IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මඟුල් කපුවා ජාමය බේරාගන්න ගිහින් තවත් පඹගාලක පැටලැවිලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)


යෝජිත මනාලයා පිළිගැනීම හදවත් රෝගියකු වන යෝජිත මනාලිය  ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ ගැටලු‍ව විසඳන්නට වෙනත් තරුණියක ඉදිරිපත් කර ජාමය බේරාගත් මගුල් කපුවකු පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය. 
දැකුම්කලු තරුණියකි. එමෙන්ම කාගේත් සිත්ගත්  රූමතියකි. පවුලේ එකම දියණියය. නිසි වයස් එළැඹීමෙන් පසු ඇයට මනාලයකු සෙවීම මාපියන් බාර දුන්නේ නමගිය කපුවකු වෙතය. මවුපියෝ තරුණිය ගැන වැදගත් සිද්ධියක් කපුවාට ද නොකියා සිටින්නට කටයුතු කළහ.
තමන්ට මනාලයකු සොයන බව තරුණිය දැන සිටියේද නැත. ඇය ඒ බව දැනගත්තේද එදින උදේමය.  තරුණිය එක හෙලා මංගල්ලයට අකමැත්ත පළ කළාය. තමන් කලක් තිස්සේ පෙළෙන දරුණු හදවත් රෝගයක් තිබියදී  ඒ බව රහසක්ව තබා මනාලයකු හා දීග යන්නට බැරි බව ඇය එක හඩින් මවටත් පියාටත් කියා සිටියාය. එහෙත් මනාලයා හා ඥාතීන් පැමිණි පසු දියණිය සිය තීරණය වෙනස් කරනු ඇතැයි ඔවුහු සිතා නිශ්ශබ්දව සිටියහ.
මනාලිය ගැන  කෙරුණු ආලවට්ටම් ආදියෙන්ද කුල්මත්වූ මනාලයා සිටියේ ඇය දකින තුරුය. කෙසේ හෝ මේ මංගල්ලය කර දුන්නොත් මනාලියගේ පියාගෙන් තමන්ට ලැබෙන තෑගි මල්ල ගැන කපුවා සිටියේ දැඩි පෙරේතකමින්ය. නියමිත දින උදේම කපුවාද සමග මනාලයාගේ පවුලේ පිරිස මනාලියගේ නිවසට ආයේ මනාලිය දැක ගන්නටය.
මනාලයාගේ ඥාතීන් පැමිණියද තරුණිය සිටියේ තම ස්ථාවරයේමය. තමන්ගේ රෝගී තත්ත්වය  ගැන සත්‍ය හෙළිදරව් කරන්නේ නම් පමණක් ඇය මනාලයා පිළිගන්නට යන්නට කැමැත්ත පළ කළාය. මවුපියන් ඊට එකඟවූයේද නැත. මනාලිය කෝ මනාලයාගේ නෑදෑ පිරිස කපුවාගෙන් ඇසුවේ මේ අතරය. මනාලයාද මනාලිය බලන්නට සිටියේ ඇඟිලි ගනිමිනි. 
 මනාලිය මංගල්ලය ප්‍රතික්ෂේප කරන බවත් තමන් අසරණව සිටින බවත් කපුවාට මවුපියන් දැනුම් දුන්නේ හොර රහසේය.
මනාලිය නොපෙන්වා ගියොත් තමන්ට සිදුවන පාඩුව ගැන සිතූ කපුවා උප්පරවැට්ටියක්  ගැන සිතා මනාලිය රූපලාවණ්‍යාගාරයට ගොස් ඇති බැවින් තමන් ගොස් ඇය ඉක්මනින් කැඳවා ගෙන එන බව කියා පිටවී ගියේය. 
කපුවා දන්නා හඳුනන හැඩ වැඩ ඇති තරුණියක කැඳවාගෙන ආයේය. ඒ තරුණිය මනාලයා හමුවට ගියේ පවුලේ දියණිය සේය. කපුවා කපෝතියෙන් බේරුණේය. මනාලයා එකපයින් ඇයට කැමත්ත පළ කිරීමෙන් කපුවා තවත් අමාරුවක වැටී සිටින අතර දැන් එයින් බේරෙන අන්දම ගැන සිතමින් පසුවෙයි.



අදහස් (1)

මඟුල් කපුවා ජාමය බේරාගන්න ගිහින් තවත් පඹගාලක පැටලැවිලා

sampath Friday, 04 February 2022 05:47 PM

ඇත්ත, මනාලිය දැන් ඉදිරිපත් කරලා ඇත්ත කතාව කිව්වාම වැඩේ ඉවරයි. ඒ වෙලාවේ ජාමෙ බේරගත්තු එක අමතක කරලා දාමු...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site