(විමුක්ති එස් රුද්‍රිගු)
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් අධිකරණයේ අද(12)කැඳවූ අවස්ථාවේදී එම නඩුව පෙබරවාරි මස 23 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් මහතා නියම කළේය.
ඕස්ට්‍රේලියානු පොලිසියට සාක්ෂි සුදානම් කිරීමට කල් ලබා දීම සඳහා නඩුව ලබන 23 වැනිදා දක්වා කල් තැබූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.
අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුක්ෂක ගුණතිලක අධිකරණයේ පෙනී නොසිටි බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කර තිබේ.
ඇප කොන්දේසි එලෙසම ඉදිරියටත් වලංගු බව නඩුව කල් තබමින් මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd