( තිළිණි ද සිල්වා )
රටේ පවතින දේශපාලන අර්බුද මැද පසුගිය නොවැම්බර් මාසයේ දී විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 195,582 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව ගිය වසරේ නොවැම්බර් මාසයේදී ලංකාවට පැමිණි විදෙස් සංචාරක සංඛ්‍යාව හා සැසදීමේදී මෙම මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සියයට 16.8 කින් ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
මේ අනුව ඒ වසරේ මුල් මාස 11 තුළ පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය විසිලක්ෂය ඉක්මවා තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ එම නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ජනවාරි සහ නොවැම්බර් කාලය තුළ 2,080,627 ක් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මේ අතර නොවැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රට ඉන්දියාව වන අතර එරටින් 39,137 ක සංචාරකයින් සංඛ්‍යාවක් එහිදී පැමිණ තිබේ. එය සියයට 21.4 ක වර්ධනයකි.
දෙවැනියට වැඩියෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම සංඛ්‍යාව 21,971 ක් වේ. 2017 නොවැම්බර් මාසය හා සැසඳීමේ දී එය සියයට 61.1 වර්ධනයකි.
නොවැම්බර් මාසයේ දී එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එංගලන්ත ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයයි. එංගලන්ත ක්‍රිකට් පිල විදෙස් සංචාරයක නිරතවන අවස්ථාවක දී ඔවුන්ගේ සහායට පැමිණෙන අතිවිශාල ‘බාමි ආමි‘ එංගලන්ත ක්‍රිකට්ලෝලීන් ගේ සහාය, මේ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයට නොවැම්බර් මාසයේ දී දායක වී තිබේ.
නොවැම්බර් මාසයේ දී චීන සංචාරකයින්ගේ පැමිණීම 1.8% කින් පහළ ගොස් ඇති අතර ප්‍රධාන වශයෙන් යුරෝපා රටවලින් පැමිණි සංචාරකයින්ගේ ඉහළ යාමක් මෙහිදී වාර්තා වේ.
ඒ අනුව සංචාරකයින් පැමිණි රට අනුව එක්සත් රාජධානිය 61.1% කින්, ජර්මනිය 89.6% කින්, ප්‍රංශය 22.4% කින්, ස්විස්ටර්ලන්තය 85.7 කින් යනා දී වශයෙන් මෙරට පැමිණි සංචාරකයින්ගේ කැපී පෙනෙන ඉහළ යාමක් 2018 නොවැම්බර් මාසයේ දී දැකගත හැකි විය.
2018 නොවැම්බර් මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම ඇතුලත් සංඛ්‍යා දත්ත පහතින් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්භුධයේ ප්‍රතිපල අපිට දැක ගන්න පුළුවන වෙන්නේ ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල සංචාරකයන්ගේ පැමිණීම සනස්න්ධනය කරන කොට , අර්භුධය ආරම්භ වුනේ ඔක්තෝබර් අන්තිම , නොවැම්බර් මාසේ එක එච්චර පෙන්නුම් කරන්නේ නැහැ , අපරාදේ ලංකාව මේ පාර ලෝන්ලි ප්ලනෙට් සඟරාවේ සංචාරය කරන්න තිබෙන හොඳම රට කියල නම් කලා , නමුත් අප රට පාලනය කරන හරකුන්ට මේ ගැන කිසිම උවමනාවක් නැහැ උන්ට ඕනේ උන්ගේ බලය පමණි
දැන් එතකොට මේ කෑ මොරදෙන්නේ රටේ පවතින දේශපාලන අර්බුදය හින්ද සංචරකයො එන්නේ නෑ කියල.
ඔව් ඔව් දැන් එන්නේ එසේ මෙසේ මිනිස්සු නොවෙයි, තානාපතිවරු වගේ අය.... අද පත්තරයක තිබෙනවා බ්‍රිතාන්‍ය විදේශ ඇමතිත් එනවා කියා දැන් තේරෙනවා නේද? පාවාදීම ජයටම කරලා තිබෙන බව....
තමන්ගේ දේශපාලන මතවාදයට මේ ලෝකයේ තියන සියලුම් සිද්ධීන් ඈඳා ගැනීමෙන් ඔබ දේශපාලන උන්මන්තකයෙකු බවට පත්වෙලා.
මලයාලි කට්ටඩියෝ, ඉන්දියන් කම්කරුවෝ, රොටි ගිලගිල වතුර ගහගහ පයින් බඩගාන ඉන්දියන් කාරයෝ, සරණාගත ඇෆ්ඝන්කාරයෝ, පකිස්තාන් කුඩු වෙළෙන්දෝ, වැලේ වැල් නැති බෙන්ගලියෝ, කීයක් ඔය අස්සේ ඇවිත්ද බැලුවොත් හොඳා. ඔය අය එන්නේ යන්ට නෙවේ. අන්න අහරේ කුඹුරු වැඩ කරන්නේ ඉන්දියන් කාරයින්. ලංකාවට ගිය කලක්...
සංචාරකයින් වැඩි වෙලාලු, ඒත් දෙසැම්බර්වලට හෝටල් බුකිං නම් කැන්සල් වෙලා, හොටෙල්ස් හිස් වෙනවා. ඔය සංචාරක අධිකාරිය කියන එක නොබලා ෆීල්ඩ් එකේ වැඩ කරන අයගෙන් අහන්න සංචාරක ව්‍යාපාරයට මොකක්ද වෙලා තියෙන්නේ කියලා, කොළඹ/නුවර/නුවර එළිය/ගාල්ල කොටුව සංචාරක ව්‍යාපාරයේ නිරත අයගෙන් හා වෙළඳාම් කරන අයගෙන් අහන්න සංචාරකයින් අඩු වෙලාද වැඩි වෙලාද කියලා...
ආණ්ඩුවක් නැත්නම් රට වඩාත් සුරක්ෂිත බව ඔවුන් වටහාගෙන වගෙයි................