


ඉතාලි රායි රූපවාහිනී නාළිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයකු වන ලූකා නොවෙල්ලි මහතා විසින් රචිත ආදම්ගේ පාළම යනුවෙන් හැඳින්වූ ග්‍රන්ථය ජනගත කිරීම පසුගිය 12 වැනිදා ඉතාලියේ මිලානෝ හි අලෙස්සන්දෝ මන්සෝනි ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් ඉතාලි ජාතිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වන ලදී.
ඉතාලි ජාතික ප්‍රවීණ චිත්‍ර ශිල්පී, තාරකා විද්‍යාඥ, ෙෆදරිකෝ කනොබ්බියෝ විසින් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන පසුබිම් කරගනිමින් චිත්‍රයට නගන ලද චිත්‍ර ප්‍රදර්ශනයක් මීට සමගාමීව මිලානෝහි බොල්සනි ගැලරියේදී පවත්වන ලදී. මෙම ප්‍රදර්ශනය ඉතාලි ජාතිකයන් ඇතුළු විදේශිකයන් විශාල පිරිසක් නැරඹූහ.
මාධ්‍යවේදී ලූකා නොවෙල්ලි මහතා විසින් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කොට දැක බලාගෙන එක්රැස් කරගත් තොරතුරු ද සොයා ගැනීමට නොහැකි පරාදීසය ලෙස සඳහන් වූ පැරැණි ලිපි ලේඛන ද ආශ්‍රිතව රචනා කොට ඇති මෙම ග්‍රන්ථය මගින් ශ්‍රී ලංකාවේ ගෝලීය පිහිටීමේ වටිනාකමත් එහි සුන්දරත්වයත් අතීත මානව ශිෂ්ඨාචාරයත් පිළිබඳව වර්ණවත් හැඳින්වීමක් කරයි.
හොඑප්ලි පොත් ප්‍රකාශන සමාගම විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීප් සේරම් මහත්මියයි.
ශමින් පණ්ඩිතරත්න
මිලානෝ ඉතාලිය
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා පාරාදීසය ‘ආදම්ගේ පාලම’ කෘතිය ඉතාලියේදී දොරට වඩී