
- මැද පෙරදිග ගැටුම හේතුවෙන් ඇති වූ ඉහළ සාර්ව ආර්ථික අවිනිශ්චිතතාව ව්‍යාපාරික ආකල්ප කෙරෙහි බලපෑම් කිරීම හේතුවක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යාපාරික තත්ව දර්ශකය 2026 පළමු කාර්තුවේ පැවති 104 මට්ටමේ සිට දෙවැනි කාර්තුවේදී 101 දක්වා පහත වැටී තිබේ. විශේෂයෙන්ම මැද පෙරදිග ගැටුම හේතුවෙන් ඇති වූ ඉහළ සාර්ව ආර්ථික අවිනිශ්චිතතාව ව්‍යාපාරික ආකල්ප කෙරෙහි බලපෑම් කිරීම නිසා මෙම තත්වය මතු වූ බව මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සංයුතියට අනුකූලව තෝරාගත් ආයතන 100ක් පමණ ආශ්‍රයෙන් ලබාගත් අදහස්වල සමස්ත ප්‍රතිඵලය (balance of opinion) මත පදනම්ව මෙම ව්‍යාපාරික තත්ව දර්ශකය සකස් කරයි. මේ හරහා වර්තමාන සහ අනාගත ව්‍යාපාරික තත්වය පිළිබඳ ආයතනවල ඇගයීම් නිරූපණය කරයි.
දර්ශක අගය 100ට වඩා වැඩි වීමෙන් තත්වය යහපත් වීමත්, 100 වීමෙන් වෙනසක් නොමැති වීමත්, 100ට අඩු වීමෙන් තත්වය පිරිහීමත් පෙන්නුම් කෙරේ.
දෙවැනි කාර්තුව තුළ සමස්ත ව්‍යාපාරික ආකල්පවල පැවති මන්දගාමී ස්වභාවයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ කෘෂිකාර්මික සහ කර්මාන්ත අංශවල දුර්වල දර්ශක අගයන් වන අතර, සේවා අංශය ස්ථාවර මට්ටමක පැවතුණි.
දෙවැනි කාර්තුවේ වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකුව, කර්මාන්ත සහ සේවා අංශ මගින් සමස්ත විකුණුම් සහ ඉල්ලුම් පරිමාව ඉහළ නංවා ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල යහපත් වීමක් ඇති කළ අතර, කෘෂිකාර්මික අංශය බොහෝ දුරට උදාසීන මට්ටමක පැවති බව සඳහන් කරයි.
මේ අතර ගෝලීය ආතතීන් ලිහිල් වීමත් සමග තුන්වැනි කාර්තුවේදී ව්‍යාපාරික විශ්වාසය සාපේක්ෂව යහපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ අනුව දර්ශක අගය 107 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd