(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයන්ට රුපියල් බිලියන 40 ක් හෙවත් කෝටි 4000 ක් ගෙවීමට ඇති බවත් එම ණය මුදලින් බිලියන 3 ක් හෙවත් කෝටි 300 ක් වහලය මත සවි කරන ‘සෝලා’ හිමිකරුවන්ට ගෙවිය යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

එම මුදල් නොලැබීමෙන් අදාල විදුලි නිෂ්පාදකයන් බැංකු ණය ගෙවීමට නොහැකිව අපහසුතාවට පත්ව සිටින බව කී සෙනෙවිරත්න මහතා විදුලිබල මණ්ඩලය බැංකුවලින් ණය ලබාගෙන එම මුදල් ගෙවීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.