(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ගල්අඟුරු සපයා ගැනීමට විදුලිබල මණ්ඩලය මාස දෙකකට රුපියල් බිලියන 70 ක් හෙවත් කෝටි 7,000 ක් බැංකුවලින් ණය ලබාගත යුතු බවත් එම ණය ලබාගැනීමට නම් විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (12) පැවසීය.
මෙම මාසයට සහ පෙබරවාරි මාසයට ගල්අඟුරු ආනයනය සඳහා රුපියල් බිලියන 35 ක් බැගින් බැංකුවලින් ණය ලබාගැනීමට සිදුවන බව කී සභාපතිවරයා එම ණය ඉල්ලුම් කිරීමේදී ණය ගෙවන ආකාරය පිළිබඳව බැංකු විමසීමෙන් ණය ගැනීම අභියෝගයක් බව ද සඳහන් කළේය.
නොරොච්චෝලේ බලාගාරයේ මෙම මාසය සහ ලබන මාස ගල්අඟුරු අවශ්‍යතා සඳහා මාසයකට නෞකා 6 බැගින් නෞකා 12 ක් ගෙන්වීමට සැළසුම් කර ඇති බව කී සභාපතිවරයා පැවසුවේ එම ගල්අඟුරු තොගය ගෙන්වීමට නොහැකි වුවහොත් විදුලි සැපයුම දැඩි අර්බුදයකට පත්වන බවත්ය.
විදුලි ජනනය සඳහා අවශ්‍ය සියලුම ඉන්ධන මිලදීගැනීමට මුදල් නොමැතිවීමෙන් මේ වන විටත් දැඩි අර්බුදයකට පත්ව සිටින බවත් විදුලි ගාස්තු ඉහළ නොදැමුවහොත් තත්වය බරපතල වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ගල්අඟුරු නෞකාව ශ්‍රී ලංකාවට ළගා වුවත් මුදල් ගෙවන තෙක් ගොඩබෑම නොකරන බව කී සභාපතිවරයා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාව ද මුදල් ගෙවුවොත් පමණක් ඉන්ධන දෙන්නේ යැයි දැනුම්දී ඇති බවත්ය.
විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ දක්වා නිල වශයෙන් මණ්ඩලයට නොලැබීම නිසා විදුලි ගාස්තු මේ දක්වා ඉහළ දමා නොමැති බවත් ජනවාරි මස 1 වැනිදා සිට තාවකාලික විදුලි ගාස්තු ඉහළ දැමීමකට සහ පෙබරවාරි මස 15 වැනිදා සිට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු අන්තර්කාලීන විදුලි ගාස්තු ඉහළ දැමීමකට අනුමැතිය ලැබී ඇති බවත් සභාපතිවරයා කීය.
අන්තර්කාලීන සහ අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට හැකියාවක් නොමැති යැයි මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කළ හොත් ඒ අනුව කටයුතු කරන බව කී සභාපතිවරයා සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව ආණ්ඩුව ගන්නා ප්‍රතිපත්තිමය තීරණය මත කටයුතු කරන බවත්ය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදු කරන්නේ යැයි කියන කාරණය වඩාත් සංවේදී කරුණක් බවත් විදුලිබල මණ්ඩලයට ඉදිරියේදී මුදල් ලැබෙන ආකාරය මත එම කාලය තුළ විදුලිය කැපීම පිළිබඳව තීරණය ගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයට අරන් සේවකයින්ට බෝනස් දෙයිද දන්නේ නෑ. ඊට පස්සේ ඒ සේරම සාමාන්‍ය ජනතාවගෙන් අය කරගන්නනේ සැලැස්ම...!
මොනවා කරනවද මන්දා...? ලාබයි කියනවා බෝනස් අනම් මනම් ඕනෑ වුණාම. දැන් පාඩුයි. කොහොම හරි බලන්නේ මිනිස්සුන්ගේ පිටින් දාලා කරන්ට් කපනවා කියලා තර්ජනයක් කරලා බිල වැඩි කරන්න. ඒත් කමක් නැහැ කපන්නේ නැතිව විදුලිය දීලා. කපලත් වැඩි කරන්නේ කපන්නේ නැතිව නම් ඕනෑ ගාන කියලනේ... මහ පිස්සුවක් නෙවෙයිද?
හතර අතට පොලු තබා ඇති මණ්ඩලයට ණය දෙන්න බැංකු වල ලොක්කන්ට ඔල්මාදෙ ද?
ණය ගන්නේ බෝනස් ගෙවන්න වෙන්න ඇති...
Privatize CEB after chasing all useless lazy gang of workers especially engineers and gang of laborers. No one will buy or even quote for it with those herd of workers.