(කඹුරුපිටිය විශේෂ කේ. අජිත්)
නගරයට පැමිණි ගම්බද ගස් නගින්නකු නිසා අසන්නට ලැබුණු අපූරු කථා පුවතක් දකුණු පළාතේ උපනගරයකින් වාර්තා වෙයි.
දකුණු පළාතේ උපනගරයක පිහිටි පාසලකි. මෙම පාසල පිහිටියේ පොල්රුප්පාවලින් ගහණ ප්රදේශයකය. දිනක් එක් පන්තියක සිසුන් දිවා විවේකයේ සෙල්ලම් කරමින් සිට හදිසියේ තම පන්ති භාර ගුරුතුමිය වෙත දිවගොස් කියා සිටියේ ‘ටීචර් කවුද අංකල් කෙනෙක් ඇඳුම් නැතිව පොල් ගසක නගින’ බවයි. වහා නැගී සිටි ගුරුතුමිය සිසුන් සමඟ එම ස්ථානයට ගියේ එය සැක හැර දැන ගැනීමටය.

ඇය එම ස්ථානයට එන විටත් ඇය දුටුවේ යම් පුද්ගලයෙකු පොල් ගසේ භාගයක් නැග පොල් ගස බදාගෙන වටපිට බලමින් සිටින බවයි. එම දසුන දුටු සැනින් ඇය වහ වහා විදුහල්පති තුමාගේ කාමරයට ගොස් මේ බව කීවාය. සිද්ධිය පිළිබඳ පුදුමය පළකළ විදුහල්පතිතුමා තවත් ගුරුවරයකු සමග අදාළ පුද්ගලයා සිටින පොල් ගස දෙසට එනවිට දුටුවේ සිසුන් පිරිසක් සිනාසෙමින් ඒ දෙස බලාසිටින අයුරුත්, පොල් ගසේ සිටින පුද්ගලයා සිසුන් දෙස පුදුමයෙන් බලාසිටින අයුරුත්ය.
ඒ දසුන දුටු සැණින් කාරණය වටහා ගත් ගුරුතුමාට ද සිනා පහල විය. එහෙත් එම සිනහව සඟවාගෙන ඔහු සිසු දරුවන්ට කාරණය වටහා දෙන්නට වූයේය. ‘දරුවනේ මේ ගසේ ඉන්නේ පොල් කඩන මාමා කෙනෙක්. යම් කිසි වැඩක් කරන විට පහසු ඇඳුමක් අප ඇදගන්නවානේ. මේ මාමාත් එහෙමයි. නගරයේ අය නම් ගස් නගිනවිට අඳින්නේ කොට කලිසමයි. ඒත් මේ ගමෙන් ආපු මාමා කෙනෙක්. ඔහු තවම අඳින්නේ අපේ පැරණි කෘෂිකාර්මික ඇඳුමක්. ඒ ඇඳුමට කියන්නේ අමුඩය කියලා. එම ඇඳුම ඇන්දම පිටුපසින් බලන කෙනකුට පෙනෙන්නේ ඇඳුමක් නැති විදියටයි.’
විදුහල්පතිතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු සිසුන් සමඟ පන්තියට යන ගුරුතුමිය පවසා සිටියේ, ‘දරුවනේ ඔන්න අපි අද තවත් පාඩමක් ඉගෙන ගත්තා. ඒ තමයි අපේ මුතුන්මිත්තන් කෘෂි කාර්මික කටයුතුවලදී ඇඳපු ඇඳුම පිළිබඳව.’
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුහල්පතිගෙන් සිසුන්ට ‘අමුඩ පාඩමක්’