IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දෙවියන්ගේ හොරේ කොල්ලන්ට මාට්ටු

(උණවටුන ඩී.ජී. සුගතපාල)


ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි ගමක සිටි පේනකාරියකි. ගමේ මිනිසුන් කෙසේ වෙතත් පිට පළාත්වලින් ඇයගෙන් පේන ඇසීමට පිරිස පැමිණියහ. බොහෝ අවස්ථාවල ඇයගෙන් පේන ඇසූ අය අසල්වැසියන් සමග පමණක් නොව එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා ආරවුල් කර ගත්හ. ඒ තමන්ට හූනියම් කර ඇත්තේ අසල්වැසියන් හෝ පවුලේ කෙනකුම බව පේනකාරිය පැවැසීම නිසාය.
මේ අතර පසුගිය දිනක තරුණයෝ හතර දෙනෙක් ඇයගෙන් පේනයක් ඇසීමට යාමට කතිකා කර ගත්හ. ඒ අනුව සවස හතට පමණ ඔවුහු යතුරුපැදිවලින් පේනකාරියගේ දේව මන්දිරය බලා පිටත්ව ගියහ. එක් තරුණයෙක් රුපියල් තුන් සීයක පඬුරු බුලත් කොළ කිහිපයක තබා දේවාලයේ මල් බුලත් තටවුක් උඩ තැබුවේය.
පේනකාරිය දෙවියන්ට කන්නලව් කරන්නට වූවාය. ටික වේලාවකදී ඇය වේව්ලා වේවැලක්ද අතට ගෙන හතර වටේට ඔළුව කරකවන්නට වූවාය. ‘මේ නරයින් ඇවිල්ල ඉන්නේ නැතිවුණ දෙයක් ගැන දැන ගන්නයි. හ්ම් හරිද හරිද “ඇය කෝපයෙන් මෙන් ඇසුවාය. දේවාරූඪය කෙසේ වෙතත් ඇයගේ හැසිරීම යක්ෂණියක මෙන්විය.
“හරිද හරිද” ඇයගේ කටහඬ වේගවත්ය. “හරි මෑණියෙනි, හරියටම හරි” පඬුරු තැබූ තරුණයා කීවේය.. එයින් සතුටට පත්වූ දෙවියෝ කටහඬ තරමක් බාල කළහ.
“දැන් මේ නර දරුවට දැන ගන්න ඕනෑ මේක ආපහු ලැබෙනවද නැද්ද කියල නේද?“
“එහෙමයි එහෙමයි. මෑණියෙනි මේක තියෙන්නේ කොහේද කියන්න” තරුණයා පිළිතරු දුන්නේය.
“මේක අරගෙන ගිහිල්ල තියෙන්නේ තමන්ගේ ගෙදරට නිතරම යන එන කෙනෙක්.“
“මොනවගේ කෙනෙක්ද මෑණියනි එයාගේ නමේ අකුරු කියනවද“
“කළු මහත ගෑණු කෙනෙක් තමයි අරගෙන ගිහින් තියෙන්නේ. ප යන්නෙන් තමයි නම පටන් ගන්නේ “දෙවියෝ පවසා සිටියහ.
“කොහොමද අරගෙන ගිහිල්ල තියෙන්නේ. ඒක ආපහු ලැබේවිද?“ හතර දෙනාම එකවර ඇසූහ.
“හ්ම් හ්ම්” කියමින් ඇය යළිත් වේගයෙන් ඔළුව කරකවන්නට වූවාය. දෙවියන් මෙසේ ඔළුව කරකවන අයුරු ඔවුන් බලා සිටියේ සිනාසෙමිනි.
“දරුවනි මේක දැන් තියෙන්නේ වෙන කෙනෙකුට දීලා. ආපහු ගන්න ඕනෑ නම් දින හතක් ඇවිල්ල පූජාව තියන්න කියල දෙවියන් වහන්සේ කියනවා” දැන්නම් ඔවුන්ගේ සිනහව නතර කරගත නොහැකිය. එහෙත් ඇයට ඒ බව නොපෙණිනි.
“මෑණියෙනි පිස්සු කෙළින්න එපා කියල දෙවියන් වහන්සේට කියන්න. අපි ආවේ පසුගිය දවසේ මුහුදු වෙරළේ තිබුණ ගෑනු කෙනාගේ ඔළුව තියෙන්නේ කොහේද කියල සොයාගන්න. මිනිස්සු රවටන විදිය අපට පේනවා” කියමින් කටකාර තරුණයා මල් බුලත් තටුව මත තැබූ රුපියල් තුන්සීයද ආපසු ගෙන යතුරු පැදි පණ ගැන්වීය. ඒ සමගම අනෙක් තිදෙනාද එතැනින් ගියේ පේනකාරියගේ ආවතේවකරු ද හොල්මන් කරමිනි.



අදහස් (0)

දෙවියන්ගේ හොරේ කොල්ලන්ට මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site