උපයෝගිතා කොමිසමේ සභාපති වාහනයේ කුලියට අමතරව තවත් සල්ලි වෙනත් අයකුට ගෙවලා
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා රුපියල් 375,000ක මාසික කුලියට ලබාගෙන ඇති මර්සිඩීස් බෙන්ස් රථය සඳහා මාස හයකදී ගෙවිය යුතු කුලී මුදලට අමතරව රුපියල් 873,000 ට අධික මුදලක්ද සහිතව වාහනය ලබාගත් ආයතනයට නොව වෙනත් පුද්ගලයෙකුට ගෙවා ඇති බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ.