IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුහුණු පෙ​ාතේ පෙම බලන්න ඇවිත් යාළුවා එක්ක කූඩුවෙත් ලගී

(බලංගොඩ – වයි.ඵ්.ඵස්. වීරවංශ)
මුහුණු පොත හරහා ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟාගෙන සිය පෙම්වතිය බැලීමට පැමිණි තරුණයකු සොර කමකට හසුවී පොලිස් අත්අඩංගුවට පත්වූ සිද්ධියක් බලංගොඩින් වාර්තා වේ.


ඔහු දහඅට වියේ  පසුවිය. පදිංචිය කුරුණෑගලට නොදුරු ගිරිඋල්ල ප්‍රදේශයේය. මුහුණු පොත හරහා බලංගොඩ ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන ඇය මුණගැසීමට පසුගිය දිනෙක  බලංගොඩ ප්‍රදේශයට පැමිණියේ ඇයගේ ද ඉල්ලීමටය.


කලින් දින පැමිණි ඔහු පෙම්වතියගේ හිතවතකුගේ නිවෙසේ රාත්‍රිය ගත කර පසුදා උදෑසන පෙම්වතිය මුණ ගැසී සතුටු සාමිචියේ යෙදී නික්ම ගියේය. ඉන් අනතුරුව ඔහු ඵ් ආසන්නයේ තිබුණු වෙළඳ සලට ඇතුළු වී කැෂියර් ලාච්චුව ඇර මුදල් ගැනීමට සුදානම් වෙනවාත් සමඟම වෙළෙඳසල් හිමිකරුට එය ඇසී බලද්දී ඔහු ඵ් ආසන්නයේ තිබුණු කැලයට  පැන ගොස් සැඟවිය.


ඔහුට මෙලෙස මුදල් සොරකම් කිරීමට සිදු වී ඇත්තේ  තමන් ගෙනෙන ලද මුදල් වලින් පෙම්වතියට තෑගි බෝග ගෙන එදින රාත්‍රියේ පෙම්වතියගේ හිතවතා සමග ඉතිරි මුදල් වලින් කා බී සතුටු වීමත් නිසාය. 


ගමට යාමට මුදල් නොමැති නිසා මෙලෙස මුදල් සොරකම් කිරීමට පෙළැඹී ඇති බව හෙළිවූයේ කැලයේ සැඟවී සිටි පෙම්වතා පසුව ගම්වාසීන් විසින් අල්ලා බලංගොඩ පොලිසියට බාරදීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදීය.


මොහුට රැකවරණය දුන් පෙම්වතියගේ හිතවතාද අත්අඩංගුවට ගෙන තිබේ. බලංගොඩ පොලිසියේ ස්ථානාධිපති දමිත් ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායමක් වැඩි දුර විමර්ශන කරති.  

 



අදහස් (0)

මුහුණු පෙ​ාතේ පෙම බලන්න ඇවිත් යාළුවා එක්ක කූඩුවෙත් ලගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 53 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site