(කඹුරුපිටිය විශේෂ කේ. අජිත්)
අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූ දෙදෙනකු බස් රථය තුළම ගමන් කරමින් එම බස් රථය පෙරළීමට ගොස් අලි අමාරුවක වැටුණු පුවතක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මැදි වයසේ පසු වූ ඔවුන් දෙදෙනා යහළුවන් වූ අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ඉඩම්වල ගල් වැටි බැඳීමයි. දවස පුරාම වෙහෙස මහන්සි වී වැඩ කළ ඔවුන් දෙදෙනා වැඩ හමාර වී සවස් කාලයේ තම ගමට තරමක් දුරින් පිහිටි නගරයට ගියේ දවසේ විඩාව දුරුකර සිරුර උණුසුම් කරගැනීම සඳහායි.
නගරයට ගොස් මදුවිතෙන් හොඳින් සප්පායම් වූ යහළුවෝ දෙදෙනා ගමට යාම සඳහා බස් රථයකට නැගී එහි සිටින අයට උසුළු විසුළු කරමින් හා නොසරුප් වචන කතාකරමින් බසයේ සිටි මගීන්ට හිරිහැර වන අන්දමින් හැසිරෙන්නට වූහ. මේ දුටු කොන්දොස්තර මහතා දෙතුන් වතාවක්ම අවවාද කර සිටියේ අන් අයට හිරිහැර නොවන පරිදි කටයුතු කරන ලෙසයි. ඉන් දැඩි කෝපයට පත් මේ දෙදෙනා කතිකා කර ගත්තේ ගමට යාමට පෙර කෙසේ හෝ මෙම බසය පෙරළා දැමීමටයි.
මෙම මාර්ගය කඳු හා වංගු අධික මාර්ගයක් විය. වංගුවක් ගැනීමේදී බස් රථය ඇලවෙන විට මේ දෙදෙනාද මගී බෑග් රඳවනය තදින්ම අල්ලාගෙන බසය ඇළවෙන දිසාවට වැරෙන් තල්ලු කරති. එය අසාර්ථක වූ විට, “හිටපං ඊළඟ වංගුවේදී උඹට වැඩේ දෙන්නම්, කියමින් නැවත බසය ඇළවෙනවාත් සමගම මුළු වැර යොදා ඒ පැත්තට බසය තල්ලු කරති. මෙසේ දිගින් දිගටම එහෙට මෙහෙට වැනෙමින් බසය තල්ලු කළ ඔවුනට තද මත් ගතිය නිසාම තමන් බසින ස්ථානයද පසුකර යන්නට විය. මොවුන්ගේ ක්‍රියාව නොදත් බසයේ කොන්දොස්තර මහතා මේ ඔහෙලා බහින්නේ නැද්දයි ශබ්ද නගා විමසූ විට ඔවුන් බසින තැන පසු වී සැතපුමක් පමණ දුර බසය ගොස් තිබිණි. කොන්දොස්තර මහතාට බැණවැදුණු ඔවුන් දෙදෙනා හොඳයි අද බේරුණා අපි ආයෙ හෙටත් එනවා යැයි පවසමින් ඉදිරි බස් නැවතුමේදී බැස යන්නට ගියේ තමන් කළ මෝඩ ක්‍රියාව ගැන කිසිදු තැකීමක් නොකරමිනි.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බීලා යන ගමන් බසයක් පෙරළන්න ගිහින්