(සුනිල් ආනන්ද පැරිසියේ සිට)
ප‍්‍රංශ ජනරජයේ 25 වැනි ජනාධිපතිවරයා තෝරා -ගැනීමේ ජනාධිපතිවරණයේ පළමු වටය අප්‍රේල් 23 වැනි ඉරු දින පැවැත්වීය. ප‍්‍රංශයේ ජනගහනය මිලියන 67කි. එයින් මිලියන 47ක් ජන්දය හිමි ජන්ද දායකයෝය. එයින් මිලියන 14ක් පමණ ඡන්දය පාවිච්චි නොකරන බව අතීත මැතිවරණ වලට සාපේක්ෂක දත්ත අනුසාරයෙන් විශ්ලේෂකයෝ කරුණු උපුටා දක්වයි. මෙවැනි පරිසරයක පැවැති මෙවර මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන 69000 කි. ආරක්ෂාවට පොලිස් භටයන් 50000කි. හමුදා භටයන් 7000 කි. පසුගිය දිනවල ප‍්‍රංශය තුළ සිදුවූ ත‍්‍රස්ත ක‍්‍රියා හේතු කොට එවැනි භටයන් පිරිසක් යොදවා තිබිණි. ප‍්‍රංශ මැතිවරණ ඉතිහාසයේ මෙවැනි ආරක්ෂාවක් සහිතව පවත්වන ප‍්‍රථම මැතිවරණය ලෙසද මෙය ඉතිහාස ගතවේ.
මෙවර අපේක්ෂකයෝ 11 දෙනෙක් ඉදිරිපත්වූ අතර ඉන් දෙදෙනෙක් කාන්තාවෝය. අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණෙන් 48 හැවිරිදි මරී ලෙපෙන් මහත්මිය හා රැඩිකල් වාමංශික කම්කරු හඩ පක්ෂයෙන් 47 හැවිරිදි නතලී ආර්තෝඩ් මහත්මිය එම කාන්තා අපේක්ෂිකාවෝය. රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු අගමැතිවරයකු වන 63 හැවිරිදි ප‍්‍රංශුවා පියොන්, පාලක සමාජවාදි පක්ෂයෙන් හිටපු අධ්‍යාපන ඇමැතිවරයකුවූ බෙනුවා හාර්මෝ, අන්ත වාමාංශික පක්ෂයෙන් 65 හැවිරිදි ජෝන් ලූක් මෙලොන්ච්නෝ, නව ධනපති විරෝධී පෙරමුණෙන් 50 හැවිරිදි පිලිප් පුතෝ, ප‍්‍රංශය ඉදිරියට යන පෙරමුණෙන් හිටපු ජනාධිපති ලේකම්වරයකු හිටපු අයවැය ඇමැති 39 හැවිරිදි එම්මානුවෙල් මැක්රොන්, ජෝන් ලාසෙල්, ජැක් චෙමිනාර්ඩ්, ප‍්‍රංශුවා ඇසිලිනී, හා නිකොලා ඩුපොන් යන මහත්වරු පිරිමි අපේක්ෂකයෝය.
මොවුන් අතර ප‍්‍රථම වටයේ තරගයෙන් ප‍්‍රංශය ඉදිරියට යන පෙරමුණේ එම්මානුවෙල් මැක්රොන් 23% හා අන්ත දක්ෂිණාන්ශික ජාතික පෙරමුණේ මරී ලෙපෙන් මහත්මිය 22%ක් ලෙස ප‍්‍රතිශතයන් ලබා ගෙන දෙවන වටයට සුදුසුකම් ලැබුවෝය. අනෙක් තරඟකරුවන් අතරින් ප‍්‍රංශුවා පියොන් 20 %, මෙලොන්ච්නෝ 19.%, බෙනුවා හාර්මෝ 6%, ඩුපොන් 5%, ලාසේල් 1.5%, පිලිප් පුතෝ 1.1%, ඇසිලිනිවූ 1%, නතලී ආර්තෝඞ් 0.8%, ජැක් චෙමිනාර්ඞ් 0.2% ලෙස පිළිවෙලින් ජන්ද ප‍්‍රතිශත ලබා ගත්තෝය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd