(මොරගොල්ලාගම සිසිර කැලේගම)
විවාහක බිරියකගෙන් සැමියා හා ඔහුගේ ගජ මිතුරෙකුට අම්බානට ගුටි කෑමට සිදුවීමේ පුවතක් ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
සැමියා හා බිරිය දෙදෙනාම රාජ්‍ය සේවා ආයතන දෙකක සේවයේ නියැලෙන අය වෙති.
දෙදෙනාම සතියේ දිනවල උදේ නිවසින් එකට පිටත්ව යන නමුත් සවස් යාමයේ පැමිණෙන්නේ වෙනම වෙනමය.
සැමියා බිරිය කෙරෙහි නිතර නිතර පසුවෙන්නේ සැකය හා කුතුහලයෙනි.
බිරිය තමා පතිදම් රකිමින් ධර්මයට අනුව කටයුතු කරන නිසා ඇය සැමියාගේ සැකය තුට්ටුවකට මායිම් කරන්නේ නැත.
මේ තත්ත්වය තේරුම් ගත නොහැකිව දෙගිඩියාවෙන් පසු වූ සැමියා ඒ පිළිබඳව තම හොඳම මිතුරාට පවසා යෝජනාවක්ද ගෙන ආවේය.
‘‘මම අද ගෙදර එන්නේ නැහැ කියලා බිරියට කියලා තියෙන්නේ.
ඔයා රෑවෙලා මාව හොයාගෙන ආ විදියට අපේ ගෙදරට ගිහින් මගේ නෝනට යම් යෝජනාවක් කරපන්.
වැඩේ ගැස්සුනොත් මං බලා ගන්නම්.’’
මිතුරා ද ඒ යෝජනාවට කැමැති වූයේය.
ඊට පෙර දෙදෙනාම පදමට වෙරි වූහ.
සැමියා අතරමඟ නැවතුණේය.
මිතුරා සැමියා සොයාගෙන ගෙට ගියේය.
“මහත්තයා නෑ. වාඩි වෙන්න. මං තේ එකක් හදන්නම්.”
ඇය ආගන්තුක සත්කාර කිරීමට සූදානමින් මුළු තැන් ගෙට ගියා ය.
ඈ පසුපසින් ගිය මිතුරා ඇයට අයුතු යෝජනාවක් ගෙනාවේය.
එය කන වැකුණු සැනින් ඇය තේ දීම පසෙක තබා ඔහුගේ කනට වැරෙන් පහර පිට පහර දුන්නාය.
ඒ සැණින් නිවසට සැමියාද පැමිණියේය.
ඇය යක්ෂණියක මෙන් සිදුවූ දේ සැමියාට කීවාය.
සැමියා එය සමථයකට පත් කරන්නට සූදානම් වුණි.
සිද්ධිය සැමියාගේම උප්පරවැට්ටියක් බව ඇය ද දැන ගත්තාය.
ඇය කෑ ගැසුවා ය. අවට පිරිස් දිව ආහ.
ඒ වනවිටත් මිතුරා නිවසින් නික්ම ගොස් තිබුණි.
සැමියා කර ඇති නින්දිත ක්‍රියාව ඇය සමාජය ඉදිරියේ හඬ නැගුවා ය.
අවට වැසියන් හමුවේ ‘මේ වාගේ බාල වැඩ කරන්න තමුසේ සැමියෙක් ද?’ කියා ඇය ඔහුට ද කනේ පහරක් ගැසුවාය.
අවට පිරිස් යළි ඔහුට ගුටි කෑමට ඉඩ නොතියා ඔහු වහන් කරගෙන පිටතට රැගෙන යාමට උත්සාහ කළහ.
බිරියගේ තරහ පහව යන තෙක් කන අත ගගා පිරිස කැටුව ‘වෙච්ච දෙයක්’ කියමින් ඔහු ද ඉන් නික්ම ගියේය.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බිරියගේ පතිවත හොයන්න ගිය සැමියා අම්බානට කාලා