IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


‘Retail Industry Technology Trends 2025 – Kandy Edition’ හිදී අනාගත ව්‍යාපාර ලෝකයට ගැළපෙන තාක්ෂණික විසඳුම් හඳුන්වා​ දෙයි


සුමති හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත ආයතනයක් වන Retail Information Technologies (RIT) සමාගම, ශ්‍රී ලංකාවේ ඉහළපෙළේ ව්‍යාපාරික හා තාක්ෂණ විශේෂඥයන් රැසක් ඒකාබද්ධ කර ගනිමින් ‘Retail Industry Technology Trends 2025 – Kandy Edition’ පසුගියදා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. එහිදී මෙරට ව්‍යාපාරික අංශයේ ඉදිරි අනාගතය තාක්ෂණයෙන් සවිබල ගැන්වීම උදෙසා නිර්මාණය කරනු ලැබූ ඔවුනගේ නවතම මෘදුකාංග විසඳුම් රැසක් ද RIT විසින් හඳුන්වා දෙන ලදී. 

කෘත්‍රීම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන අනන්‍යතා හඳුනාගැනීම, smart shelf systems, cloud තාක්ෂණය මත පදනම් වූ (POS) උපාංග සහ ජංගම තාක්ෂණීක විසඳුම් ඇතුළු උසස් මට්ටමේ ව්‍යාපාරික තාක්ෂණ විසඳුම් පරාසයක් ඒ අනුව ඉදිරිපත් කරනු ලැබීය. මෙම අවස්ථාවේ දී Anvin Infosystems විසින් නිර්මාණය කරනු ලැබූ AdlER ඩිජිටල් සැකසුම ද හඳුන්වා දුන් අතර, ගෝලීය තාක්ෂණික ප්‍රමුඛයන් පිරිසක් වන Posiflex, Sam4s, Zonerich, Zebra සහ Anviz වැනි සමාගම්වල දෘඩාංග සහ උපාංග ද ප්‍රදර්ශනය කරන ලදී. එමෙන්ම සජීවී නිරූපණයන්ගෙන් සමන්විත ක්‍රියාකාරකම් ඔස්සේ නව තාක්ෂණය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට මෙහි පැමිණ සිටි පිරිසට අවස්ථාව උදා කිරීමෙන් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින ප්‍රධානතම තාක්ෂණික හවුල්කරුවකු වශයෙන් RIT හි කාර්යභාර්ය ද මැනවින් පිළිබිඹු විය. 

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් Retail IT හි ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සැවියෝ ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. ‘සියලු‍ම පරිමාණයේ ව්‍යාපාරවල වර්ධනය උදෙසා සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වටිනාකමක් එකතු කිරීම සඳහා RIT  හි අප අඛණ්ඩ සේවාවක් ලබා දෙමින් සිටිනවා. මෙකී මෙහෙවරට සහාය වීම සඳහා අප RIT Trends හඳුන්වා දුන් අතර, එය මෙරට ව්‍යාපාරික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එකට එකතු වී දැනුම බෙදාහදා ගනිමින් ව්‍යාපාරික ඩිජිටල් අංශය ධනාත්මක අයුරින් පරිවර්තනය කරන සන්ධිස්ථානයක් බවට පත්ව තිබෙනවා. අපගේ නවතම පද්ධතින් හා ගෝලීය හවුල්කාරීත්ව තුළින් ශ්‍රී ලංකාව අනාගත ලෝකයට සූදානම් වැදගත් ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත් කරමින්, අපගේ ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීම අපගේ ප්‍රධානතම අරමුණයි’’

මෙහිදී අදහස් දැක්වූ Anvin Infosystems හි ව්‍යාපාර සංවර්ධන කළමනාකරු Shammel Sheriff මෙසේ සඳහන් කළේ ය. ‘ව්‍යාපාර කටයුතුවලදී එදිනෙදා මුහුණු දෙන විවිධාකාර අභියෝග හඳුනා ගනිමින්, ඒවාට විසඳුම් පිණිස අප AdlER ERP තාක්ෂණික පද්ධතිය නිර්මාණය කර තිබෙනවා. එය හුදෙක් ව්‍යාපාර වලට පමණක් නොව, ආගන්තුක සත්කාර, නිෂ්පාදන හා බෙදාහැරීමේ කර්මාන්ත, මූල්‍ය, සැපයුම් දාම, මානව සම්පත් කළමනාකරණය සහ ජංගම මෙහෙයුම් යන අංශයන් සඳහා ද භාවිතයට පහසු මොඩියුල අප ලබා දෙනවා. එම විසඳුම් පද්ධති ඔස්සේ ව්‍යාපාරවල ක්‍රියාවලිය මෙන්ම ඵලදායිතාව වැඩි දියුණු කිරීමට මනා හැකියාක් ලැබෙනවා’’ 

ඊට අමතරව, Retail IT හි උපාංග කාණ්ඩය භාර නිලධාරිනි දිනේෂා විජේසිරි ස්මාර්ට් ඉලෙක්ට්‍රොනික් ලේබල් (SEL) සජීවී ලෙස භාවිත කිරීම සජීවීව නිරූපණය කළ අතර, ව්‍යාපාරික වෙළෙඳුන්ට POS උපාංග පද්ධතිය හරහා අලෙවිසල් හි මිල ගණන්, නිෂ්පාදන තොරතුරු සහ ප්‍රවර්ධනය පිළිබඳව ක්ෂණිකව යාවත්කාලීන විය හැකි ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා ය.



අදහස් (0)

‘Retail Industry Technology Trends 2025 – Kandy Edition’ හිදී අනාගත ව්‍යාපාර ලෝකයට ගැළපෙන තාක්ෂණික විසඳුම් හඳුන්වා​ දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site