ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, චීනයේ සංචාරයක නියැලෙයි. චීනයට පැමිණි ඉරාන විදේශ අමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු බව ද පැවැසෙයි. 

ඉරාන විදේශ අමාත්‍යවරයා සහ චීන විදේශ අමාත්‍ය වැංග් ඊ අතරේ විශේෂ හමුවක් පැවැති අතර, ඇමෙරිකා ඉරාන යුද්ධය කෙරෙහි එහිදී අවධානය යොමු විය. ඉරාන සහ චීන විදේශ අමාත්‍යවරුන්ගේ හමුව පැවැත්වූයේ බෙයිජීං අගනුවරදීය. 

චීන විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි හමුවී පවසා ඇත්තේ ගෝලීහය දේශපාලන අර්බුද සහ හැලහැප්පීම් හමුවේ වුවත්‍, චීනයත් ඉරානයත් අතරේ පවතින මිත්‍රත්වය ශක්තිමත්ව පවතින බවය. ඉරානක විදේශ අමාත්‍යවරයා චීනය බලා ගියේ ඇමෙරිකාව සහ ඉරානය අතරේ යුද උණුසුමක් පවතින පසුබිමකය.

ඇමෙරිකන් හමුදා ඉරානයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමත්, ඊට ප්‍රතිචාර දකිවමින් ඉරානය අවට කලාපීය රටවල ඇමෙරිකන් ඉලක්කවලටත් පහර දෙයි. චීන විදේශ අමාත්‍යවරයා පැවැසුවේ, ඉරානයේ ස්වෛරීත්වයට තර්ජනයක් එල්ල වන්නේ නම්, ආරක්ෂාවීමට ඉරානයට නෛතික අයිතියක් ඇති බවය.