කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
දඩාවතේ ගිය වල් බල්ලා කාලයකින් නිවසට පැමිණිදාම රැකියාවට ගොස් පැමිණ ගෙහිමියකු වැටුණු අලි අමාරුවක පිළිබඳ අපූරු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
ගෙහිමියා මෙරට නමක් ගත් පෞද්ගලික ආයතනයක විධායකයෙකි. පදිංචිය අම්බලන්ගොඩය. ඔහු රැකියාව කළේ අම්බලන්ගොඩ සිට කිලෝමීටර් දෙතුන් සියයක් දුර පළාතකය. ඒ එම ආයතනයේ පළාත් භාර ලොක්කා ලෙසය. දුර වැඩි නිසා රැකියාවට යාම් ඊම් දවස ගානේ නොවීය. ඔහු එන්නේ සතියකට දෙකකට පසුවය.
නිවසේ ආරක්ෂකයා ලෙස සිටියේ වල් බල්ලෙකි. ඌ නිවසේ සිටි වෙලාවකට පිට කෙනකුට නිවසට ඒම බොරුය. ඒ නිසාම මොහු ඒ වල් බල්ලා සිය නිවසටම සින්නක්කර ගත්තේය.
බල්ලා දඩාවතේ යන කාලයට ගහේ ගලේ බැඳලා තිබ්බත් බේරා ගැනීම බොරුය. ඒ උගේ හැටිය. ගෙහිමි කත ඒ බව නොදනිතත් අපේ කතා නායකයා ඒ බව දනියි. බල්ලා දඩාවතේ යන කාලය ආවේය. ඒ නිසාම ඌ ෙගදරින් ගියේය. ගෙදර නොආවේය. අපේ මිනිහාද වැඩට ගොස්ය. සතියක් හමාරක් ගියේය. මේ නිසාම ගෙදර ආරක්ෂකයන් දෙදෙනාම රෑට නොසිටීම සම්බන්ධයෙන් ගෙහිමි කත සිටියේ කනස්සල්ලෙනි.දැඩි බියෙනි. ශෝකයෙනි.
කාලය කෙමින් ගෙවෙමින් තිබිණ. එදින පස්වරුවේ බල්ලා සිය නිවස ඉදිරිපිටට දුව ගෙන එනු ගෙහිමි කත දුටුවාය. ඒ ඇය මුළුතැන් ගෙයි සිටියදීය. වල් බල්ලා දින කිහිපයක් ගෙදර නොආ නිසා ඇය සිටියේ ඌ සමග උරණවය. මේ පාර ඌට ගුටි බැට දී සිය නිවසින් එළවිය යුතු යයි ඇය සිතා සිටියාය. ඒ අනුව මුළුතැන් ගෙයි තිබූ කොස්ස අතට ගෙන අද ද මම මතක් වුණේ දඩාවතේ ගිහිල්ලා ගිහිල්ලා අද තමයි එන්නේ හිටු මම තොට කරන දේ යයි කියමින් මර හඬ දී ගෙන කොස්සත් උස්සාගෙන නිවසේ ඉස්තෝප්පුවට එමින් සිටියාය.. මේ ශබ්දය ඇසී එම නිවස වටේ තිබූ නොවුස් කෙටි තාප්පයෙන් අහල පහළ අය බලන විටදී ඇය බැණ බැණ, කොස්ස උස්සාගෙන එන මාර්ගයේ මිදුලේ රැකියාවට ගොස් සතියකින් පැමිණි සිය සැමියාය.
මේ සමගම ඔහු වට පිට බැලුවේය. අහලපහළ අයගේ දෙනෙත් තමා ළඟය. අතරමඟදී හමුවී සිය නිවසට පැමිණි වල් බල්ලා පැත්ත පළාතේවත් නැත. මේ සිද්ධියෙන් කොස්ස උස්සාගෙන බැණ බැණ ආ නෝනාද අසල්වාසීන් දිහා බැලුවාය. තමා ඇත්තටම බැන්නේ වල් බල්ලාට වුවද එය සනාථ කිරීමට තරම් සාක්ෂියක් නොවූ නිසා ඇය අසල්වාසීන්ට මෙය නිවැරදි කිරීමට මේ දිනවල අවංක උත්සාහයක් දරමින් සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd