IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වඳ පෙති කියා ඖෂධයක් ලෝකයේ කිසිම තැනක නෑ - විශේෂඥ වෛද්‍ය පිරිසක් කියති

(සුජිත් හේවා ජුලිගේ)  
වඳපෙති යනුවෙන් හඳුන්වන ඖෂධ විශේෂයක් ලෝකයේ කිසිම තැනක නැතැයි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විශේෂඥයෝ පිරිසක් කියති. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ඖෂධ, පෙති, කුඩු හෝ එන්නත් මගින් කිසිම පුද්ගලයකු වඳ භාවයට පත්කළ නොහැකි බවද කායික රෝග විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ඇතුළු එම විශේෂඥ ​වෛද්‍ය මණ්ඩලය කියා සිටියහ. 

යට ඇඳුම්වල යම් යම් රසායන ද්‍රව්‍ය තවරා පුද්ගලයන් වඳභාවයට පත් කළ හැකි බවට පැතිර යන මතය ද සාවද්‍ය යැයි ඔවුහු පවසති. විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම මේ අදහස් පළ කළේ කොළඹ 7 ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශාලාවේදී පසුගිය 15 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.


සමාජයේ මේ දිනවල ඉහළ කතාබහට ලක්ව පවතින වඳ පෙත්තේ විද්‍යාත්මක පදනම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ස්වේච්ඡාවෙන් හා තම පෞද්ගලික වියදමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවූ බව එම වෛද්‍යවරු පැවසූහ.


පුද්ගලයකු වඳභාවයට පත් කළ හැකි “වඳ පෙති” නමින් කිසිදු ඖෂධයක් ලෝකයේ හෝ බටහිර විද්‍යාවේ නොමැති බවට තහවුරු කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන් 143 දෙනකුගේ අස්සන් යෙදූ ලේඛනයක් ද එහිදී මාධ්‍යවේදීන් අතට පත් කෙරිණි.


මෙහිදී අදහස් දැක්වූ ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය මෙසේ පැවසුවාය. ජනවර්ගයක හෝ ජන කණ්ඩායමක ප්‍රජනක සරු බවට සැලකිය යුතු බලපෑමක් කළ හැකි ඖෂධ වර්ගයක්, පෙත්තක් මෙතෙක් ලෝකයේ කොහේවත් නැහැ. ඖෂධයකට එවැනි තත්ත්වයක් ඇති කිරීමේ හැකියාව ද විද්‍යාත්මකව සනාථ වී නැහැ. කාන්තාවන්ගේ පාවිච්චිය සඳහා උපත් පාලන පෙති හා එන්නත් ලෝකය පුරා තිබුණත් ඒවායෙන් සිදුකරන්නේ කාන්තාවන්ගේ ගැබ් ගැනීමේ හැකියාව තාවකාලිකව නැවැත්වීම පමණයි. නමුත් පිරිමියකු තුළ තාවකාලිකව වඳ බවක් ඇති කළ හැකි කිසිම ගිලින පෙත්තක් ලෝකයේ කිසිම තැනක නැහැ. කෙසේ වෙතත් ඇතැම් රෝගවලට දීර්ඝ කාලීනව භාවිත කරන යම් යම් ඖෂධ හේතුවෙන් කෙනකු තුළ මඳ සරු බව ඇති විය හැකි වුවත්, එම ඖෂධ තනි මාත්‍රාවක් හෝ  මාත්‍රා කිහිපයක් පාවිච්චියෙන් එවැනි තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. ඖෂධ මගින් ඇති වන මඳ සරු බව එම ඖෂධ පාවිච්චිය නතර කිරීමෙන් යථා තත්ත්වයට පත්වෙනවා. කොහොම නමුත් ලියාපදිංචි බටහිර වෛද්‍යවරයකුගේ බෙහෙත් වට්ටෝරුවක් නැතිව එවැනි ඖෂධ වර්ග නිකුත් කරන්නේ නැහැ. 


කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය:-
ආහාර සමග යම් යම් පෙති වර්ග මිශ්‍ර කිරීමෙන් පුද්ගලයන් තුළ වඳභාවයට පත්වන බවට සමාජය තුළ අනියත බියක් පැතිර යමින්ප වතිනවා. මෙය සම්පූර්ණ බොරුවක්. වඳභාවයට පත් කළ හැකි පෙති වර්ග ලෝකයේ කොහේවත් නැහැ.මේ බොරුව පරාජය කළ යුතුයි.


මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා:- අම්පාරේ ගැටුම ඇතිවුණේ කොත්තු රොටියක වඳ පෙත්තක් තිබූ බවට පැතිරුණු කතාවකින්. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒ කොත්තු රොටිය පරීක්ෂා කළා. කොත්තු රොටියේ තිබුණේ පිටි ගුලියක් මිස “වඳ පෙත්තක්” නොවන බව රස පරීක්ෂක නිලධාරීන් තහවුරු කළා. අපි ඒ තීරණය පිළිගන්න ඕනෑ. යම් යම් රසායන ද්‍රව්‍ය තවරා පිළිකා ඇති කළ හැකි බවට පැතිරෙන කතාව ද විද්‍යාත්මකව සනාථ වී නැහැ.



අදහස් (0)

වඳ පෙති කියා ඖෂධයක් ලෝකයේ කිසිම තැනක නෑ - විශේෂඥ වෛද්‍ය පිරිසක් කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 209 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site