IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නැන්දම්මාට තහංචි දාලා බෑණා හොම්බෙන් ගිහින්

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
සිය බෑණාගේ බලවත් විරෝධය නොතකා මිණිබිරියකගේ මංගල උත්සවයකට සහභාගි වූ කාන්තාවකට මනාලියගේ නිවෙසේම දින දාහතරක් නිරෝධායනය වන ලෙස නියෝග කිරීම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


කුඩා කාලයේදී ⁣තමා විසින් බලාගන්නා ලද තම වැඩිමහල් පුත්‍රයාගේ දියණියගේ (මිණිබිරියගේ) මංගල්‍යයට සහභාගි වීම සඳහා මෙම මිත්තනිය ඉතා ආශාවෙන් ඇඟිලි ගනිමින් සිටියාය. කෙසේ වෙතත් පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා මංගල්‍යය දිනෙන් දින කල් දැමීමට සිදු විය.


වසංගත තත්ත්වය කෙමෙන් කෙමෙන් පහව යද්දී සෞඛ්‍ය මාර්ගෝපදේශ ද යම් තරමකින් ලිහිල් වීම නිසා මංගල්‍යයට දින නියම විය.
ඒ පිළිබඳව දන්වා එවන ලද මංගල ආරාධනා පත්‍රය ලද සැණෙන් ඉහේ මලක් පිපුණාක් මෙන් සතුටට පත් මිත්තනිය කල්තියාම ඇඳුම් පැළඳුම් ආදිය සූදානම් කිරීමේ කටයුතුවල යෙදෙන්නට වූවාය. ඒ සඳහා වෙළෙඳසල්වලට යාම ආදිය ද බහුල විය.
මේ අතරතුර දී කොරෝනා පොසිටිව් වූවාය.


ඇය වාසය කරන්නේ සිය දියණියගේ නිවෙසේ බැවින් දියණියගේත් ව්‍යාපාරිකයකු වන බෑණාගේත් සැලකිල්ල ඇයට ලැබෙන්නේ ඔවුන්ගේ දරුවන් පාසල් කැටුව යාම් ආදිය සහ නිවෙසේ ඉවුම් පිහුම් කටයුතු ද කෙරෙන්නේ ඇය අතින් වීම නිසා බව ඇය හොඳින් දනී. අසනීප වීමෙන් පසුව වෛද්‍ය උපදෙස් අනුව නිවසේම කාමරයක නිරෝධායනයට ලක්කර සාත්තු සප්පායම් කිරීම දියණිය විසින් සිදු කෙරිණි .


අසනීපයෙන් පසුවෙද්දී ද ඇයගේ එකම බලාපොරොත්තුව වූයේ මංගල උත්සවයට සහභාගි වන්නේ කෙසේද යන්නයි. කමක් නෑ තව මාසෙකට වැඩිය තියෙනවනේ ,යන්න පුළුවන් වේවි ඈ නිරන්තරව සිතුවාය .


 කෙසේ වෙතත් දින දාහතරක් ගත වන්නටත් පෙර ඈ සුවය ලැබුවාය. ඈ දින දර්ශනයේ පිටු පෙරළමින් බලයි. මංගල්‍යයට තවත් සති තුනකට වැඩි කාලයක් ඇත. 


 මඟුලට සහභාගිවීමේ තම බලාපොරොත්තුව පිළිබඳව දිනක් ඈ තම දියණිය සමඟ පැවසුවාය. දියණියට යකා නැග්ගේය. ‘‘අම්මට පිස්සුද මඟුල් ගෙවල්වල ගිහිල්ල ආයෙත් ලෙඩ හදාගන්න”‍ දියණිය සැර කළාය. එපමණක් නොව එවලේම කාරණාව පිළිබඳව සිය සැමියාට ද පැවසුවාය.


පරම්පරාවෙන් උරුමවූ මහ⁣ ගෙදර තම පුත්‍රයා පදිංචිව සිටින
 අතර එම දේපළ සම්බන්ධව ඔවුන් දෙපිරිස අතර නොහොඳ නෝක්කාඩු කම් තිබෙන බැවින් මේ මංගල්‍යයට සහභාගී නොවීමට ඇයගේ මෙම බාල දියණිය සහ බෑණා කලින්ම තීරණය කර ඇත.


නැන්දණියගේ තීරණය පිළිබඳව ඇසීමෙන් ඔහුට ද හොඳටම කේන්ති ගියේය. ‘‘මඟුල් ගෙදර යන්න , හැබැයි දවස් දාහතරක් වෙනකම් මෙහේ පස් පා ගන්න බෑ, යන තැනක නවතින්න වෙයි ,තේරුණයි”‍ බෑණා ද මහ හඬින් කීවේය.


දියණියගේත් බෑණන්ඩියගේත් සැර දැමීම ඇයගේ ඉවසීමේ රතු කට්ට පැන්නේය.


‘‘උඹල මක්ක කිව්වත් මම ඔය කෙල්ලගෙ මඟුලට යනව යනවමයි, ඒකට ගිහිල්ල මට මැරුණත් කමක් නෑ, එක බඩවැල කඩාගෙන ආපු එකාගෙ කෙල්ලගෙ මඟු‍ලට නොයන්න තරම් උඹල දුෂ්ට වුණාට මට එහෙම බෑ, මම යන එක යනවමයි. මඟුලට, මරණෙට නැති නෑයගෙන් වැඩක් නෑ,⁣⁣ ඕන්නං මම තව පීසීආර් එකකුත් කරගෙන තමයි යන්නෙ”‍ ඈ කියාගෙන කියාගෙන ගියාය.


 නියමිත පරිදි මංගල දිනය උදාවිය. අදිටන් කරගත් පරිදිම කුලී රථයක් ගෙන්වාගෙන කිලෝ මීටර තිහ හතළිහක් ඈතින් වූ මඟු‍ල් ගෙදරට ඈ සහභාගි වූයේ ඉහවහා ගිය ප්‍රීතියෙනි.


මංගල උත්සවය අවසානයේ දී ඇයට බෑණාගෙන් දුරකතන ඇමතුමක් ලැබිණ. එයින් ද කියවුණේ දවස් දාහතරක් යනතුරු තම නිවෙසට නොපැමිණෙන ලෙසයි.


‘‘දාහතරක් නෙවෙයි මං මැරෙනකං මෙහේ ඉන්න තීරණය කළා, ළමයි බලාගන්නයි කෑම උයන්නයි වෙන කෙනෙක් හොයා ගනින් මයේ පුතේ”‍ කියමින් ඈ දුරකතනය විසන්ධි කළාය.

 



අදහස් (0)

නැන්දම්මාට තහංචි දාලා බෑණා හොම්බෙන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site