බුලත්විට කෑමට තදින් ඇබ්බැහිවූ තම බෑනාට ගෙට ගෙවදින උත්සවයේදී තෑගි ලෙස පඩික්කමක් ගෙන ගොස් දුන් මාමණ්ඩියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප‍්‍රදේශයේ ගමින් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. විවාහ වී දරුමල්ලන් කීප දෙනකු ද සිටින බෑනා තවමත් පදිංචිව සිටින්නේ මාමණ්ඩියගේ නිවසේමය. රියදුරු රැකියාව කරන බෑනා තදින්ම බුලත්විට කෑමට ඇබ්බැහිවීම පිළිබඳව මාමා සිටින්නේ දැඩි කේන්තියෙනි. ඊට හේතුව නිවසේ ඉදිරිපස පිළ ද මිදුල ද අලංකාර මල් පඳුරු ද බෑනාගේ බුලත්විට කෙළවලින් නිතරම දුර්වර්ණ වී අපවිත‍්‍රව පැවතීමය. මේ අවනඩුව පිළිබඳව වරක් දෙවරක් නොව සිය වතාවකටත් වඩා බෑනා හා මාමා අතර උණුසුම් වචන හුවමාරු වුව ද ඔහුගේ බුලත් විට කෑම නැවැත්වීමට මාමා අපොහොසත් විය. මේ අතර කලකට පසුව සියලූ දෙනාගේ උදව් උපකාර ඇතිව මාමාගේ නිවසට තරමක් දුරින් බෑනා නව නිවසක් ඉදිකිරීම ආරම්භ කළේය. බෑණා නව නිවස ඉදිකොට ගෙන තම නිවසින් තොලොංචි වී යන්නේ කවදාදැයි මාමා දිනගනිමින් පසුවිය. බෑණාගේ ගෙට ගෙවදින දිනය දැන ගැනීමත් සමගම මාමාට තරමක ගැටලූ සහගත තත්ත්වයක් උදාවූයේ එදිනට ලබාදෙන්නේ කුමක්දැයි කල්පනා වීමත් සමඟය. මේ පිළිබඳව කීප දෙනකුගේ අදහස් විමසීමෙන් අනතුරුව එක් පුද්ගලයකු අපූරු යෝජනාවක් කළේය. ”මහත්තයෝ බෑණාගේ විට කෑමටත් තැන නොතැන නොබලා කෙළගැසීමටත් දැනමුතුකමක් දෙන්න අපි බෑණාට පඩික්කමක් තෑගි දෙමු.” මේ අදහසින් පසුව නගරයට ගිය හෙතෙම කඩ කීපයක සෝදිසි කිරීමෙන් අනතුරුව පන්සල්වල පාවිච්චියට ගන්නා ලොකුම ප‍්‍රමාණයේ පඩික්කමක් හොඳහැටි පාර්සල් කරවාගෙන පැමිණියේය. බෑණාගේ ගෙට ගෙවැදීමේ සාදය ඉහළින් පැවැත්විණි. ඔහු තම බිරිඳටත් නොකියා රැගෙන ගිය පඩික්කම සහිත පාර්සලය බෑණා අතට දුන්නේය. පසු දින පාර්සල් එකිනෙක විවෘත කරන අතරතුර බෑණා පඩික්කම සහිත පාර්සලය ද විවෘත කළේ බිරිඳ හා දූ දරුවන් සියලූ දෙනාගේ සිනා හඬ මැදය. දැන් මේ ආරංචිය ඔහුගේ ඥාතීන් සියලූ දෙනා අතර පැතිරී ඇතත් ඔහුගේ විට කෑම නං අඩු වී නැත.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න එපා තිළිණයෝ, ඔහේ දැන් කෙළ ගහන්නේ මම එදා දුන්න පඩික්කමටනේ
මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ.ඉබ්බා දියට දාන්නද ඇහුවම ඈන්නෑවේ කියලා කිවුවලුනේ
විට කෑම අඩුවේවිද මාමා බෑණාට පඩික්කමක් දුන්නම? නැත්නම් එයා ඕක අත අරින්නයි හිටියේ හැමතැනම කෙළ ගහන්න බැරි නිසා.
ධර්ෂණ - ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්
මේක මහ මෝඩ වැඩක්නේ
එතකොට බොන මාමාගෙන් බුලත් විටත් බලාපොරොත්තු වෙයි ද දන්නේ නැහැ .
අනේ බොරු නොකිය ඉදින් මාමේ .මේක පරණ කතාවක් .නාවලපිටි පැත්තේ
නාකි බෑනා
බොහෝම හොද මාම කෙනෙක්
ඇත්තටම මේක මුලින්වුනේ නාවලපිටියේවත් කෑගල්ල පැත්තේවත් නෙවෙයි ගිලීමලේ.
ඔය විට කන එක නිකම්ම අඩුවෙලා යයි පිළිකාවක් කටේ හැදුනාම.. කියනදේ නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයිනෙ මාමෙ...
බොරු කියන්න එපා මාමේ ... "තව පඩික්කමක් මොකටද මාමේ ...ඔහේගේ දුගේ පඩික්කම දුන්නනේ"
"තව පඩික්කමක් මොකටද මාමේ ...ඔහේගේ දුගේ කටත් පඩික්කමක් වගේ ...
බොරු අනේ මට එහෙම එකක් දුන් නැ