IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බසයේ අසුනක් බෙදාගන්න බැරිව දොස්තර දේශපාලන හයිය පෙන්වලා

(මහියංගණ - රංජිත් කරුණාවීර)

මගී බස් රථයක වෙන්කර තිබූ  ආසනයක වාඩිවී සිටි වෛද්‍යවරයකු බව කියන පුද්ගලයෙකු බස් රථයට ගොඩවූ සංඝයාවහන්සේලා පිරිසකට එම ආසනය ලබා නොදී දෙනෝදහක් මගීන් ඉදිරිපිට සිය දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වා මගීන්ද සමග බස් රථය පොලීසියට රැගෙන යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය.  


 සිද්ධිය මෙසේය.


කොළඹ - බිබිල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රියකි. බස් රථයේ පූජ්‍ය පක්ෂයට වෙන්කර තිබූ ආසනයේද මගීහු වාඩිවී සිටියහ. 


බස් රථය වරකාපොළ ප්‍රදේශයට ලඟා වෙද්දී බසය නතර කළ පසු සංඝයාවහන්සේලා තුන් නමක් ඊට ගොඩ වූවේ බිබිල නගරය වෙත යාමේ අපේක්ෂාවෙනි.


සංඝයාවහන්සේලාට හිමි ආසනය ලබා දීමට එහි වාඩිවී සිටි පිරිසක් කැමැත්ත පළ කළද එහි සිටි වෛද්‍ය අධිකාරීවරයෙකු යැයි කියාගත් අයෙකු ක්‍රියා නොකිරීම නිසා ඊට මැදිහත්වූ කොන්දොස්තරවරයා  සංඝයාවහන්සේලාට හිමි ආසනය ලබා දෙන ලෙස ඔහුගෙන් කාරුණික ඉල්ලීමක් කළේ එය සිදුවියයුත්තක් බවට ඒත්තු ගන්වමිනි. එහෙත් ආසනය දීම ප්‍රතික්ෂේප කළ  හෙතෙම කොන්දොස්තර සමග පැටළුණේ සිය අයිතිවාසිකම් පිළිබඳව පවසමිනි. දෙපිරිස අතර ඇතිවූ කතාබහ බැණ ගැනීමක් දක්වා දුර දිග ගිය අතර එහි සිටි  රෝහල් වෛද්‍ය අධිකාරීවරයා ලෙස හඳුන්වාගත් පුද්ගලයා සිද්ධියට විරෝධය පාමින් මහනුවර නගරයෙන් බැස ගියේ දැඩි කෝපයකිනි.


අනතුරුව හෙතෙම ඒ පිළිබඳව සිය දේශපාලන ඥාතියෙකුට ද ඒ බව දුරකතනයෙන් දැන්වීමට ක්‍රියා කළ අතර දේශපාලකයාගේ අනුහසින් බස් රථයේ ගමනාන්තය වෙනුවට මගීන්ද සමග බස් රථයට මහියංගණ පොලීසිය වෙත යාමට සිදුවිය. මේ හේතුවෙන් බිබිල බලා යාමට පැමිණි මගීහුද දැඩි අපහසුතාවකට පත්වූහ.


 අවසානයේ සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර මහතාට ද මැදිහත්වන්නට සිදුවිය.

 



අදහස් (2)

බසයේ අසුනක් බෙදාගන්න බැරිව දොස්තර දේශපාලන හයිය පෙන්වලා

jayantha Thursday, 14 June 2018 03:59 AM

ඔහොම හැසිරුණහම දොස්තරට ලැජ්ජයි....

:       0       38

lanka Thursday, 14 June 2018 05:21 AM

දොස්තරලානේ. දැන් ඉන්න දොස්තරලට හැදියාවක් නෑ

:       1       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site