
(අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරමින් ඒ වෙනුවට අලුත් පනතක් ඉදිරිපත් කරන බවට රජය ජාත්‍යන්තරයට වූ පොරොන්දුව මේ වන විට කඩ කර ඇතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
රජය ඒ පොරොන්දුව ඉටුකරන තුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බලා සිටින බවද ජී.එල් පීරිස් මහතා කීය. කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (16)පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් ජී.එල් පීරිස් මහතා මෙසේද කීය.
ශ්‍රී ලංකා රජයම දීපු පොරොන්දුව අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන, නවීන සමාජයකට අනුකූල අලුත් පනතක් රජය දීපු පොරොන්දුව අනුව ඉදිරිපත් කරයි කරනු ඇතැයි ජාත්‍යන්තරය බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක කෙරිලා නැහැ.
දැන් මේ වන විට ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරය පවත්වාගෙන යනවා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාව පිළිබඳ සවිස්තර වාර්තාවක් ඒ සැසිවාරයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වාර්තාවේ ඉතාමත් බරපතල චෝදනා ශ්‍රී ලංකාවට විරුද්ධව එල්ල කරලා තිබෙනවා. දැන් එයට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය කුමක්ද?
ශ්‍රී ලංකාවේ නියෝජිතයා මේ සමුළුවට කියන්නේ, "ඕනෑවට වඩා බලපෑම් කරන්න එපා යනුවෙනුයි.
දැන් මේ තත්ත්වයට කවුද වගකියන්න ඕනේ? කොතනද වරද තියෙන්නේ? ශ්‍රී ලංකා රජය පොරොන්දු වෙලා තිබෙනවා ජාත්‍යන්තරයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින්, ඒ වෙනුවට අලුත් පනතක් ඉදිරිපත් කරනවා කියලා. රජය බොහොම පැහැදිලිව පිළිඅරන් තිබෙනවා මේ පනත සාධාරණීකරණය කරන්න බැහැ කියලා. මේ පනත යටතේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කිසිසේත් පුළුවන්කමක් නැහැ යනුවෙන්ද ජී.එල් පීරිස් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd