දේවාල නම් තවුසෙක් හිමාලයේ සිටියේය. ඵලවැල කකා සිටි නිසා මේ තවුසාට ලුණු ඇඹුල් සහිත ආහාරයක් කෑමට සිතිණි. බරණැසට ආවේය. නුවර දොරටුව ළඟ නතර විය. එතැන ළමයි සෙල්ලම් කරමින් සිටියහ. තවුසා ඔවුන් ළඟට ගියේය. දරුවනි, පැවිද්දන් මෙනුවර ලැඟුම් ගන්නේ කොතැනද? ඇසීය.
ස්වාමීනි! කුම්භකාරයාගේ ශාලාවේ. ඔහු කීහ. තවුසා ඔවුන්ට පැසසුවේය.

එම ශාලාව සොයා ගියේය. කුම්භකාරයා හමු විය. පින්වත ඔබට අපහසුවක් නැත්නම් මේ ශාලාෙව් එක් රැයක් නවතින්න පුළුවන්ද ඇසීය.
ස්වාමීනී! රාත්‍රී කාලයේ මට ශාලාෙවන් වැඩක් නැත. මනාප හැටියට නවතින්න. ඔහු කීවේය. තවුසාට ශාලාව භාර දුන්නේය.
දේවාල තවුසා ශාලාවට ඇතුළු විය.
මේ අතර තවත් තවුසෙක් කුම්භකාරයා වෙත ආවේය. ඒ නාරද නම් තවුසාය. ඔහුගෙන් රැයක් ශාලාවේ නවතින්න ඇසීය.
ස්වාමීනී! මීට පෙර තවුසෙක් ආවේය. ඔහුට මම ශාලාව භාර දුන්නෙමි. ඒ තවුසාගෙන් අහන්න. ඔහු කැමැති නම් නවතින්න කීවේය.
නාරද තවුසා දේවාල තවුසා ළඟට ගියේය. ඇඳුරුතුමනි, ඔබට අපහසුවක් නැත්නම් මාත් මෙහි රැයක් නවතින්නද ඇසීය.
කමක් නෑ. එක් පැත්තක ඉන්න දේවාල තවුසා කීවේය. නාරද තවුසා ශාලාවේ තරමක් දුරින් නතර විය. ටික වේලාවක් ගෙවිණි. මේ දෙදෙනා සතුටු සාමීචි කථා පටන් ගත්හ. පසුව ඔවුහු නින්දට ගියහ. නාරද තවුසා දේවාල තවුසා නිදන තැනත් දොර තිබෙන තැනත් හොඳින් බලා නිදා ගත්තේය.
ෙද්වාල තවුසා මඳ වේලාවක් එතැන සිටියේය. යළි නැගිට්ෙට්ය. දොරටුව ළඟ හරස් අතට නිදා ගත්තේය. නාරද තවුසාට රාත්‍රියේ එළියට යන්න අවශ්‍ය විය. නැගිට්ෙට්ය. දොරටුව වෙත ආවේය. නිදා සිටි දේවාලගේ ජටාව පෑගිණි.
මා පාගන්නේ කවුදැයි ඇසීය.
ඇදුරුතුමනි මමයි. එම්බා කූට ජටිලය. කැලෑවේ සිට ඇවිත් මෙග් ජටාව පාගන්නේ ඇයි. ඇදුරුතුමනි! මම ඔබ මෙතැන නිදන බවක් නොදත්තෙමි. මට සමාවන්නැයි ඉල්ලීය. එළියට ගියේය. දේවාල තවුසා ඔහු ආපසු එන විටත් මා පාගයි සිතීය. එබැවින් හිස තැබු දිසාවට පයත් පය තැබු දිසාවට හිසත් තබා නිදා ගත්තේය.
නාරද තවුසා ආපසු ආවේය. මම පළමුකොට ඇදුරුතුමා වරදක් කළෙමි. දැන් මම ඔහුගේ පා ඇති පැත්තෙන් යමීයි සිතීය. ඒ පැත්තෙන් ගියේය. එවර දේවාල තවුසාගේ බොටුව පෑගිණි.
මගේ බෙල්ල පාගන්නේ කවුදැයි කෝපයෙන් ඇසීය.
අැදුරුතුමනි, මමයි.
ඇයි කූට ජටිලය. තොප පළමුව මගේ ජටාව පෑගුවේය.
දෙවැනුව මගේ බෙල්ල පෑගුවේය. මම තට ශාප කරමි කීවේය.
ඇඳුරුතුමනි, මගේ වරදක් නැත. මම ඔබ මෙසේ නිදන බවක් නොදත්තෙමි. පළමුව ඔබට කරදරයක් වු නිසා පා ඇති පැත්තෙන් ආවෙමි. එවිට ඔබ ඒ පැත්තට හැරි සිටියේය. ඇදුරුතුමනි නොදැන වු දේට මට සමාව දෙනු මැනවි.
කූට ජටිලය, නිදහසට කරුණු අවැසි නැත. තොප මා පෑගුවේය. කූට ජටිලය, මම තොපට ශාප කරමි.
ඇදුරුතුමනි එසේ නොකළ මැනවි.
එය දේවාල තවුසා නොපිළි ගත්තේය. ෙත්ජෝ බලයෙන් අඳුර නසන හිරු දෙවියෙනි. ලොවට උදා වුණු සමගම මේ ජටිලයාගේ හිස පැලේවා සත්කඩයක වෙන්වේවා යයි ශාප කළේය.
මෙග් දෝෂයක් නැතැයි කියද්දී ඔබ මට ශාප කරයි.
මා නිදොස් බැවින් දෝෂය ඇති අයගේ හිස මුදුන පැලේවා. නාරද තවුසා පැතුවේය.
ධම්මපදට්ඨ කථා අැසුරෙනි
හලලියේ කරුණාතිලක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd