(වියලුව වාර්තාකරු)
සැමියාගෙන් වෙන්ව හුදකලා ප්‍රදේශයේ පැල්පතක විසූ මැදිවියේ කාන්තාවකට ආලවන්තකම් පෙන්වීම සඳහා යෙදූ උප්පරවැට්ටියක් අතේ පත්තු වී පොලිස් කූඩුවේ ළගින්නට සිදු වූ පුද්ගලයකු පිළබඳ කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඇය සැමියාගෙන් වෙන්ව හුදකලාව එහෙත් නම්බුකාර ලෙස ජීවත් වූ මැදිවියේ කාන්තාවකි.
ඔහු දරු මුණුපුරන් සිටින මැදිවියේ විවාහකයෙකි. ගම්මුන් පවසන පරිදි තෙවැනි හා පස්වැනි සිල්පදය නිතර කඩන්නෙකි.
කලක සිටම පෙරකී කාන්තාවට ඇල්ම බැල්ම ලා ගෙන සිටි හෙතෙම කිහිප විටක්ම ඇයගේ පහස ලබන්නට උත්සාහ ගත්ත ද නම්බුකාර ලෙස ජීවත් වූ ඇයගෙන් ඊට කිසිදු අනුබලයක් නොලැබිණි.
කීප විටක්ම ඇය හමුවී ඔහුගේ අදහස ඉදිරිපත් කළ ද ඇය සිනහමුසු මුහුණින් එය බැහැරකළේ තමාගේ මෙන්ම එම පුද්ගලයාගේ ද ආත්ම ගෞරවය පිළිබඳ සිතමිනි.
රාත්‍රී කාලයේ කුඹුරේ වතුර බැඳීමට ගොස් ආපසු එද්දී කීප විටක්ම හෙතෙම ඇයගේ නිවසේ දොරට තට්ටු කර එය ඇර ගැනීමට උත්සාහ ගත්ත ද කාන්තාවගෙන් ඊට ප්‍රතිචාරයක් නොලැබිණි.
දින කිහිපයක්ම කළ උත්සාහයන් ව්‍යර්ථ වෙද්දි ඇයගේ නිවෙසේ දොර විවර කර ගැනීමට ඔහු යෙදුවේ අපූරු උපායකි.
ගමේ ගොනුන්ගේ ගෙල බඳින ටකයක් හොයාගත් හෙතෙම දිනක් රාත්‍රියේ එය හඬවමින් හා ගවයෙකු සේ තප්පු ලමින් ඇයගේ නිවස වටා සැරිසරන්නට වූවේ සිය උපාය ක්රියාවේ යොදවමිනි.
උපාය සාර්ථක විණි.
ඇය දැල් වූ ලාම්පුවක් ද රැගෙන නිවසේ දොර විවර කර එළියට බැස්සේ ‘මේ හරක් කොටි ටික මගේ මයියොක්කා ගස් ටික කන්න අදත් ඇවිදින්‘ යැයි පවසමිනි.
මේ අතර නිවෙස ඉදිරිපස සැඟවී සිටි හෙතෙම වෙර යොදා කාන්තාව බදාගත්තේ ඇයට සෙලවීමට පවා ඉඩක් නොතබමිනි. එහෙත් ශක්තිවන්තියක වූ ඇය ඔහු තල්ලු කොට නිවසට වැදී දොර වසා ගත්තේ කලක් හිතේ සඟවාගෙන සිටි සුද්ද සිංහල වදන් කීපයකින් ද සල්ලාලයාට සංග්‍රහ කරමිනි.
පසු දින ඔහුට එරෙහිව පොලිස් පොතේ පැමිණිල්ලක් ද වැටිණි. ඔහුට දින කීපයක් පොලිස් කූඩුවේ කූරු ගැනීමට ද අවසානයේ උසාවි යන්නට ද සිදු වූවේ සල්ලාලකමට දඬුවමක් ලෙසිනි.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආලවන්ත උපාය වැරදී පොලිස් කූඩුවේත් ලගී
ana Friday, 21 January 2022 01:17 PM
දැන් කොහේද ටක...? කුප්පි ලාම්පුත් අද නැහැ.