(අජන්ත කුමාර අගලකඩ)
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා 16 දෙනාගේ කණ්ඩායම යන ප්‍රදේශවලට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 23 දෙනා සහභාගි නොකරන්නැයි ආණ්‍ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
දහසය දෙනාගේ කණ්ඩායම ඉකුත් බ්‍රහස්පතින්දා (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව 16 දෙනාගේ කණ්ඩායම ප්‍රසිද්ධියේ කියා සිටියදී ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ශ්‍රීලනිපය එජාපය සමග දිගටම ආණ්ඩුව කරන බවට ප්‍රකාශ කිරීම මෙම ඉල්ලීම කිරීමට හේතු වී ඇතැයි පැවැසේ.
මෙවැනි තත්ත්වයක් තුළ, ඔවුන් සමග ගොස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකළ නොහැකි බව 16 දෙනාගේ කණ්ඩායම ජනාධිපතිවරයා හමු වී ප්‍රකාශ කර ඇත. ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම යන ප්‍රතිසංවිධාන කටයුතුවලට ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් සම්බන්ධ වන්නේ නම් තමන් ඊට සහභාගි නොවන බව 16 දෙනාගේ කණ්ඩායම ජනාධිපතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ.
මෙම සාකච්ඡාවට 16 දෙනාගේ කණ්ඩායමෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපි යන තැන්වලට ආණ්ඩුවේ ශ්‍රීලනිපය එවන්න එපා