ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මකා දමන්නට කාලය පැමිණ ඇතැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වට්ස්ඇප් මෘදුකාංගයේ නිර්මාතෘ බ්‍රයන් ඇක්ටන් සඳහන් කළේය.
වට්ස්ඇප් මෘදුකාංගය සහ සමාගම දැන් ෆේස්බුක් සමාගමට අයත් වන අතර ෆේස්බුක් සමාගම් 2014 වසරේදී වට්ස්ඇප් සමාගම ඩොලර් බිලියන 19කට මිලදී ගත්තේය.
මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එරෙහිව දැඩි හඬක් නැගී එන අතර ඇමෙරිකාව, යුරෝපා සංගමයේ රටවල් සහ තවත් සංවිධාන රැසක් ඊට එක්ව සිටිති.
ට්විටර් සමාජ ජාලය ඔස්සේ ෆේස්බුක් මකා දමන්න යනුවෙන් ව්‍යාපාරයක් ද දියත් වේ.
ඇක්ටන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ෆේස්බුක් සමාගමෙන් ඉවත් විය. හෙතෙම මෑතකදීම ආරක්ෂිත පණිවුඩ මෘදුකාංගයක් වන ‘සිග්නල්’ හි ඩොලර් මිලියන 50ක ආයෝජනයක් කළ බවත් සමාගමේ පදනමට එක් වූ බවත් නිවේදනය කළේය.
ෆේස්බුක් සමාගමට එහි පරීශිලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ දේශපාලකයන්ගෙන් සහ මහජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මේ අතරම ෆේස්බුක් සමාගමේ වෙළෙඳපොළ අගයද වේගයෙන් පහත වැටී තිබේ. මේ සතියේ මේ දක්වා කාලයේදී පමණක් එහි වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 50කින් කඩා වැටිණි.
සී.එන්.එන් ටෙක් ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 18
359
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆේස්බුක් මකන්නැයි වට්ස්ඇප් නිර්මාතෘ කියයි
රෝහන Friday, 23 March 2018 07:00 AM
මම මෙයට සම්පූර්ණයෙන් එකග යි........Facebook හොඳ ට වඩා කරන්නේ නරක . සකර්බර්ග් මුදල් හොයද්දී සමාජය පිරිහීම වේගවත් වෙනවා..................