IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ආත්ම විශ්වාසයකින් යුතුව ජීවිතයට මුහුණ දෙමු

ඕනෑම මනුෂ්‍යයෙක් හෝ මනුෂ්‍ය සමාජයක් පෙරට යාමට නම් අරමුණු හා ඉලක්ක ඒ සමග බද්ධ විය යුතුය. නිසි අරමුණක් හෝ බලාපොරොත්තුවක් නැති ජීවිතයක ඉදිරියක් හෝ දියුණුවක් නොපෙනේ. තරගකාරී පරිසරයක් අනිවාර්යයෙන්ම වැළඳ ගැනීමට සිදුව ඇති අපට අප ගැනම දැඩි අවබෝධයක් හා විශ්වාසයක් ඇතිව කටයුතු කිරීම සුදුසුම දෙයකි.   
කුමන ප්‍රශ්න තම ජීවිතයට දැන් මෙන්ම ඉදිරියේදී බලපෑවත් තිර අදිටනක් මත ක්‍රියා කළ හොත් ඕනෑම අවහිරතාවකින් කරදරයකින් තොරව බේරීයාමට මෙන්ම ක්‍රමික දියුණුවක් ඇතිකර ගැනීමටත් එය පිටිවහලක් වනු නියතය.   


මේ සඳහා ඇති තරම් නිදසුන් අපි ජීවත්වෙන සමාජ පරිසරය තුළින් සොයාගත හැක. ප්‍රංශ ජන සමාජය දෙස මඳක් විපරම් ඇසකින් බැලුවහොත් ප්‍රංශ ජාතිකයින්ගේ ජීවන රටාවේ හැසිරීම්වල සමහර අංශයන් අපට ඉමහත් ආදර්ශයක් ලෙස ගතහැක. ප්‍රංශ දෙමාපියන් තම දරුවන්ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නිතරම උත්සාහ ගන්නා අයුරු අපට දැකිය හැක. තම දරුවනට නිරතුරුවම නිවැරදි මගපෙන්වාදීමට ඔවුන් ක්‍රියා කරති. දරුවන්ගේ ප්‍රශ්න ගැන දරුවන් සමග මිත්‍රයින් ලෙස මෙන්ම විවේචකයින් ලෙසත් තම තමන්ගේ අදහස් හා උදහස් හුවමාරු කර ගන්නා අයුරුත් අපේ දෙසවනට නිතරම ඇසේ.   


ප්‍රංශයේ බොහෝ දෙමාපියන් තම දරුවන්ට ජීවිතයේ ජයග්‍රණයක් ලබාගැනීමට නිවැරදි මාර්ග හා පහසුකම් ඔවුන්ට ලබාදුන්නත් තම දූ දරුවන්ගෙන් අනාගතයේදී ඔවුන් ඒ වෙනුවට කිසිවක් බලාපොරොත්තු නොවීමත් විශේෂ පොදු ලක්ෂණයකි. තමන් වයසට ගියවිට තමන්ගේ සුවදුක් බැලීමට තම දරුවන් පැමිණෙන්නේ නම් එය ඔවුනට ඉතාමත් සතුටට කරුණකි.   


මහලු වයසට ගිය කල තම දරුවන්ගෙන් මූල්‍යමය හෝ භෞතික ආධාර මෙම දෙමාපියන් බලාපොරොත්තු නොවන බව පැහැදිලිවම දැකිය හැකිය. එයට මූලික හේතුව මෙම දෙමාපියන් තමන් තම ජීවිතයේ සැඳෑ සමයට පිය නැගූ කල කාටවත් අත නොපා ජීවත් වීම සඳහා අවශ්‍ය ජීවිත සුරක්ෂිතාංග එනම් විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය රක්ෂණයන් නිවාස හා නවාතැන් පහසුකම් ආදිය. දිගුකාලයක සිටම ඔවුන් විසින් තම අනාගතය වෙනුවෙන් සැලසුම්කොට ඇති නිසා ඔවුනට එවැනි දේවල් තව කෙනෙකුගෙන් බලාපොරොත්තු වීමට ද වුවමනාවක් ඇති නොවේ.   


ප්‍රංශ සමාජයේ ඇතිදැඩි වන දරුවන් අවුරුදු 18 ලබන විටම බොහෝ දෙනෙක් දෙමාපියන්ගෙන් ඈත්ව වෙනම ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරති. අධ්‍යාපනයේ යෙදී සිටින දරුවෙක් නම් අධ්‍යාපනය අතරතුර අර්ධකාලීන රැකියාවක් සොයාගෙන මහල් නිවාසයක තමන්ටම කියා කුඩා කාමරයක් කුලියට ගෙන තම ජීවිතයේ ඉදිරිය ගොඩනගා ගැනීමට ඔවුන් නිතරම උත්සුක වී ඇත.   


පැරිසියේ මා රැකියාව කරන ස්ථානයට අර්ධකාලීන රැකියා සඳහා පැමිණ සිටින ප්‍රංශයේ නොද්, ඩෝපින් විශ්වවිද්‍යාලයේ දේශපාලන හා ව්‍යාපාරික අාර්ථික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධි පාඨමාලා හදාරණ ප්‍රංශ ජාතික තරුණ සිසුවා හා සිසුවිය සමග නිරතුරුවම අදහස් හුවමාරු කරගන්නා මම ඔවුන්ගේ අනාගත අපේක්ෂා පිළිබඳව විමසුවෙමි. ඔවුන්ගෙන් මට ලැබුණු එකම පිළිතුර වූයේ තම දෙමාපියන්ටත් වඩා ඉතා හොඳ ආර්ථික පරිසරයක් මෙන්ම ජීවන වටපිටාවක් ගොඩනගා ගැනීම ඔවුන්ගේ එකම අදිටන බවයි.   
අධ්‍යාපනය ගැන ඔවුන් තුළ ඇත්තේ දැඩි ඇල්මකි. කැමැත්තකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතිහාසය ගැන මා සමග කථා කිරීමට ඔවන්ට ඇත්තේ බලවත් රුචියකි. ප්‍රංශ දරුවන්ට ලංකාවේ දරුවන්ට වඩා අධ්‍යාපන පහසුකම් තිබෙන බව සැබෑවකි. ප්‍රංශ දරුවන් අධ්‍යාපනය ගැන ඇති ඇල්ම හා රුචිය ඉහළ තැනක පවතින බව ප්‍රකාශ කළ යුතුය. ප්‍රංශ පාසල් අධ්‍යාපනය ගත්තත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙස බැලුවත් ශිෂ්‍යයා ග්‍රන්ථ තුළටම ගුලි නොකොට ප්‍රායෝගික ලෝකයටත් ක්‍රීඩා ලෝකයටත් ශිෂ්‍යයින් යොමු කිරීමට ප්‍රංශ අධ්‍යාපන රටාවේ මූලික ඉලක්ක බවට පත්වී ඇත. විශේෂයෙන්ම විධිමත් අධ්‍යාපනය පාසලෙන් ලබාගන්නා ප්‍රංශ ශිෂ්‍යයන් අවිධිමත් අධ්‍යාපනය ක්‍රීඩා පිටියෙන් හා බාහිර පරිසරයෙන් මනාව ලබා ගනිති. මෙම නිසා පූර්ණ අධ්‍යාපනයක් මොවුන් ලබන බව නම් ප්‍රත්‍යක්ෂ කරුණකි.   


ප්‍රංශ ජන සමාජය තුළ ආත්ම විශ්වාසය කියන දෙය ඕනෑවටත් වඩා තිබෙන බව පැහැදිලිය. ප්‍රංශ දෙමාපියන් දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලදීත්, දරුවන් දෙමාපියන් හා අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නවලදී වුවත් එතරම් කලබලවීම් විනාශ කිරීම් වැනි ක්‍රියාවලට නැඹුරුවීමක් අපට එතරම් දක්නට නැත. ප්‍රංශ දෙමාපියන් ජීවිතය දෙස මහ මෙරක් ලෙස කල්පනා නොකරනවා මෙන්ම, ජීවිතයේ හමුවෙන ප්‍රශ්න ජීවිතයට ප්‍රශ්නයක් නොකරගෙන ජීවත්වීමට ඔවුන් උත්සාහ කරන බව පෙනේ. මෙය ඇත්තෙන්ම අපට ගත හැකි ඉතා හොඳ ආදර්ශයකි.   


එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඇගයීම් වාර්තාවකට අනුව ලොව මිනිසුන්ට ජීවත්විය හැකි හොඳම රට ලෙස නම් කරනු ලැබුවේ ප්‍රංශයයි. මෙම ඇගැයීම සඳහා ඔවුන් පාදක කොටගෙන ඇත්තේ සෞඛ්‍ය පහසුකම්, ආරක්ෂාව, නිවාස ලබාගැනීමේ පහසුකම්, අධ්‍යාපනය යන මූලික සිද්ධාන්තයන්ය.   


එමනිසා ප්‍රංශ සමාජයෙන් අපට ගත හැකි හොඳ ගුණාංග ​රැගෙන අපේ ජීවිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට අද සිටම පෙළ ගැසෙමු. 

 
සුදත් ප්‍රනාන්දු   
ප්‍රංශයේ පැරිස් නුවර සිට 



අදහස් (0)

ආත්ම විශ්වාසයකින් යුතුව ජීවිතයට මුහුණ දෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site