
ඇමෙරිකා රජය, ඉරාන යුද්ධය වෙනුවෙන් වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 38ක් යැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇමෙරිකන් මාධ්‍ය මේ බව පැවැසුවේ, කොංග්රස් (පාර්ලිමේන්තුව) අයවැය කාර්යාලය නිකුත් කළ වාර්තා උපුටා ගනිමිනි.
ඇමෙරිකාව සහ ඉරානය අතරේ පවතින යුද උණුසුම තවත් ඉහළ ගියහොත්, යුද්ධය සඳහා වැය වුණු මුදල ඩොලර් බිලියන 3 කින් පමණ ඉහළ යා හැකි බව එම කාර්යාලය පෙන්වා දී ඇත.
ඇමෙරිකාවේ උද්ධමනයට ද මෙම යුද්ධයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, 2027 වසරේ පළමු මාස තුන තුළ උද්ධමනය සියයට 0.5කින් ඉහළ යා හැකි බව කොංග්රස් අයවැය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd