IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


බුලත්විට කන බෑනාට මාමාගෙන් පඩික්කමක්

බුලත්විට කෑමට  තදින් ඇබ්බැහිවූ තම බෑනාට ගෙට ගෙවදින උත්සවයේදී තෑගි ලෙස පඩික්කමක් ගෙන ගොස් දුන් මාමණ්ඩියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප‍්‍රදේශයේ ගමින් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. විවාහ වී දරුමල්ලන් කීප දෙනකු ද සිටින බෑනා තවමත් පදිංචිව සිටින්නේ මාමණ්ඩියගේ නිවසේමය. රියදුරු රැකියාව කරන බෑනා තදින්ම බුලත්විට කෑමට ඇබ්බැහිවීම පිළිබඳව මාමා සිටින්නේ දැඩි කේන්තියෙනි. ඊට හේතුව නිවසේ ඉදිරිපස  පිළ ද මිදුල ද අලංකාර මල් පඳුරු ද බෑනාගේ බුලත්විට කෙළවලින් නිතරම දුර්වර්ණ වී අපවිත‍්‍රව පැවතීමය. මේ අවනඩුව පිළිබඳව වරක් දෙවරක් නොව සිය වතාවකටත් වඩා බෑනා හා මාමා අතර උණුසුම් වචන හුවමාරු වුව ද ඔහුගේ බුලත් විට කෑම නැවැත්වීමට මාමා අපොහොසත් විය. මේ අතර කලකට පසුව සියලූ දෙනාගේ උදව් උපකාර ඇතිව මාමාගේ නිවසට තරමක් දුරින් බෑනා නව නිවසක් ඉදිකිරීම ආරම්භ කළේය. බෑණා නව නිවස  ඉදිකොට ගෙන තම නිවසින් තොලොංචි වී යන්නේ කවදාදැයි මාමා දිනගනිමින් පසුවිය. බෑණාගේ  ගෙට ගෙවදින දිනය දැන ගැනීමත් සමගම මාමාට තරමක ගැටලූ සහගත තත්ත්වයක් උදාවූයේ එදිනට ලබාදෙන්නේ කුමක්දැයි කල්පනා වීමත් සමඟය. මේ පිළිබඳව කීප දෙනකුගේ අදහස් විමසීමෙන් අනතුරුව එක් පුද්ගලයකු අපූරු යෝජනාවක් කළේය. ”මහත්තයෝ බෑණාගේ විට කෑමටත්  තැන නොතැන නොබලා කෙළගැසීමටත් දැනමුතුකමක් දෙන්න අපි බෑණාට පඩික්කමක් තෑගි  දෙමු.” මේ අදහසින් පසුව නගරයට ගිය හෙතෙම කඩ කීපයක සෝදිසි කිරීමෙන් අනතුරුව පන්සල්වල පාවිච්චියට ගන්නා ලොකුම ප‍්‍රමාණයේ පඩික්කමක් හොඳහැටි පාර්සල් කරවාගෙන පැමිණියේය. බෑණාගේ ගෙට ගෙවැදීමේ  සාදය ඉහළින් පැවැත්විණි. ඔහු තම බිරිඳටත් නොකියා රැගෙන ගිය පඩික්කම සහිත පාර්සලය බෑණා අතට දුන්නේය. පසු දින පාර්සල් එකිනෙක විවෘත කරන අතරතුර බෑණා පඩික්කම සහිත පාර්සලය ද විවෘත කළේ බිරිඳ හා දූ දරුවන් සියලූ දෙනාගේ සිනා හඬ මැදය. දැන් මේ ආරංචිය ඔහුගේ ඥාතීන් සියලූ දෙනා අතර පැතිරී ඇතත්  ඔහුගේ විට කෑම නං අඩු වී නැත.  



අදහස් (0)

බුලත්විට කන බෑනාට මාමාගෙන් පඩික්කමක්

තුසිත් Sunday, 08 July 2012 11:35 PM

බොරු කියන්න එපා තිළිණයෝ, ඔහේ දැන් කෙළ ගහන්නේ මම එදා දුන්න පඩික්කමටනේ

:       0       0

රුවන් Saturday, 07 July 2012 10:51 AM

මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ.ඉබ්බා දියට දාන්නද ඇහුවම ඈන්නෑවේ කියලා කිවුවලුනේ

:       0       0

ලලිත් Saturday, 07 July 2012 11:54 AM

විට කෑම අඩුවේවිද මාමා බෑණාට පඩික්කමක්‌ දුන්නම? නැත්නම් එයා ඕක අත අරින්නයි හිටියේ හැමතැනම කෙළ ගහන්න බැරි නිසා.

:       0       0

මාමා Saturday, 07 July 2012 11:24 AM

ධර්ෂණ - ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්

:       0       0

අකිල-dulaj Saturday, 07 July 2012 11:41 AM

මේක මහ මෝඩ වැඩක්නේ

:       0       0

නිශාර්ඩ් ප්‍රෙන් Saturday, 07 July 2012 01:02 PM

එතකොට බොන මාමාගෙන් බුලත් විටත් බලාපොරොත්තු වෙයි ද දන්නේ නැහැ .

:       0       0

සේනානායක Saturday, 07 July 2012 11:45 PM

අනේ බොරු නොකිය ඉදින් මාමේ .මේක පරණ කතාවක් .නාවලපිටි පැත්තේ

:       0       0

puncha Saturday, 07 July 2012 01:41 PM

නාකි බෑනා

:       0       0

තිලක් Sunday, 08 July 2012 05:35 AM

බොහෝම හොද මාම කෙනෙක්

:       0       0

සාරිවිට Sunday, 08 July 2012 07:59 AM

ඇත්තටම මේක මුලින්වුනේ නාවලපිටියේවත් කෑගල්ල පැත්තේවත් නෙවෙයි ගිලීමලේ.

:       0       0

ලංකා පෙරේරා Saturday, 07 July 2012 04:33 PM

ඔය විට කන එක නිකම්ම අඩුවෙලා යයි පිළිකාවක් කටේ හැදුනාම.. කියනදේ නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයිනෙ මාමෙ...

:       0       0

මහියංගන Tuesday, 10 July 2012 12:15 AM

බොරු කියන්න එපා මාමේ ... "තව පඩික්කමක් මොකටද මාමේ ...ඔහේගේ දුගේ පඩික්කම දුන්නනේ"

:       0       0

එටකිච්ච Sunday, 08 July 2012 09:20 PM

"තව පඩික්කමක් මොකටද මාමේ ...ඔහේගේ දුගේ කටත් පඩික්කමක් වගේ ...

:       0       0

තිලින දසුන් Sunday, 08 July 2012 09:54 PM

බොරු අනේ මට එහෙම එකක් දුන් නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 917 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1003 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 401 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site