දෙවියන්ගේ හොරේ කොල්ලන්ට මාට්ටු
ගාල්ල දිස්ත්රික්කයේ කෙළවර පිහිටි ගමක සිටි පේනකාරියකි. ගමේ මිනිසුන් කෙසේ වෙතත් පිට පළාත්වලින් ඇයගෙන් පේන ඇසීමට පිරිස පැමිණියහ. බොහෝ අවස්ථාවල ඇයගෙන් පේන ඇසූ අය අසල්වැසියන් සමග පමණක් නොව එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා ආරවුල් කර ගත්හ. ඒ තමන්ට හූනියම් කර ඇත්තේ අසල්වැසියන් හෝ පවුලේ කෙනකුම බව පේනකාරිය පැවැසීම නිසාය.