මාර්ග සංඥා කඩ කරමින් නීති විරෝධී අන්දමින් වාහන පදවන රියැදුරන් නීතියේ රැුහැනට කොටු කර ගැනීම සඳහා රාජකාරියේ යෙදී සිටින පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් මාර්ගයේ ඉදිරි ස්ථානයක සේවයේ යෙදී සිටින බව තමුන් ඉදිරියට පැමිණෙන රියැදුරන්ට දැනුම් දීම සඳහා තම වාහනයේ ප‍්‍රධාන විදුලි පහන ක‍්‍රියාත්මක කරමින් සංඥා කළ රියැදුරකු ඔහුටත් නොදැනීම තවත් එවැනිම පොලිස් නිලධාරීන් පිරිසකට කොටුවී දඩයක් ද ගෙවීමට සිදුවීමේ පුවතක් වාර්තා වේ.
සිද්ධිය මෙසේය
ප‍්‍රධාන මාර්ගයක ධාවනය වන වෑන් රථයකි. මාර්ග සංඥා කඩ කරමින් නීති විරෝධී අන්දමින් වාහන පදවන රියැදුරන් කොටුකර ගැනීම සඳහා සේවයේ යෙදී සිටින පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් මාර්ගය අයිනේ සිටිනු දැක ඔහු තම වාහනය ධාවනය කරන අතරතුර ඔහුගේ වාහනයේ ප‍්‍රධාන විදුලි පහන් දල්වමින් ඒ බව තමා ඉදිරියෙන් එන සෙසු වාහනවලට ද දන්වා සිටියේ කිසියම් යුතුකමක් ඉටු කරන පරිද්දෙනි. (මාර්ග පරීක්ෂාවේ යෙදෙන පොලිස් නිලධාරීන් මාර්ගයේ ඉදිරියෙන් සිටී නම් රියැදුරෝ තම වාහනයෙන් විදුලි පහන් ක‍්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් සෙසු රියැදුරෝ දැනුම්වත් කරති).
වාහන පරීක්ෂාවේ නිරත පොලිස් නිලධාරීන් පිරිස පසුකර පැමිණීම නිසා සිත සැහැල්ලූ කරගත් වෑන් රථයේ රියැදුරු මහතා වාහනයේ සිටි පිරිස සමග ද උජාරුවෙන් කතා කරමින් ජයග‍්‍රාහී ලීලාවෙන් තම වාහනය හැටට හැටේ පදවන්නට වූයේ නොකඩවාම තම වාහනයේ විදුලි පහන් ද විටින් විට ක‍්‍රියාත්මක කරමිනි.
කෙසේ වෙතත් ඔහුට ගමන් කරන්නට හැකි වූයේ කිලෝමීටර් දෙක තුනකටත් වඩා අඩු දුරකි. වේගවත් විසිල් හඬකින් ඔහු පියවි ලොවට පැමිණෙද්දී ඔහු ඉදිරිපසින් දැක ගන්නට ලැබුණේ පොලිස් රථවාහන අංශයක තවත් නිලධාරි පිරිසකි.
‘‘මොකෝ මහත්තයා මේ දවල් ලයිට් දාගෙන මේ තරම් වේගයෙන්’’ පොලිස් නිලධාරියා කාරුණිකව ඇසූ පැනයට නිහඬව සිටිනු විනා උත්තරයක් ඔහුට නොවීය.
රථවාහන අංශයේ නිලධාරී මහතා ඔහුගේ වාහනයේ ඇති වැරදි මෙන්ම සෙසු රියැදුරන්ට ද වැරදි කරන්නට අනුබල දීමේ ආදීනව කියා දෙද්දී තවදුරටත් මුනිවත රකිනු විනා ඔහුට කරන්නට අන් යමක් නොවීය.
අවසානයේ අනුන්ට නීති කඩන්නට උදව් කළ ඔහුට දඩ ගොඩකි. එකක් නියමිත වේග සීමාව ඉක්මවා වාහනය පැදවීමය. අනෙක රක්ෂණ සහතිකය රැුගෙන නොයාමටය. තව කිහිපයක් වාහනයේ අඩුපාඩුවලටය.
ඔහු දඩ කොළයත් රැුගෙන වාහනයට නගිද්දී වාහනයේම සිටි පොඩි එකෙක් ‘‘ඔබට සතුටුයි ද දැන්’’ යනුවෙන් කියනු ඇසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩකොල දීලා තියන්නේ පළිගන්න වගේනේ. පස්සෙන් එළවගෙන ගිහින් වැරදි හොයලා තියන්නේ. තව ටික දවසකින් පොලිසිය ගෙවල්වලට ඇවිල්ලත් දඩකොල දෙයි (නි)
ඉදිරියට එන වාහනේ ලයිට් ගහුවාම රියදුරන් නීතියට අනුව තමයි වාහනය ධාවනය කරනවා නම් පොලිසියට කරන්න තියෙන්නේ වාහන කිහිපයක් මහාමාර්ග වල ලයිට් ගහ ගහ එහාට මෙහාට දාවනය කරන්න. එතකොට මාර්ග විනය ඇතිවෙලා අනතුරු අඩුවේවි (හේ)
මදැයි ඉල්ලන් කෑමක තරම! (නි)
කල්ප, පොලිසිය පුරුදු පුහුණු කරලා තියෙන්නේ වැරදි කරන එවුන් පස්සෙන් එලවල අල්ලන්න තමයි. නැත්නම් කියන්නේ පොලිසිය ඇතුලට වෙලා ඉන්න කියලද අපරාධ කාරයෝ ඇවිල්ල අනේ සර් මාව අත් අඩංගුවට ගන්න මම අපරාධයක් කළා කියල බාර වෙනකම්. (රේ)
මට වහ කුප්පියක් දෙන්න. වෙන කියන්න දෙයක් නැහැ (නි)
පාරේ වේග සීමා දාලා නැත්නම් අධික වේගයෙන් ගියාට දඩ ගහන්න බෑ.ඒ වගේම ඉස්සරහ පොලීසියෙන් ඉන්නවා කියලා ලයිට් ගැහුවාම රියදුරන් හරියට යනවා.ඒකෙ මොකක්හ වැරැද්ද?(රේ)
පොලිසියට රාජකාරි කරන්න පස්සෙන් එලවන්න පුළුවන්. (ත)
මේ පුද්ගලයා ගැන මට නම් සතුටුයි. මම වුණත් ඔය වැඩේ කරනවා. සී සී ටී වී කැමරා සවිකරපු තැන් වල එබැව දැන්වීම් දාලා තිබෙන්නේ මොකද? වැරදි කරන්නාට කලින් දැන්වීමට. එහෙනම් පොලිසිය සිටින බව වැරදිකරන්නට දැන්වීම වරදක්ද? (නි)
රාජු, වැරදි කරන මිනිස්සු කලිම වැරදි වලින් නවත්වා ගැනීම සුදුසු නැද්ද? පොලිසිය කරන්නේ ගාන සොයාගැනීමක්. අපි නොදන්නා පොලිසිය. (නි)
අනේ අපේ පොලිසිය! දවසක් යාළුවෙකුගේ වෑන් එකක් නවත්තලා මොකුත් අල්ලාගන්න නැතිකොට වටේ කැරකිලා, හෙඩ් ලයිට් දාන්න කිවුවා. "මහදවල්ට මොන හෙඩ් ලයිට්ද? බලන්න ඕනෑනම් රෑ 8 ට මෙතනට වෙලා ඉන්න අාපහු යනවිට බලාගත හැකියි" කිවුවාම, හා හා යනවල අපි බලාගන්නම් කිව්වා. (නි)