තමාට හදිසියේ ලැබුණු ඔත්තුවකට අනුව කිරිපිටි පැකට් සියයක් ගැනීමට අගනුවර ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනයකට ගිය දකුණු පළාතේ උපනගරයක වෙළෙඳහල් හිමියකුට‘පරිප්පුවක්’ කෑමට සිදුවීමේ පුවතක් පසුගියදා ප්‍රදේශයේ ප්‍රචාරය වී තිබුණි.
මේ වෙෙළඳහල් හිමියාට තම හිතවතකු දුරකථන ඇමතුමක් දුන්නේ මෙම වෙෙළඳ ආයතනයට කිරිපිටි තොගයක් ලැබී ඇති නිසා එහි සේවකයකු සමඟ හිතවත් වී මෙය ලබා ගැනීමට ක්‍රියා කළ බවත් නොපමාව පැමිණ එය ලබාගෙන යන ලෙසත්ය. මෙය කාටවත් නොකියන ලෙසද ඔහු පැවසුවේ පසුදින තමා එම වෙෙළඳ ආයතනය ඉදිරිපිට සිටින බවද පවසමිනි.
ගෙදර බිරිඳටත් මේ ගැන නොකියා හදිසි ගමනක් ලෙස අගනුවර වූ එම ආයතනය ඉදිරිපිටට උදයේම ගියත් එම හිතවතා නොවීය.
බොහෝ වේලා රැඳී සිටි ඔහු පසුව හිතවතාගේ දුරකතනයට ඇමතුමක් දුන් විට කාන්තාවක් කීවේ එය වැරදි අංකයක් බවය.
බැරිම තැන වෙළෙඳහල් සේවකයකුගෙන් රහසින් මේ පුවත විමසූ විට ‘‘මෙහි ඇති කිරි පිටි පැකට් තොගයක් නෑ. මහත්තය කාගෙද පරිප්පුවක් කාලා’’ කීවෙන් ඔහුට දෙවියන් සිහිවුණාලු.
තිහගොඩ උපසේන ලියනගම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පස්ස දොරෙන් කිරිපිටි ගන්න ගිය වෙළෙන්දා ‘පරිප්පුවක්’ කාලා