේ ක්‍රමය ඇතුළත් කර තිබේ. මෙම ප්‍රතිපත්ති මය වෙනස ක්‍රියාත්මක කළහොත් එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණ පුනර්ජනනීය බල ශක්තිය අංශය ප්‍රබල කඩා වැටීමකට ලක්වන්නේය යන මතයේ සංගමය දැඩි ලෙස පිහිටා සිටී.

2.2 - 2.3 - සාක්ෂි මත පදනම්ව බලපෑම ඇගයුම් කිරීම.

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත ස්ථාපිත පුනර්ජනනීය බලශක්ති ධාරිතාව දළ වශයෙන් මෙගා වොට් 3333ක් විය. මෙයින් 3042 ක් හෙවත් සියයට 92 ක් තරගකාරී ලංසු ක්‍රමයට වඩා ජාලයට විදුලිය සපයන විට මිලක් ගෙවීමේ යාන්ත්‍රණය යටතේ ක්‍රියාත්මක වූයේය.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේදී ජාලයට විදුලිය සපයන විට ගෙවීමේ ක්‍රමය (හෙවත් FiT ක්‍රමය) මූලික වශයෙන් හැකියාව ඇති ක්‍රමය බව මෙයින් පෙනීයයි.

2.4 - කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ආයෝජකයන් නොසලකා හැරීම.

පියසි මත සෝලා පැනල, කුඩා පරිමාණ ජල විදුලිබල සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නේවාසික හා ප්‍රජා ආයෝජකයන්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විසින්, මූලික වශයෙන් ශක්තිමත් ලෙස ක්‍රියාවට නංවනු ලැබීය. විදුලි බල ගාස්තු ඉහළ යන වර්තමාන තත්වය තුළ, නිවැසියන්ට එය කළමනාකරණය කර ගත හැකි, තීරණාත්මක වූ මූලික උපකරණයක් වන පියසි මත සෝලා පැනලවලට අනුගත වීම (FiT ක්‍රමය) ජාලයට විදුලිය සපයන විට ගෙවීමේ ක්‍රමය ඉවත් කිරීමත් සමගින් අධෛර්යයට පත් වනු ඇත. මෙය කුඩා පරිමාණ ව්‍යවසාය මූලික කරගත් පුනර්ජනනීය බලශක්ති සැපයුම් ව්‍යාපාරයට හානිකර ලෙස බලපානු ඇත.

2.5, 2030 අවුරුද්දේ පුනර්ජනනීය බල ශක්ති ඉලක්කවලට ළඟා විය නොහැකි වීම.

2030 වසර වන විට විදුලි බලයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය විදුලි බල මූලාශ්‍රවලින් ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය දැඩිලෙස රඳා පවතින්නේ පෞද්ගලික අංශයේ සහභාගිත්වය මතය. FiT ක්‍රමය ඉවත් කිරීම නිසා පෞද්ගලික අංශයේ ආයෝජන බොහෝ දුරට අඩු වන අතර, මෙම තත්වය නිසා ජාතික ඉලක්කවලට ළඟාවීමට ඇති හැකියාව පහත වැටෙනු ඇත.

2.6 ෆොසිල ඉන්ධන මත රඳා පැවැත්ම වැඩිවීම.

දේශීය පුනර්ජනනීය ධාරිතාව එකතු කර ගැනීම මන්දගාමී වීම තුළ, මිල අධික ඩීසල් හෝ ගල් අඟු‍රු දහනය මත රඳා පැවැත්ම වැඩි වීම වළක්වා ගත නොහැකි වනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස විදුලි ගාස්තු ඉහළ යාම සහ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම ඉහළ යන අතර, එය සෘජුවම ජාතික ආර්ථික අරමුණුවලට පටහැනි වන්නේය.

2.7 දේශීය ව්‍යවසායන්ට තරග කිරීමේ හැකියාව අහිමිව යාම:

තරගකාරී ලංසු ක්‍රමය විසින් බහුජාතික සමාගම් වලට සමානුපාතික නොවන වාසි ලබා දෙනු ඇත. එම තත්වය තුළ දේශීය සුළු පරිමාණ ව්‍යවසායකයන්ට තරග කිරීමේ සමාන හැකියාව අහිමි වී, දේශීය ව්‍යවසාය පරිහානියට පත්වීම වේගවත් වන්නේය. එය 2025 මැතිවරණය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රතිපත්ති සමගත්, සුළු පරිමාණ ව්‍යවසායකයන් ආරක්‍ෂා කිරීමේ 2025 අයවැය ප්‍රතිපත්ති සමගත් අතිශය පරස්පර වන්නේය.

2.8 කර්මාන්ත හැකිලීම සහ රැකියා අහිමිවීම්.

මෙම පියවරවල අවසන් බලපෑම බොහෝ පුනර්ජනනීය බලශක්ති සමාගම් වැසීමට සහ එම ක්ෂේත්‍රය පුරා පුහුණු රැකියා දහස් ගණනක් අහිමි වීමේ තර්ජනයයි.

2.9 FiT ක්‍රමවේදය හෙවත් විදුලි ජාලයට විදුලිය සපයන විට නියමිත මිලක් ගෙවීමේ ක්‍රමය සමාප්තියට පත් කිරීම.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සැපයුම්වල සාර්ථකත්වයේ කොඳුනාරටිය වූයේ FiT ක්‍රමවේදයයි. අනාගතයේ රටේ හරිත බල ශක්ති කෙරෙහි එය ඉවත් කිරීම දරුණු ලෙස හානිකර අයුරින් බලපානු ඇත. එයින් දශකයක පමණ ප්‍රගතිය ආපස්සට අදිනු ලබන්නේය.

3) බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් වලදී ශ්‍රී ලංකා රුපියල තුළ, විදේශ විනිමය අවදානම

(කෙටුම්පත් කළ ප්‍රතිපත්තියේ බල ශක්ති මිලදී ගැනීමේ ගිවිසුම්වල මිල නියම කිරීමේ රාමු රටාව)

3.1 විනිමය අනුපාතිකය, නිරාවරණය

සියලු‍ම අලු‍ත් බලශක්ති මිලදී ගැනීම් ගිවිසුම් ශ්‍රී ලංකා රුපියල් ආශ්‍රයෙන් නම් කිරීමට කෙටුම්පත් කරන ලද ප්‍රතිපත්තිවල බලය පවරාදේ. කෙසේ වුවද සෝලා පැනල, සහ ජල විදුලි බල සංරචක ඇතුළු පුනර්ජනනීය උපකරණ බොහෝවක් ඇමරිකානු ඩොලර් භාවිත කර ආනයනය කළ යුතු වන ඒවාය. ව්‍යාපෘති ගොඩනගන්නන් කෙරෙහි විනිමය අනුපාතිකය සම්බන්ධ අවදානම මේ නිසා මුළුමනින් පැටවෙන අතර, එහිදී සෘජු විදේශ ආයෝජනය අධෛර්යවත් කෙරේ.

3.2 අවදානම් කොටස සහ ඉහළ ගාස්තු

තනිකර ශ්‍රී ලංකා රුපියල් පදනම් කරගත් මිල ක්‍රමය හේතුවෙන් ආයෝජකයෝ අවදානම් කොටස ගාස්තුවලට ඇතුළත් කිරීමට පෙලඹෙති. මේ නිසා අවසානයේදී සිදුවන්නේ පාරිභෝගිකයාගේ විදුලි පිරිවැය ඉහළ යාමය.

3.3 යෝජිත විසඳුම.

ගෙවීම් ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන අතරතුර ගාස්තු ගෙවන කාලයේදී පවතින ඩොලර් හුවමාරු අනුපාතය සමග ගැළපිය යුතු බවට සංගමය නිර්දේශ කරයි.එවිට ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපෘතිවලට බැංකු වලින් ණය ගැනීමේ හැකියාව ආරක්ෂාවේ.

3.4 සනාථ වූ පූර්වාදර්ශය

කිලෝ වොට් එකකට ඇමෙරිකානු ඩොලර් 0.04 කට අඩු ගාස්තුව වෙත ළඟා වූ මෑත කාලීන සුළං බල ටෙන්ඩරයක දී සාර්ථක ලෙස ඇමෙරිකානු ඩොලර් ගැළපුම යොදාගෙන තිබිණි.එහිදී මෙම ප්‍රවේශයේ ඵලදායි බව හා පරිමාණානුකූල හැකියාව පැහැදිලිව දිස්වූයේය.

4) බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් දීර්ඝ කිරීම මත ගාස්තු අඩු කිරීම.

(ජාතික විදුලි බල ප්‍රතිපත්ති කෙටුම්පතේ 1.5.2.)

4.1 අනිවාර්ය ගාස්තු අඩු කිරීම

බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් දීර්ඝ කිරීමේදී, 1.5.2 වගන්තියෙන් අදාළ ගාස්තුව, අලු‍ත් ව්‍යාපෘති සඳහා පිරිනමන ගාස්තුවෙන් සියයට තිස්පහක් (35%) ඉක්ම නොයා යුතු බව නියම කර තිබේ.

4.2 මෙහෙයුම් සහ මූල්‍ය අවදානම්

දළ වශයෙන් සියයට 35 ක ආදායම් අඩුවීමකින්, දැනට පවතින පුනර්ජනනීය බලාගාර, නඩත්තු කිරීම, ආර්ථික වශයෙන් ලාභදායි නොවන්නේය. මෙම කාරණය දැනට ක්‍රියාත්මක තත්වයේ පවතින පුනර්ජනනීය බල ශක්ති වත්කම් නිසි කාලයට පෙර භාවිතයෙන්ම ඉවත් කිරීමට තුඩුදේ.

4.3 නිර්දේශ

ගාස්තු දීර්ඝ කිරීම තීරණය කිරීමට පහත සඳහන් කරුණු පදනම් කරගෙන බලශක්තිය අමාත්‍යාංශය තාක්ෂණික ඇගයුම් කමිටුවක් පත් කළ යුතු බවට අපි නිර්දේශ කරන්නෙමු.

  • බලාගාරයේ කාර්යක්ෂම කාර්යක්ෂමතාව සහ ජාල ස්ථාවර භාවයට දක්වන දායකත්වය.
  • උද්ධමන ප්‍රවණතා.
  • ඇ. ඩොලර් විනිමය හුවමාරු අනුපාත වෙනස් වීම.
  • පොලී අනුපාත තත්වය
  • සමස්ත සාර්ව ආර්ථික වාතාවරණය.
  • අවසාන නිරීක්ෂණය

2025 දී කෙටුම්පත් කරන ලද ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බල ශක්තීන් හි වර්ධනය ඇනහිටීමේ අවදානමට ලක්වන විවිධ ප්‍රතිපාදන අන්තර්ගතවේ. මෙම අංශයේ විභවතාව නොසලකා හැර ෆොසිල ඉන්ධන මත පදනම් වන උත්පාදන කරා විහිදෙන පක්ෂපාතී විභවතාව සහිත බැරෑරුම් ගැටලු‍ මෙම තත්වය තුළ මතුකර තිබේ.

ජාතික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ඉහත විස්තර කර ඇති නිර්දේශ, දැඩි අවධානයට නතු කරන ලෙස සෝලා කර්මාන්ත සංගමය ගෞරවයෙන් ඉල්ලා සිටී. තාක්ෂණික විශේෂඥ ඥානය, දත්ත මත දිවෙන විශ්ලේෂණය සහ ආයෝජන සම්බන්ධීකරණ හරහා බල ශක්තිය අමාත්‍යාංශයේ සහයෝගයට අපි අඛණ්ඩව කැපවී සිටින්නෙමු.