වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් බේරී යාමට රියදුරු බලපතක් නොමැතිව මෝටර්රියක් පැදවූ රියැදුරු රිය පාර මැද නවතා පයින් ගමන් කළ පුවතක් බරාගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ.
බරාගෙදර පාලමට ආසන්නව පොලිස් නිලධාරීන් නිතර නිතර බෙරවත්ත පඩිවෙල හරහා කුලියාපිටිය දෙසට ධාවනය වන රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටින ස්ථානයක් ඇත. රථ වාහන රියැදුරන්ට මෙම ස්ථානය ආසන්නට ළං වනතුරුම දැක ගත නොහැකිය. පසුගිය දිනක සවස් කාලයේ අලුත් මෝටර්රථයකින් බෙරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසක් කුලියාපිටිය ප්‍රදේශයට යමින් සිටියහ. මෝටර්රථය පදවා ගෙන ගිය රියැදුරාට රියදුරු බලපත්‍රයක් නොතිබිණි. බරාගෙදර අනගාරික ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලය පසුකර පාලමත් පසුකර ටිකදුරක් ඉදිරියට මෝටර්රථය ගමන් කොට එක වරම පාර මැද නතර විය.
එය පදවා ගෙන පැමිණි රියදුරා වාහනයේ තිබූ පාර්සලයක් අතින් අල්ලා ගෙන පොලිස් නිලධාරීන් ඉදිරිපිටින් කිසිවක් නොදන්නා අයකු ලෙසින් ගමන් කළේය. මෝටර්රථයේ වාඩි වී සිටි පිරිසට කර කියා ගත හැකි කිසිවක් නොවීය. පාර දෙපැත්තෙන් එන වාහන මෝටර්රථය අසලින් ගමන් කිරීමේ අසීරුතාවක්ද මතුවිය. වාහන තදබදය වැඩි වන හෙයින් එයට පිළියමක් වශයෙන් මෝටර් රථයේ පැමිණි අයකු කැමැත්තෙන් ඉදිරිපත් වී රියැදුරු අසුනේ වාඩි වී මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කොට පොලිස් නිලධාරීන් පසුකර යන විට එය නවත්වන ලෙස අණ කළේය. එහි සිටි පිරිස බිමට බැස පොලිස් නිලධාරීන් අසලට ගියහ. වාහනයේ රියැදුරා තමාද? පොලිස් නිලධාරියෙකු ප්‍රශ්න කළේය.
රියැදුරු බලපත්‍රය ඇතුළු වාහනයේ ලියකියවිලි සියල්ල පොලිස් නිලධාරියා පරීක්ෂා කළේය. පසුව මොකද වාහනය පාර මැද නතර වුණේ. කලින් වාහනය එළවා ගෙන පැමිණි රියැදුරා කෝ එයාට මෙහාට එන්න කියන්න. එයා කොහෙ ගියාද කියලා අපි දන්නෙත් නැහැ. වාහනය පාර මැද නතර කළා. එයා ඉස්සරහට ගියා. මෝටර් රථයේ සිටි අයගෙන් එක් තැනැත්තෙක් කීවේය. මට බොරු කියන්න එපා. මිනිහට ලයිසන් නැහැ නේද. එක වැරැද්දක් නොවෙයි. වැරදි දෙකක් කරලා තිබෙනවා. සර්, අපි මේ කුලියාපිටිය කැබැල්ලෑවල පන්සලේ බෝධි පූජාවකට යන ගමන්. අපිට යම්කිසි සාධාරණයක් කරන්න. රියැදුරු බලපත්‍රයක් නැති නිසා තමයි එයා ගියේ. පාර මැද්දේ වාහන නතර කරන සිරිකත් තියෙනවාද? ඔය ටිකට වාහන කීයක් අපහසුතාවට පත් වුණාද පොලිස් නිලධාරියා කියා ගෙන ගියේය. ඒ අනුව තරයේ අවවාද කොට මින් පසු එවැනි වැරදි නොකරන ලෙස දැනුම් දී එම ස්ථානයෙන් යාමට අවසර ලැබිණි. මෝටර් රථය ටික දුරක් ඉදිරියට ගමන් කරන විට රියැදුරු බලපත් නොමැති රියැදුරු මෝටර් රථයට ගොඩ වුණේ මුව පුරා නැගුණු සිනහවක් පාමිණි.
(බිංගිරිය - වික්ටර් සෝමවීර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිසන් නැති වුණත් මිනිහට මොළේ කළඳක් හරි තිබිලා තියෙනවා. එවෙලේ මොළේ පාවිච්චි කරලා දඩයක් නොකා එයා ශේප් වෙලා ගියා. (නි)
ලයිසන් නැති අයත් එක්ක ගමන් යන අයත් ඊටහපන් (නි)
"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" කියන එක සත්‍ය බව පෙන්වන තවත් අවස්ථාවක්. (නි)
අපේ රටවල නීතියේ දුර්වලකම් නිසා කොපමණ අනතුරු වලින් මිනිසුන් මැරෙනවද? වාහන ලයිසන් දෙනවිට හොඳ පුහුණුවක් මාර්ග සංඥා ගැන අවබෝධයක් වගේම ඒ පදවාගෙන යන වාහනය ඉන්ෂුරන්ස් කරීම අනිවාර්ය කිරීම කරන්න. අනතුරු අඩුකර මහජන ජීවිත ආරක්ෂා කිරීම ඒ අදාළ බලධාරීන්ගේ වගකීම. (නි)
හොඳ පොලිස් නිලධාරියෙක් (නි)
සෑම් මොකද, යන්නේ කොහෙද මල්ලේ පොල්ද? (නි)
කුරුණෑගල ඉන්නේ තැනෙ හැටියට ඇනේ ගහන්ට දක්ෂ බුද්ධිමතුන්. (ම)
පොලිසිය රස්සාව හරියට දැනගෙන ඉඳලා නැහැ, රියදුරු නොමැති වාහනය පොලිසියට රැගෙන ගොස් රිමාන්ඩ් බාරයේ තියන්නට තිබුනා... (ර)
පද්මිණි, තැනේ හැටියට ඇණේ නොවෙයි, සිද්ධවෙන්න තිබුනේ තැනේ හැටියට හැසිරෙන්න. නැත්නම් පාරේ මැද වාහනය නවතා දමායෑමෙන් විශාල අනතුරක් වෙන්නට තිබුනා නේද (නි)
රූපවති නංගිගේ කතාව මමත් අනුමත කරනවා. ලංකාවේ මේවගේ දුර්වලකම් නිසා දවසකට අනතුරු කොපමණ සිද්ධ වෙනවද? (නි)